
(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ හින්දු කොවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුල බිළිදියක අතහැර දමාගොස් සිටියදි හමුවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.
ත්‍රිරෝද රථය දිනපතා කොවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවකු හඩන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක ඒ පිලිබදව තලවකැලේ පොලිසිය දැනුවත් කර ඇත.
දින 12-14 පමණ වයසැති බිළිඳිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත්, එම බිලිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියකුගෙන් මව් කිරි ලබා දි එම බිලින්දිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු උනත් දරුවා දාලගිහින් තියෙන්නේ කුමක් හෝ ප්‍රශ්නයක් නිසානේ. ආර්ථික ප්‍රශ්න, පව්ල් ප්‍රශ්න, පියෙක් නැති දරුවෙක් හෝ යම් ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් මේ විදියට හෝ දරුවා ආරක්ෂා කාරීව දාලගියපු එක ගැන සතුටු වෙන්න ඕනේ. වෙන අම්මලාවගේ දරුවන්.....
මේ නානව අපිට හදාගන්න ගන්න පුලුවන්ද උදවු කරන්න
ඒ බබා අපිට දෙන්න බැරිද
ඒ බබාව අපිට දෙන්නකෝ
බබෙක් ගන්න නම් ඒ් දරුවගෙ දෙමාපියන් සිටිනම් ඒ් දෙමාපියන්ගෙ කැමැත්ත එක්ක පරිවාස වාර්තවක් පරිාවස නිලදාරියගෙන් අරගන්න ඔනෙ ඒ් සියල්ල සමග සුදුසුකම් ලත් නීතීඥ වරයෙක් මර්ගයෙන් දිසා අධිකරනයෙ නඩුවක් පවරල දරුව කුල වද්ද ගෙනෙ එමට ඉල්ලන්න පුලුවන්. හැබැයි එකෙදි සලකල බලනව අවිවාහක යුවලක්ද එසේම් දෙදෙනගෙම කැමැත්ත තියෙනවද දරුව පෝෂනය සහ නඩත්තුවට ප්‍රමානවත් අදායම් මාර්ග තියෙනවද දරුව වෙනුවෙන් දේපොලක් වෙන් කරන්න ඇති හැකියව වගෙ දේවලුත් බලපානව එහෙම නැතිව ලමයි අරන් අමරුවෙ වෙටෙන්න එපා. තැරව්කරුවන්ට අහු වෙලා අන්තිමට හිරෙ යන්නයි වෙන්නෙ . මෙ වගෙ ඩෙවල් වෙන්නෙ ලිංගික අද්‍යපනයෙ දුර්වල කම නිසායි.