
(යොහාන් භාසුර)
දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පසුගියදා තේරී පත්විය.
දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ රැස්වීම මහාරාෂ්ට ප්‍රාන්තයේ බවුරිනගර්හි බෞද්ධ මහා විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
එහි ලේකම්වරයා ලෙස මහාචාර්ය නන්දදාස් අගලේ මහතා ද, උප සභාපතිවරයා ලෙස මහාරාෂ්ටයේ අස්සජී ස්වාමීන්වහන්සේ සහ නේපාලයේ ව්‍යවස්ථා සභාවේ සාමාජික කිං පෝ චිංම්ඩ් රිංපොචේ මහතා ද තේරී පත්වූහ.
වර්තමානයේ ඇති වී ඇති සමාජ, ආර්ථික හා පාරිසරික අර්බුදයට පිළිතුරක් ලෙස බෞද්ධ ජීවන ක්‍රමය සමාජගත කළ යුතු බව අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව සභාව අමතමින් පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරා ජීර්ණ දේශපාලනයෙන් ඉවත්වෙලා ඔය තනතුරේ වැඩටික හරියට කළොත් හරි...