
(අංජුල මහික වීරරත්න)
බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs)ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂික ව අවශ්‍ය වන මව්සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අවම වී තිබීම බවත් සෑම වර්ෂයකම මව්සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂයේ එම ප්‍රමාණය 40,000 දක්වා අවම වීම හේතුවෙන් බිත්තර මෙන්ම කුකුළු මස් නිෂ්පාදනයට ද එම තත්ත්වය බලපෑම් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ නිසා මව්සතුන් ආනයනය කළහොත් බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව් කිකිළි බිත්තර ආනයනය කරයි
Sunil Monday, 09 January 2023 10:40 AM
අශ්වයා ගියාට පසු ස්තාලය වැසීම.අනෙක් හැම රාජ්‍ය ආයතනයක් වගේම මේ අමාත්‍යාංශයත් වැඩේ නාගෙන .එයින් පීඩාවට පත් වන්නේ ජනතාවයි
සුරංග Monday, 09 January 2023 12:26 PM
ලංකාවෙ බිත්තර දමන්න පුළුවන් කිකිළියෝ හැදෙන්නේ නැද්ද කිරි ගන්න පුළුවන් වැස්සියන් හැදෙන්නේ නැද්ද ඔක්කොම රටින්ම ගේන්නෙ ඇයි.කුකුළන්ට අවශ්‍ය ආහාරයක් වත් ලංකාවෙ හදන්න බැරිද (ප්‍රේමදාස ජනාධිපතිතුමා 1993 දී ව්‍යාපෘති 15000 යටතේ තමයි මුලින්ම කුකුළන් ඇතිකිරීම වගේ ව්‍යාපෘති ඇගලුම් කම්හල් ඇතිකිරීමට අමතරව ඇතිකලේ කියලා කියන්න පුළුවන් එතෙක් ප්‍රධාන නගරයක වුනත් බිත්තර කුකුළ් මස් සුලභව තිබුනෙ නැහැ ප්‍රේමදාස ජනාධිපතිතුමා නොහිටින්න බිත්තරෙත් රටින්ම තමයි ) පිටරටදේ සිරිසැපදේ නේද පාලකයිනි