(යොහාන් භාසුර)
බිත්තර ලක්‍ෂ 50 ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය වාණිජ නීති විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බිත්තර කෝටි දෙකක් ආනයනය කිරීමට මේ වන විට රාජ්‍ය වාණිජ නීති විවිධ නීතිගත සංස්ථාව සැළසුම් කර ඇති බවත් පළමු අදියර යටතේ බිත්තර ලක්‍ෂ 50 ක් ආනයනය කරන බවත් එම නිලධාරියා කීය.
කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද, ඒ සඳහා කුමන ආනයනකරු තෝරා ගන්නේද යන වඩාත් වැදගත් සියලුම තීරණ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගනු ලබන බවත් හැකි ඉක්මනින් එම ක්‍රියාවලිය අවසන් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රටට ඩොලර් ගේන්න වැඩපිළිවලක් ඇති කරනවයි කියලා බලයට ආපු රනිල් ඇතුළු ඔහුගේ ආණ්ඩුව දැන් ඩොලර් පිට කරන හැටි...