විමල්ගේ දියණිය රෝගාතුරවී රෝහල් ගතකරයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබේ. 23 March 2017
මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට චෝදනා සිවිල් යුද්ධය සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු බදාදා (22) චෝදනා කළේය. 23 March 2017
මිහින්තලේ පාසලක මත්පැන් සාදයක් මිහින්තලේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක් පැවැත්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා අද (22) පරීක්ෂණයක් ආරම්භ කළේය. 22 March 2017
විමල් වීරවංශ උපවාසයක් අරඹයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) බන්ධනාගාරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව එහි ආරංචි කියයි. 22 March 2017
කොල්ලූපිටියේ විදුහලක සිසුහු 50 ක් බොරැල්ලේ බාලිකා විදුහලකට පැනලා කොල්ලූපිටිය ප්‍රධාන පෙළේ පිරිමි විදුහලක සිසුන් 50 දෙනකු පමණ ඊයේ (21) පෙරවරුවේ බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩාවැදී එහි ගුරුවරුන් දෙදෙනකට සහ මුරකරුට පහර දී විද්‍යාලයේ දේපළවලටද හානි සිදු කිරීම පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 22 March 2017
හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්නේ නෑමයි-අගමැති යුද අපරාධ සොයා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම මිස හයිබ්‍රිඩ් අධිකරණයක් කිසිසේත්ම පත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. 21 March 2017
පර්පෙචුවල් සමාගමේ පෙත්සම විභාගය හෙටට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පෙචුවල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2ක් ගොනු කර ඇති රිට් පෙත්සම් විමසීම හෙට (22) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 21 March 2017
විමල්ගේ ඇප අයදුම්පත විසිවේ රජයේ වාහන 40ක් අවභාවිත කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝදන ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියෝග කළේය. 21 March 2017
ජාතික සම්මාන උළෙලට ගිය ලූෂන් බුලත්සිංහලට බාධා ජාතික වීර දිනයට සමගාමීව නෙළුම් පොකුරණ රඟහලේ දී මේ වන විට පැවැත්වෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ගිය ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතාට ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වී තිබේ. 20 March 2017
තිස්සගේ නඩුවට ජනපති - අගමැතිට සිතාසි කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දීම සඳහා ජුලි 17 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය. 20 March 2017
විමල් යළි රිමාන්ඩ් රජයේ වාහන 40 ක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අප්‍රේල් 3 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 20 March 2017
විවේචකයන් සතුටු කරන්න අලුත් කොන්දේසියක් හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුමේ කෙටුම්පත් ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. හම්බන්තොට වරායේ සියයට 80% කොටස්වලට හිමිකම් කීමට නියමිත ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් කම්පැණි’ සමාගම වසර දහයකට පසු ආයෝජනයෙන් හතරෙන් එකක් ශ්‍රී ලංකා සමාගමකට පැවැරිය යුතු බවට වන වගන්තියක් ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි දැගන්නට තිබේ. 19 March 2017
ශ්‍රී ලංකාවට ලැබුණු කාල දිගුවට දෙමළ ජාතික සන්ධානයේ විරෝධය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට ලබාදී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අමතර කාලයක් ලබාදීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකරන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි. 19 March 2017
මොරටුවේ අනතුරින් තිදෙනෙක් මරුට මොරටුව එගොඩඋයනේ දී අද (18) සවස සිදු වූ බස් සහ ලොරි අනතුරකින් බස් නැවතුමේ සිටි මගීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 18 March 2017
පැහැරගත් නැව මුදා හරී කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන නෞකාව සෝමාලියානු මුහුදු කොල්ල කරුවන් විසින් මුදාහරිනු ලැබ ඇත. 17 March 2017
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවට වෙඩි නොතබන ලෙසත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සෝමාලියානු ආරක්ෂක අංශ වෙත ඉල්ලීමක් කර ඇත. 16 March 2017
වෙඩි හුවමාරුව නවත්වන්න මැදිහත්වන ලෙස ශ්‍රී ලාංකික කපිතාන්ගෙන් ඉල්ලීමක් සෝමාලියාවේදී පැහැරගනු ලැබූ නැවේ සිටින මුහුදු මංකොල්ලකරුවන් හා සෝමාලියා වෙරළාරක්ෂක භටයින් අතර වෙඩි හුවමාරුවක් සිදුවන බව මොගඩිෂු අගනුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි. 16 March 2017
කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න නැව් හිමියා සූදානම් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නැවේ සිටින පිරිස බේරාගැනීමට සඳහා කප්පම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් එය ගෙවා ඔවුන් බේරාගන්නා බව නැව් හිමියා ප්‍රකාශ කර ඇතැයි එම නැව් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු මහතා පැවසීය. 16 March 2017
තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නයි අනුර සේනානායක ඉල්ලයි රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බල කර සිටින බවයි. 16 March 2017
රෝහල් 4 කම ගිලන් රථ ගිලන්: ලෙඩා මරුට අලව්ව ප්‍රාදේශීය රෝහලට පසුගිය 2 වැනිදා රාති‍්‍රයේ ඇතුළත් කළ රෝගියකුට මූලික ප්‍රතිකාර ලබාදුන් එහි සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා රෝගියා වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවන ලෙස උපදෙස් දුන්නත් ඔහු එහි ගෙනයාමට අලව්ව රෝහල ඇතුළු ප්‍රදේශයේ රෝහල් හතරකින් ගිලන් රථයක් ලබාගැනීමට නොහැකිවී ඇති අතර පැය පහක ප්‍රමාදයකින් පසුව කුරුණෑගල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු එහිදී මියගොස් ඇත. 16 March 2017
අලුත් ව්‍යවස්ථාවකට හොඳම වෙලාව මෙයයි - දඹර අමිල හිමි කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කීහ. සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂටද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබුණු බවත්, දෙමළ අපේක්ෂකයන් නොවන බව කියමින් ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම ජනතාවගේ අපේක්ෂාව පෙනෙන්නේයැයි ද අමිල හිමියෝ පැවසූහ. 15 March 2017
පැහැරගත් නැව මුදා හැරීමට කප්පම් ඉල්ලයි සෝමාලියානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව යුරෝපා සංවිධානයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම නිවේදනය කරයි. 15 March 2017
මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක් ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ශ්‍රී ලාංකිකයන් බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙසට ආදාල ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දැන්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ පැවසුවාය. 14 March 2017
රජය වෙනුවෙන් ගයන්ත සමාව ගනී හෙළ විරුවන් 18 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සදහා මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. සිද්ධිය ගැන කනගාටුවට පත්වූ බවත් නොදැනුවත්කම නිසා මෙම අඩුපාඩුව සිදුව ඇති බවත් ඒ මහතා කීවේය 14 March 2017
අභියාචනාධිකරණය සයිටම් වෙනුවෙන් දුන් තීන්දුවට එරෙහිව ඇපෑලක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළේය. 13 March 2017
සයිටම් වෛද්‍ය විදුහල ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක් අද මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතය. 13 March 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට යයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය පූර්ව එකඟතාවයකට එළඹ ඇත. 12 March 2017
හම්බන්තොට වරායේ ගිවිසුම අනුව හමුදා කටයුතු තහනම් හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන වෙළෙඳ වරාය සමාගම අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. වරායේ ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට රජය සූදානම් වෙයි. කෙසේ වෙතත් අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව චීන සමාගමට එහි හමුදා කටයුතු කිරීම සම්පුර්ණයෙන් කර තිබේ. 12 March 2017
වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය 11 වැනි වරටත් ලංකාදීපයට වාර්ෂිකව පැවැත්වෙන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ලංකාදීපය පිට පිට 11 වැනි වතාවටත් වසරේ ජනප්‍රියම පුවත්පත ලෙස සම්මාන දිනා ගත්තේය. 10 March 2017
අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසම පැය පහකට අධික කාලයක් අද (10) ප්‍රකාශ ලබා ගත්තේය. 10 March 2017
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026