(ප්‍රසාද් රුක්මල්)
උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපත සම්බන්ධයෙන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තමන්ගේ ප්‍රශ්නවලට ලැබුණේ ක්ෂනික පිළිතුරු බවත් තම ජනතාවට අවශ්‍ය සෘජු පිළිතුරු බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“කැබිනට් අනු කමිටුව බණ්ඩාරවෙලට එනවා. තෑගි බෝග එපා. අත් දෙක වන වන එන්නත් එපා. නිකන් එන්නත් එපා. පිළිතුරු අරන් එන්න. අනුකමිටුව ගැන අපට විශ්වාසයක් නැහැ....මීට පෙරත් ඔය කමිටු තිබුණා.අපි එදා ලිපි දුන්නා. ආවද නැහැ.පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර තීරණ ගන්නේ.ඒ නිසා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි.එසේ නොවුණහොත් අපි රටේම ජනතාව එකතුකරගෙන මහා සටනක් කරනවා.“ යයි බදුල්ලේ දී අද(02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමන්ත විද්‍යාරත්න මහතා කීවේය.
“පසුගියදා ජනපතිවරයා එක්ක පැය 1යි විනාඩි 50ක සාකච්ඡාවක් තිබුණා.ඉන් අපට පැය එක හමාරක්ම කතා කරන්න දුන්නා. ජනපතිවරයා නිශ්ශබ්දව ඇහුම්කන් දුන්නා. එතුමා කිව්වා මමත් ඉන්නේ ඔය පැත්තේ කියලා. එහෙනම් මේ පැත්තේ ඇවිත් යන්න කියලා අපි කිව්වා“
“උමා ඔය නිසා ජනතාව අනාථ වෙලා. රජය මේ ජනතාව අනාථ කළා. ආණ්ඩුව වගකියන්න ඕන. නොර්වේ තාක්ෂණික නිලධාරීන් අගෝස්තු 01 වැනි දා එනවා කිව්වා .හැමදේම අපි ඇන ඇන කියන්න ඕනෑ.තාක්ෂණය ගේන්න කියලා. මධ්‍යම කඳුකරයේ මළගම වළලන්න කළින් එන්න. නාය ගියාට පසුව හාල් පොල් අරන් කැමරා අරන් මළ ගෙදරට ඇවිත් මාධ්‍ය සංදර්ශන තියන්න එන්න එපා.“
“තව කිලෝමීටර් පහක් උමග හාරන්න ඕන. ඒක බරපතල තත්ත්වයක්. අපි ජනපතිතුමාට වැඳලා කිව්වා ඒ කිලෝමීටර් පහ යන්න එපා කියලා. ආයේ අපිට කියන්න දෙයක් නෑ. තුන්වෙනි පාරට අපි කියන්න යන්නෙත් නැහැ.“ යයිද සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජ.වි.පෙ. එකේ වෙන අත්තක්ද?
හම්බන්තොට එයාර්පෝට් එක, කොළඹ පෝට් සිටිය, උමාඔය, ගෝල්පේස් පිට්ටනිය, මහින්ද ක්‍රීඩාංගනය, හම්බන්තොට වරාය, සයිටම් එක, ගෝල්ෆේස් පිට්ටනිය රටේ සංවර්ධනයේ නාමයෙන් තවත් කෙළවරක් නැති මගෝඩි වැඩ කලේ සල්ලි ගරා ගන්නයි.
හිටපු මහජන මන්ත්‍රී, සමන්ත විද්‍යාරත්න මැතිතුමා, ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටපු කෙනක් හැටියට දන්නවා යමක් කරනවිට යම් ක්‍රමවේදයන් තියන බව... ඒ නිසා ඔබ කියන විදිහට විසඳුම් දෙන්න බැහැනේ... ඒ නිසා ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඇත්ත තත්වය. විසඳුම් ඕන බව පිළිගන්නවා ඒ ගැන විවාදයක් නැහැ. මොකක් කලත් අපට වැඩක් නැහැ. දැන් නමුත් මේ සදහා විදේශිය දැනුම රැගෙන මෙය නැවත පටන් ගැනීම තම නුවණට හුරු නමුත් මේක අතරමග නැවතීම විශාල මුදල් නාස්තියක්.. ඒ නිසා ගරු මන්ත්‍රී තුමා, ඔබ රජයේ ප්‍රතිපත්ති හොඳින් දන්නා කෙනකු නිසා, ජනතාව කුපිත නොකර, ඔබ ජනපතිතුමා සමග ඍජු සම්බන්ධය තියාගෙන හැකි ඉක්මණින් ජනතාවට හොඳ විසදුමක් අරන් දෙන්න. මම ඔබට සුබ පතනවා. අනික ඔබේ ඉතිහාසය පිළිබඳ තිබෙන හසල දැනුම හා එය පහදාදෙන ආකාරය ඉතාමත් අගනේය...
පෝට් සිටි එකට මුහුද කළු ගලින් පුරවලා බැමි බැන්දාට පස්සේ 2015 දී ඒක නවත්වන්න කියලා කෑ ගැහුවා. එතකොට බිලියන ගණනක් වියදම් කරලා. වෙන්න ඕන විනාශයත් බොහෝ දුරට වෙලා ඉවරයි. උමා ඔයේ 75% විතර වැඩ දැන් අවසන්. බිලියන් ගණනක් මුදල් යට කරටලා ඉවරයි. සමන්ත මන්ත්‍රීතුමා දැන් කියනවනවා නවත්වන්නලු. වෙන්න ඕන විනාශය වෙලා ඉවරයි ගරු මන්ත්‍රිතුමනි.... දැන් කරන්න දෙයක් නැහැ. සිඳුණු ළිං වලට වතුර ආයි උනන්නේ නැහැ. පෝට් සිටි වගේ ඉදිරියට යන්න වෙනවා.
ඕක ඉරානයට දීපු එකේම රහසක් තියෙනවා. ඉරානය කියන්නෙ ඔය වාගෙ දෙවල් කරන්න තාක්ෂණය තියන අය නෙවෙයි. මේකත් සයිටම් වාගෙම , මේ ආණ්ඩුවට 'අප්පච්චි' දීපු තවත් තෑග්ගක්....
අප්පච්චිටයි, මල්ලිටයි බයේ කන් දෙකම වහගෙන හිටියා මේවා පටන් ගන්නකොට..... දැන් ඔක්කොම වීරයෝ පාරට බැහැලා. ඒ මදිවට මෙතුමාත් මේවාට විරුද්ධව නිවේදන නිකුත් කරනවා...
දැන් පේනවනේ, දිගු දැක්මක් නොමැතිව හිතුමතේ ව්‍යාපෘති ආරම්භ කළාම වෙන දේ. සයිටම් එකට විරුද්ධ වෙන එකත් මෙහෙම තමයි. සාධාරණ සමාජයක් නැතිව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන්නෙත් මෙවන් ප්‍රශ්නයකට අත වැනීමක්. උමා ඔය නැවැත්වීමෙන් මුදල් පමණක්ද නැතිවෙන්නේ, සයිටම් මගින් අපේ ජීවිතත් නැති වෙයි. මේ පුවතට අදාළ නැතිනමුත්, සමානතාවය පෙන්වන්නයි මෙහෙම අදහසක් දැම්මේ...
උමා ඔය ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න තිබෙනවා නම් ඒවාට විසඳුම් දෙනවා විනා එය දැන් නතර කරන එක අනුවණ දෙයක්. මේක හරියට සයිටම් වහන්න කියනවා වගේ දෙයක්...
මේ කරන විනාශය දැන් තමා පෙනෙන්නේ... ඔය ව්‍යාපෘතිය කලින් දැක්කේ නැද්ද? හැම පක්ෂෙකම අය මුනිවත රැකගෙන හිටියා. කව්රුවත් කතා කළේ නෑ. බලයට තියෙන බයට.... දැන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ. චීන්නු මේ වැඩේ නතර කරන්නේ නෑ. විසඳුම් මහින්ද මහත්තයාටම දෙන්න කිව්වනම් හරි...
මෙය ඉතා බරපතල විනාශයකි. මාගේ දැනීමට අනුව උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අන්තර්ජාලයේ පවතින තොරතුරු ආශ්‍රිත විමසුමක දී මෙම ව්‍යසනයට මුල් වන්නේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබද නියමාකාර අධ්‍යනය කර ව්‍යාපෘතිය සැලසුම් කරණය නොකිරීමය. මේ නිසා උමං මාර්ගයේ පවතින ඝන පාෂණයේ පැලුම් හා දුර්වල ස්ථාන හඳුනා ගෙන කොන්ක්‍රීට් ආස්තරණය කළ යුතුය. එම ස්ථාන නිසියාකාරව හඳුනාගෙන නොමැතිව උමඟ කැනීම නිසා ඊට ඉහළින් ඇති භුමියේ ඇති භූගත ජලය සමග පස් උමඟ තුලට කාන්දුවීම් මගින් ළිං සිදීයාම් සහ භුමියේ ගිලාබැසීම් නිසා පොළවේ දැඩි බව අඩුවේ. මේ නිසා නිවාස ගොඩනැගිලි ඉරිතලා බිඳීයයි. කැණීම් අවස්ථාවට ප්‍රථම මෙවැනි ස්ථාන හදුනා ඊට පිළියම් යෙදීමේ තාක්ෂණය ලොව පවතී. මෙහිදී එම ක්‍රම භාවිතයක් නොපෙනේ. මෙම භූගත ජලය සම්පුර්ණයෙන් බැස ගිය පසු එම ස්ථාන පිළියම් කිරීමෙන් නැවත සාමාන්‍ය තත්වයට භූගත ජලය පත්වීම ක්‍ෂණිකව සිදු නොවේ. මෙයට ප්‍රදේශයේ වර්ෂාපතනය භූගත ජල පැතිරුමේ විශාලත්වය වැනි සාධක නිසා වසර කීපයක් ගත වේ. භූගත ජලය නොමැතිවීමෙන් ඉක්මනින්ම විනාශවන්නේ පරිසරයේ පවතින වෘක්ෂලතාවන්ය.
මේවා හරියාකාරව හදපු නැති අයට මේවාට වගකියන්න වේවි...