ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි කීවේය.
ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව කී රාජ්‍ය ඇමැතිවරයා 2020 දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනතුරු එසේ කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි අපි බලාගෙන ඉන්නවා,අයින් වෙනවද කියල.
ඔය කතාව අහල අහල ඔබ තුමන්ලා දැන් අපට විහිළුවක් වෙලා.
ඔව්, ඊට පසු 2020 දී කාගේ හරි දෑත ශක්තිමත් කරන්න මෙහෙන් එහාට එහෙන් මෙහාට ගෙම්බෝ වගේ පනීවි.කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ ටිකක්. තමන්ගේ වාසිය විතරයි. හැමදාම ජනතාව ගොනාට අන්දනවා. ජනතාව මොවුන් ගැන තේරුම් ගන්නේ කවදාද?
අයින් වෙනවා නම් දැන්ම යන්නකෝ. දැන්ම යන්න අකමැති ලැබෙන වාසි නැති වෙනවටද?
පහුගියකාලේ සපත්තු සෙල්ලම වගේද දන්නේ නැහැ.
පට්ටපල් බොරු. මීට කලිනුත් කීදෙනෙක්නම් ඔහොම කිවුවාද ඇත්තටම කවුද ඉවත්වුනේ ? මේ විදින සුර සැප දාලා එයි මෙන්නම කියලා සැප වාහන, සැප නිවාස , ඇමති පඩි , විදේශ සංචාර , ලොකු ලොකු ටෙන්ඩර් , මේ දේවල් දාලා කොහොම ආණ්ඩුවෙන් යන්නද මහත්තයෝ.
කට්ටියට දැන් තේරිලා ඇති නායකත්වය කොපමන වැදගත් කියල
මේ කට්ටියට කොමිස් මදි ඉස්සර වගේ
අර මැඩම්ගෙ ස්පොට් එකේදි අහුවුනා කියන්නෙ මෙයාද ? එයානම් "ප්ලීස්" අයින් වුනාට කමක් නැහැ.
මෙය තීරණය කල යුත්තේ ඔබද ? පක්ෂයේ නායකයාද ? මොකද ඇමෙති කමකට මාන අල්ලනවද ?
ජනතාව රවටන හොරු ...
හොඳයි කාලේ කනවාට වඩා ප්ර්ලිමෙන්තුවෙන් ඉල්ලා අස්වෙන්ඩ කියා බල කරමු.
සපත්තුවේ අඩි නැතිව රැස්වීම් කරපු කෙනා නේද මේ
ඉවත්වන අයගේ නම් ටිකත් දැන් ප්‍රකාශ කරනවානම් ඉතාම වැදගත්.එහෙමනත්නම් ජනතාව සිතන්නේ මේක තව තවත් වරප්ප්‍රසාද ලබාගන්න කරන උත්සාහයක් කියල.
ඔය මොනවා කිව්වත් අපි දන්නවා ඔය කව්රුවත් තනතුරු දාල යන්නේ නෑ. ඕව මිනිස්සුන්ගේ අප්‍රසාදේ අඩුකරගන්න කියන කතා. දැන් අපි ඕවට රැවටෙන්නේ නෑ
මොහුන් කිසිලෙසකින් ඒකාබද්ද විපක්ෂයට සම්බන්ද කර නොගත යුතුය. ලුසෙනා
අනේ හොඳයි! ශ්‍රී ලංකා මන්ත්‍රීවරු වැඩි හරියක් MR ට කැමති අය නේ. ඒ ගොල්ල දන්නා යහ පාලනයක්!
ලොකු දෙයක්, පුළුවන් නම් ගෙදරම ඉන්න අපිට පව් දෙන්නේ නැතුව.
කවුද කැමති පඩි අඩු කරගන්න. සැප අඩු කරගන්න.
ජනාධිපතිතුමනි දෙමළ සංධානයේ සහය ලබා ගන්න ආණ්ඩුව ගෙනියන්න. සියලුම සුළු ජාතීන්ගේ සහය ඔබතුමාටයි යහපාලන ආණ්ඩුවටයි..
ජනාධිපතිතුමා අපිට ඉන්න කිවා... ඉතින් අපි තවදුරටත් ඇමතිකමේ ඉන්නවා.
දැන් ප්‍රමාද වැඩියි... මහින්ද මහත්තයාගේ නමට පාර්ලිමේන්තු ගියාට අපි අායේ නම් රැවටෙන්නේ නෑ. දැන් හොඳම දේ තමයි එ.ජා.ප.ය ට සෙට් වෙන එක.... නැත්නම් විශ්‍රාම යන එක හොඳයි.
තනතුරු දුන්නම ඕව අමතකයි.
දෙපැත්තක කකුල් තියන් ඉන්නවට වඩා හොදයි ඔහොම ඉන්න එක , මොකද ? මැස්සා වහන්නේ ජරාගොඩ වලනේ ,එනිසා ජරාව කාපු එකාට ඒවා නොකා බැහැ, වැඩකරන එකාට මොන ආණ්ඩුවත් ,එකයි ,මතකනේ එක මහත්තයෙක් සුවාදීන වෙන්ඩ ගිහින් වුන වැඩේ ,
රට ආපස්සට අරන්යන මොවුන් පර්ලිමෙන්තුවෙනුත් එලියට යායුතුයි.
අනේ වාසනාවන්!!!!
මේ ඔක්කොටම මුල ශ්‍රී.ල.නි.ප. නායකයන්ගේ වැනෙන විනය ප්‍රතිපත්තිය තමයි. මුලින්ම විනය, නීති උල්ලංගනය කරපු මිනිස්සුන්ට විරුධව දැඩි පියවර ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් ශ්‍රී.ල.නි.පෙ. විනය අතින් 80 දශකයේ අගභාගයේ සිටිය තත්ත්වයෙනුත් පහලට වැටි ඇත. මේ විදිහට ඉදිරියට ගියොත් එජාපයේ වලිගයේ එල්ලී සිටීම හැර වෙන විකල්පයක් නැත.
මේවා ලොකු සැලසුම්... තව අවරුදු 2-3 කින් ඡන්දයක් එනවා. දැන් දැන් සිටම ටික ටික එක එක ඒවා කියමින් ඉඳලා, ඡන්දේ කිට්ටු කරලා විරෝධය උග්‍ර කරලා පෙන්වලා, ඡන්දෙට මාස 6 කට විතර ඉස්සෙල්ලා නියෝජ්‍ය ඇමතිකම්වලින් ඉවත්වෙලා විපක්ෂෙට යනවා. ඊට පස්සේ ඡන්දේදි මහින්ද මහත්තයා සහ යුද්ධය මාර්කට් කරලා අවශ්‍ය මනාප ටික අරගෙන පාර්ලිමේන්තුවට ගොස් ආණ්ඩු පක්ෂය සමග ඩීල් එකක් දමලා.. ඇමැතිකමක් අරන් මල්ල පුරවා ගන්නවා...
ඇත්තටම කවුද මේ අලි බබාගේ හොරු 18 කියලා කියන්නේ? තවත් කතාවක් වත්ද?
මේවගේ මිනිස්සුන්ට ජනතාව මනාප නොදී යැවුවත්, අයෙත් පිනට ඇමැතිකම් දෙන නායකයෙක් ඉන්න නිසා ඕනේ පිනුමක් ගහන්න මේ ගොල්ලෝ බය නැහැ...
ඔය කියන 18 ඔතන ඉන්න අනෙක් බත්කන ගවයෝ රැලයි සේරම එකතුවෙලා දෙයියන්ගේ නාමට පලයල්ලකෝ හැදීවීලා යන්නම යන්න ජනතාවට සැනසෙල්ලේ ජීවත් වෙන්න