සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව කොන්දේසි සහති විශේෂ රජයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
එහිදී රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට තීරණය කර ඇත.
අනෙකුත් කොන්දේසි මෙසේය.
වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්ෂපාතිත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයකුගේ බලපෑම් සිදු නොවිය යුතුය.
සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම.
මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධි විධාන සලසන බව එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ විදිහට ගියොත් තවත් කල් මැරීමක් වැනිය..
මෙම ආණ්ඩුවට හැකියාවක් නැත, ප්‍රශ්නය කල් දැමීම සහ ප්‍රශ්න වැඩි කරනවා ඇර මොවුන් කරන දෙයක් නැත. සයිටම් එකේ නෑදෑ හිතවත්තු ටික ඉන්න ඇමතිවරුන් සිටින කල් සයිටම් ගැටලුවට නිසි, ප්‍රතිපත්තිගරුක උත්තරයක් ලැබෙනවා බොරු... වහාම සයිටම් එකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ඇති සියළුම දෙනාත්, ඔවුන්ගේ පිල්ලිත් ඉවත් කර ප්‍රතිපත්තිගරුක තීරණයක් ගතහැකි පිරිසකට මෙහි විසඳුම ලබාදීමට බලය ලබා දෙන්න!!!
සාධනීය ප්‍රතිචාරයක් සහ ප්‍රායෝගික විසඳුමක්. ඒත් ශයිලොක්ලා මස් රාත්තලම ඉල්ලන එක නම් ෂුවර්....
තියෙන කුහකකම උපරිමෙන් බල ගන්න පුළුවන්..... දැන් නම් නිකන් වහන්න කියන්නත් බැහැ.
ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී වගේ ප්‍රශ්නයක් නේ... හරි හමන් කොන්දක් ඇති පාලකයෝ හිටියා නම් දෙකෙන් එකක් වෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරක් දීලා හුඟක් කල්...
මේ කිසිවක් නැතිවද සයිටම් වෛද්‍ය උපාධිය දෙන්න හැදුවේ? අපි අපේ නොදැනුවත්කමට කුහකයෝ කියමින් බැන්නාට.... ළමයි පාරට බැස්ස එකේ වරදක් නැහැ.
රටේ පාලකයාට ඕක කරන්න තිබුණා... තව දවස් 2ක් ඔය වර්ජනය තියෙන්න ඇරියා නම් රටේ මහජනතාව ඔය ප්‍රශ්නය විසඳනවා. ඔය උද්දච්ඡ දොස්තරලාට නිසි පාඩමක් උගන්වලා....
තවමත් හිතන්නේ මේක වහන්න යනවා කියලයි. නෑ, ඒක එහෙම නෙමේ, අඩුපාඩු ඇත්නම් ඒ අඩුපාඩු නිවැරදි කරමින් මේ ආයතනය නීතිගත කිරීමටයි ආණ්ඩුව සැරසෙන්නේ. රටේ බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වන්නේත් එයයි. එවිට, වෛද්‍ය මාෆියාව විසින් උසි ගන්නවන ලද බල්ලන්ගේ බුරන ශබ්දය ඉබේටම නවතිනු ඇත.
වෛද්‍ය දරුවන්ගේ නාමයෙන් මේ ආයතනය බිහිකිරීම වරදක්... නමුත් සයිටම් සිසුදරුවන්ට සාධාරණයක් කල යුතුයි. යම් සයිටම් දරුවකුට අසාධාරණයක් වෙල ඇත්නම් ඔහුට වන්දි ලබාදීමට කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමනි අන්තරේ සිසුන් කැඳවා කරුණාකර කරුණු සාකච්ඡා කරන්න... ඒක ලොකු පිනක්!!!
දරුවෝ මහා පාරේ.... සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එයාලගේ දරුවන්ගේ ආර්ථික මට්ටම තහවුරු කළ හැකිද? පැය තුනක් එහි සිටියට දරුවන් කිසිම අලාභයක් කළේ නෑ. දරුවන්ගේ දෙමාපියෝ ඉන්නේ දුක් ගින්දර ගොඩක් මත. දළදා හාමුදුවන්ගේ පිහිටෙන්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නාමයෙන්, කතරගම දෙයියන්ගේ නාමයෙන් ශ්‍රී ලංකා පාලකයන්ට නෙත් පෑදී කන් ඇසේවා...!!!
මේ විසදුම හරි වගේ පෙනේ. එත් මෙතරම් සරල විසදුමල් සොයාගන්න ස්ට්‍රික් කලේ මොකද ?
මෙවැනි ආයතන තව 10-15 වත් රජයේ විශ්ව විද්‍යාල වලට සමාන්තරව විවෘත කරන තුරු මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. දැනටමත් මේ ආයතන බිහි කිරීමට ප්‍රමාද වැඩියි. මෙවැනි ආයතන විවෘත කිරීමට තිබුනේ මීට අවරුදු 40/50 ඉහතදීයි. මේ ප්‍රමාදය නිසා රටට උගතුන් දස දහස් ගණනක් අහිමි උනා.
සල්ලිවලට දොස්තර උපාධියක් දීල අහිංසක ජීවිත පාවාදෙන රටක්ද මේක.
ගල්කිස්සේ සාන්ත තෝමස් එකේ ළමයත්, ගමේ ඉස්කෝලේ ළමයත් උත්තර ලියන්නේ එකම උසස් පෙළ විභාගයට නම්, ප්‍රමිතිය නියම කරලා සයිටම් ළමයත් එකම වෛද්‍ය විභාගයෙන් පාස් වුණොත්, ඒ ළමයිනුත් දොස්තරලම තමයි. නොමිලයේය..., සල්ලි ගෙව්වාය කියල වෙනසක් නැහැ.
මුදලට සියල්ල යට සිරි ලංකාවේ ප්‍රමිතියත් සල්ලි වලින් යට කරලා රට වනසන අයගේ පවුල් වලින් දොස්තරලා. බිහි කරන්න යන්නේ කියලා සමහරුන්ට නොත්රෙනවද? නොතේරුණා වගේ ඉන්නවද?