රංජන් කස්තුරි
මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවමත් අවසන් ලියවිල්ලක් ලෙස සකස් කොට නැති බව ද, එවැන්නක් සකස් කළ පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කොට පසුව ජනම විචාරණයක් පවත්වන බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ජනමත විචාරණයේදී නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම හෝ ජනතාව තීන්දු කරනු ඇතැයි ද ජනතාවගේ තීන්දුව ආණ්ඩුව පිළිගන්නා බව ද ඔහු කීවේය.
ජනමත විචාරණයක දී ඕනෑම සංවිධානයකට පාර්ශ්වයකට ජනතාවට කරුණු තේරුම් කර දීමේ අවස්ථාව තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ආණ්ඩුවට ජනවරම ලබාදුන් අපේ රටේ ලක්ෂ 62ක ජනතාවෙන් අද දින ඔබේ ආණ්ඩුවට සහය දෙන්නේ ලක්ෂ 10ටත් වඩා අඩු පිරිසකි. එතරම්ම යහපාලන ආණ්ඩුව ජනතාවට ද්‍රෝහිවෙලා. ජනමත විචාරණයක් තිබ්බොත් ඔබලාට දෙවියගේම පිහිටයි.
ජනමත විචාරයෙන් පැරදුණොත් රජය විසුරවා හැරිය යුතුයි.
මෙයට සයිටම් එක නීති විරෝධී විදිහට පවත්වාගන යන්න පුළුවන්.. රටට, ජාතියට, ආගමට හානිවන පරිදි කරන්න යන නව ව්‍යවස්ථාව නවත්වන්න බෑ. අපි ඡන්දේ දුන්නේ ඕනේ ඕනේ විදිහට පනත් ව්‍යවස්ථාව ඇති කරලා රට විනාශ කරන්න නෙවේ.
ඔය වෙනස ඕන වෙලා තියෙන්නේ සුළුතර අයට විතරයි. ඒ ගොල්ලන්ගේ ඡන්දේ ගන්න රට විනාශ මුඛයට අරගෙන යනවා !!!
අපි නම් ඡන්දෙ දුන්නේ කලින් ආණ්ඩුව ගෙදර යවන්නයි ... වෙන මොකටවත් නෙවෙයි.
රටෙිි බහුතර මහජන කැමත්ත අනුවයි, රටෙිි ව්‍යවස්ථාවට අනුකූලවයි නිවැරදි තීන්දු තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුවයි...
තීන්දු තීරණ ගන්නේ පාර්ලිමේන්තුවයි. ඒ රටේ බහුතර මහජන කැමත්ත අනුවයි. රටෙිි ව්‍යවස්ථාවට අනුකූලවයි. සංඝ සමාජයකට කොහෙත්ම අයිතියක් නැහැ....ව්‍යවස්ථාවට පටහැනිව තීන්දු ගන්න රජයට බල කරන්න. දැන් පේනවා අස්ගිරි පාර්ශවය ඉන්නේ කොහේද කියලා... ?
දැන් එතකොට කළුතර ජනතාව මෙයාව පාර්ලිමේන්තු එවන්න තරම් අනුවණ වුණා කියලා ඒකට මුළු රටම වගකියන්න ඕනෙයි කියන එකද මේ කියන්නේ? ජනපතිතුමාටත් වඩා ඉහලින් කතා කරන්නේ කොහොමද?
එතකොට ඇමතිතුමනි, ජනතාව ඡන්දේ දුන්න අනිත් කාරණා ඔක්කොම සම්පූර්ණද? අර හොරු අල්ලන එක එහෙම. ඊයේ අර නැගෙනහිර ආණ්ඩුකාරකමට පත් වුන පුද්ගලයා ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ ආණ්ඩුවේ සල්ලිවලින් දුවගෙ උපන්දින සාද ගත්තා. ඒවා ඔක්කොම ආපහු ගෙව්වද? අවසර ආයිබෝං තරහ ගන්ට කාරියක් නෑ. දන්නේ නැති හින්දයි අහන්නේ...
මිනිස්සු ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකට නෙමෙයි. දැන් හොරු වැඩියෙන්ම ඉන්නේ ආණ්ඩුවේ වගෙයි.
එ්කට විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් වලට... නමුත් අනික් සේරම වැඩ අතගගා රටේ ආර්ථිකය වලපල්ලට යවලා, ව්‍යවස්ථාව විතරක් වෙනස් කරලා, ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට ගේනවා කියලා ජනතාව රවටා අගමැතිට රටේ සියලුම ව්‍යවස්ථාදායක බලතල අගමැතිට පවරන ව්‍යවස්ථාවක් ගෙනෙන්න යන්නේ මොකටද?
මම ඡන්දෙ දුන්නේ මෛත්‍රිපාල මහත්තයාට... නැතුව අළුත් ව්‍යවස්ථාවකට නෙමෙයි.
තවත් රට වනසන අවුලක් පුලුවන්නම් හදන්න... ඔය මහත්වරුන්ට ඡන්දේ දුන් අපට ප්‍රශ්නයක් මේක....
ජනතාව ඡන්දය දුන්නේ නව නීති හදන්න නෙමෙයි. මහලොකුවට කියපු හොරු ටික අල්ලන්න. කෝ හොරු දැන්.... ? ඒවා මතක නෑ. මේක ජනතාවගේ අවාසනාව තමයි.
ජනතාවට කවද්ද මැතිවරණයට පෙර කීවේ අළුත් ව්‍යවස්ථාවක් ගේන බව මේ යහපාලන ආණ්ඩුව.... කිවුවේ විධායක ජනාධිපතිකම අහෝසි කරන බව පමණි. රාජිත මැතිතුමා හා පුතා ගැන රටේ ජනතාව හොඳින් දන්නවා...
සංඝ සමාජයකට කොහෙත්ම අයිතියක් නැහැ....ව්‍යවස්ථාවට පටහැනිව තීන්දු ගන්න රජයට බල කරන්න. ඒක තමයි ඇත්ත...
මේ වගේ ව්‍යවස්ථාවකට කවුරුත් ඡන්දේ දුන්නේ නෑ.....
මෙම අවස්ථාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශතාවයක් ජනතාවට නැහැ.. කුණු, ඩෙංගු, උමාඔය, සයිටම්, ගංවතුර, නායයාම්, බඩගින්න ඕව තමයි ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න..තව ඕන තරම් තියෙනවා. ඔබතුමාගේ පෞද්ගලික මතයට ජනතාව ගාවගන්න එපා.. මහනාහිමි වරුන්ගේ වචනයට ඉහලින් යන්න හිතන්න එපා මේ බෞද්ධ රටේ..
බහුතරයක් මිනිස්සුන්ට ව්‍යවස්ථාවක් ගැන අවබොධයක් තිබුනේ නෑ. පැවතුණු පාලනයට වඩා හොඳ පාලනයක් වෙනසක් ඇති කරන්නයි ඡන්දේ දුන්නේ... පමණට වඩා කථා කරනවා විතරයි.
මේ ආණ්ඩුව මැතිවරණවලට ආවෙම අලුත් ව්‍යවස්ථාවක් ගේනවයි කියලයි. රටේ ජනතාවත් ඒක අනුමත කළා. ඒක දැන් දශක කිහිපයක ඉඳන් තියෙන අවශ්‍යතාවයක්. කොහොමද ඒක එපා කියන්නේ?. අලුත් ව්‍යවස්ථාවේ හොඳ නැති දේවල් තියෙනවා නම් වෙනස් කරගත යුතුයි.
ඔබලා පැහැදිලිවම කිව්වා ව්‍යවස්ථා වෙනසකට යන්නේ නෑ කියලා. ඒක ජනාධිපතිවරණයේදිත් කිව්වා, මහමැතිවරණයේදිත් කිව්වා. ඒවගේ වීඩියෝත් තියෙනවා.
මේ වගේ දේශපාලකයෝ වැඩක් නැහැ. රටට මාධ්‍ය ප්‍රකාශකයෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ ආණ්ඩුවේ තුන්දෙනා කියන්නේ කතා තුනක් මිනිස්සු හිනස්සන ආණ්ඩුවක්.... රටකට ගිය කලක්!!!
මේකට ලියනවිට කාටත් යමක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් ලියනවා නම් හොඳයි...
රාජපක්ෂ මහතාගේ පාලනකාලේ දළදා මාලිගාව අසල රේස් පදිනකොට මහනායක හාමුදුරුවරු රට පාලනයට මැදිහත් වූයේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිසිම රාජ්‍ය පාලනයකට බලපෑම් කළේ නැහැ.
ඔබතුමාට වැරදිලා. මම ඡන්දේ දුන්නේ හොර වැඩ නැතිකරලා සාධාරණ සමාජයක් හදයි කියලයි. නැතුව ව්‍යවස්ථාවක් හදල ප්‍රශ්න වැඩිකරගන්න නොවේ. කොහොමත් හාමුදුරුවෝ අතගහපු එක හරියටම හරි. මේ වෙලාවේවත් බුද්ධ පුත්‍රයන් ඉදිරියට එන්න ඕනේ. අපි දන්නවා මේ ආණ්ඩුවට ඕනේ ඡන්ද වැඩිකරගන්න මිසක් රට හදන්න නොවන බව....
ව්‍යවස්ථාව වෙනස් කළොත් හෝ නොකොළොත් වෙන අලාභ හානි අපට පෙන්වා දීම කාගේත් යුතුකමයි. නිකම් වචන තිබුණට ලියන්නවත්, කියවන්නවත් එපා. කරුණු කාරණාවන් පෙන්වා ඔප්පු කරන්න.
කාලය අවසන් වෙනකොට ඔයවගේ දේවලුත් කියනවා. මේ වැඩ බැරි ආණ්ඩුව නිසා අපරාදේ මේ කාලය ඉස්සරහට යන්න තිබුණ අවස්ථාව ගිලිහී යාමක්.. දැන් තිබ්බ ටිකත් නැහැ.. මාර වෙනසක්...
මේ අය වෙනස් වුණොත් නම් රටට හොඳයි වගේ ?
දැන්නම් මේ රටේ ජනතාව ඉන්නේ ඊළඟ ඡන්දේ එනකම්..., කරපු වැරැදි නිවැරැදි කරගන්න.
හරිහමන් විදිහට කතාකරගන්නවත් දන්නේ නැහැනේ... ඒ අය හින්දා අපි ජීවත්වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ...
ඉස්සෙල්ලාම ව්‍යවස්ථාව වෙනස් නොකර කරන්න පුළුවන් පොරොන්දු ඉටුකරන්න. ඇමති මණ්ඩලය 25ට අඩු කිරීම, මහජන මුදල් වංචාකල අයට නඩු පැවරීම වගේ. ඊට පස්සේ ව්‍යවස්ථාව ගැන බලමු!
එයාලත් එකයි ...............මෙයාලත් එකයි.......හැමදාම අපි පරාදයි
වෙවුල වෙවුල මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාද හලෝ? අර විජේතුංග මහත්තය කළා වගේ කිරි හරකෙක් හදාගෙන අන්තිම කාලෙ විවේකයෙන් ඉන්න බලන්න?
ඇමති තුමනි ඔබ තුමාට වැරදිලා .කව්රුත් ව්‍යවස්ථාව වෙනස් කරන්න චන්දය දුන්නේ නැහැ .ආත්ම ගනනක් පසුතැවෙන්න වෙන තීරණ ගන්න එපා .කරුණාකර ඔබ රට වෙනුවෙන් තීරණ ගන්න .
සහතික අැත්ත. මැතිවරණයේදී දුන් පොරොන්දු ටික ඉටුකරණු.මේ රජය මහින්දට තියා මහින්දගේ පරම්පරා හතක් ගෙනාවත් හොලවනු බැහැ.
ජනතාව චන්දෙ දුන්නේ හොරු එළවන්නයි. ඒක නම් අකුරටම කෙරුනා.
මෙවැනි කතාවලට ජනතාව නිසි පිළිතුරු දේවී !!! ඉදිරි මැතිවරණයකදී....
රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටය නොවෙයි, එක හොදට ඔහේ මතක තියාගන්න.
දත් දොස්තර මහත්තයෝ පොරොන්දු උන පරිදි හොරුඅල්ලන්නකෝ ඔය වගේම ,,,රටේ ජනාදිපති වරු කීදෙනෙක් ඉන්නවද ,,,අපි හිටියේ මෛත්‍රී මහත්තය විතරි කියල ,,,,ජනාදිපති අරමුදලින් කෝටියකට අධික මුදලක් ඔබතුම ලබගත්තළු එකත් මැතිවරණ පොරොන්දුවක්ද,,,,නමුත් සාමාන්‍ය මිනිහෙකුට,,,කීයද දෙන්නේ,,,වැඩි බන නොකිඅ ,,,ඉන්න සියල්ල දත්
ඒ කියන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, කඩහපොල හිමි සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි අයත් වැරදියි කියල නේද. කොන්ඩදෙනියේ හාමුදුරුවෝ හිටියනම් හොඳයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි.
අපි අපේ රටට ආදරේ නම් රටේ ජීවත්වෙන ඕනෙම පුරවැසියෙකුට සමාන අයිතිවාසිකම් ලැබෙන ව්‍යවස්ථවක් ඉක්මනින් ගෙන යුතුයි. එකට ආගම ගාව ගන්න එපා. ආගම ජාතියෙන් වෙන් කර පුද්ගල අධ්‍යාත්මික දියුණුව සදහා පමණක් යොදා ගන්න. බුදු හාමුදුරුවෝ කිව්වේ හැමෝටම සමාන අයිතිවාසිකම් දෙන්න කියල අවුරුදු 1600 කට කලින්. එ්ක අපිට දහම් උගන්වන හාමුදුරුවරු නොදන්න එක ගැන මම බුද්ධ ධර්මය පිළිපදින පුද්ගලික ලෙස අතිශය කම්පා වෙමි.
ඔබතුමාලගේ චන්ද කල් දැමිමෙන්ම පේනවා මහජනතාව චන්දය දුන්නේ මේ වගේ පිස්සු කෙලින්න නොවේ කියල
මේ වගේ මිනිසුන් ජනමතය කියන එකේ අර්ථයවත් නොදැන එයාලට ඕන ඕන විදියට ජනමතය නිර්වචනය කරනවා. අපි ජන්දෙ දුන්නේ තොපි කියන එක දේකටවත් නෙමෙයි මිනිසුනේ. අපි ජන්දෙ දුන්නේ තිබුන රටට වඩා හොඳ රටක් නුඔලා හදයි කියල හිතල. අපිට වැරදුනේ එතන කියල දැනුයි අපිට තේරෙන්නේ.
2014 වසරේ දිවුරුම් දෙනකොට කියපු ටික කළානම් හොඳයි.
රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරනේ ඇයි? මේකෙන් ඩෙංගු ප්‍රශ්නයට, සයිටම් ප්‍රශ්නයට පිළියමක් වෙනවද? තරුණයන්ට නව රැකියා දෙන්න පුළුවන්ද? කුණු ප්‍රශ්නයට මේකෙන් විසඳුමක් තියෙනවද? දිනෙන් දින වැඩිවන උද්දමනය හා රුපියලේ අගය අඩුවීමට මෙමගින් බලපෑමක් කරන්න පුලුවන්ද? ජනමත විචාරණයකට යනවා නම් අපරාදේ සල්ලි අනිවාර්යෙන්ම පරදිනවා. පළමුව කලයුත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන එක....
මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් හෝ නොදුන් බහුතර ජනතාවක් නව ව්‍යවස්ථාවක් ලබාපොරොත්තු වුණේ නැහැ. අවශ්‍ය වුණේ විධායක ජනාධිපති බලතල සුළු සංශෝධනයක් පමණයි. දැන් ඒකත් ඉටු වී අවසන්. මේ හදන්නේ ලැබූ ජනමතය තමන්ගේ බල මූලික අවශ්‍යතාවයට කොල්ල කන්න. මේ කතාව පැත්තකින් තියල දැන් රට මුහුණ දී ඉන්න ප්‍රධාන ගැටළු විසඳන්න පියවර ගැනීමයි ජාතික අවශ්‍යතාවය.
සුළු ජාතීන්ගෙන් ඡන්ද වලින් යැපෙන උදවිය නම් ඔහොම කතා කියනවා.
ඡන්දේ දුන්නේ රට කරන්න මිසක් රට බෙදන්න නෙමෙයි.
ඡන්දයක් තියන්නකෝ අපි පෙන්නන්නම් ඔයගොල්ලන්ගේ දැන් තත්වය...
ඔයාල මිනිස්සුන්ට කියල චන්දෙ ගත්ත දෙවල්මද කරන්නේ ..... දුෂණය නවත්තල සංවර්ධනය වේගවත් කරන්නව කිව්ව නිසාත් මිනිස්සු චන්දෙ දුන්න . ... ජීවන බර අඩුකරනවාටත් චන්දෙ දුන්න ... හැබැයි දුෂිත ඇමති මණ්ඩලයක් තියාගන්න , කැබිනට් එක 25 වඩා තියාගන්න ....මහා බැංකුව සිද්දිය වගේ දේවල් වලට මිනිස්සු චන්දෙ දුන්නේ නෑ. (කන්න ඕන වෙනකොට කබරයත් තලගොයා වෙනවා කිව්වලු )
ලොව දියුණු වූ සියලුම රටවල් ආගම මුල්කරගෙන ජාතික තීන්දු තීරණ ප්‍රතිපත්ති හදල නැහැ , කවුරු බලයට ආවත් ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස්වෙන්නේ නැහැ , ආගමික නායකයින්ට ඊට බලපෑම් කරන්නත් බැහැ. එහෙම නොවෙන තාක්කල් අපිටත් ගොඩයාමක් නැහැ. මහනායක හිමිවරු අකමැති වෙන හේතු ප්‍රසිද්ද රහසක්. අපට සත්‍ය වශයෙන්ම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දර්ශනය පිළිගන්නවානම් කුලය පදනම් කරගත් නිකායවල් ගණනාවක් තියෙන්න විදියක් නැහැ. විවෘත මනසින් හිතන්න.
වාහන බලපත්‍ර විකුණාගෙන කන්නත් චන්දේ දුන්නේ නැහැ . මතක තබාගන්න
මට නම් හිතෙන්නේ ඔය කොයි ව්‍යවස්ථාවටත් වඩා වටින්නේ තමුන්ගෙ පක්ෂයේ ඉදල ඊටපසු අනික් පක්ෂයට පනින අය නවත්වාලීමට පනතක් ගෙනල්ලා ඒක සම්මත කරගතයුතුයි. මන්ද මෙයාල වැඩි හරියක් කරන්නේ අනික් පැත්තෙන් කුටියක් කඩාගෙන අනික් පැත්තට පනින එක .පක්ෂයේ වැරැදි ඇතිනම් තමන්ට ඉවත්වීමේ අයිතිය ඇත්තෙමි .නමුත් වාසියට පනින එක වහාම නැවත්විය යුතුය .අනික මේ සියලු දෙනාටම මිල අධික වාහනයක් ලබා දිමත් නතර කලයුතුය.මෙයාල රටෙි ජනතාවට කුමක්ද කරන්නේ .සැප පහසු වාහනයක් දෙන්න
යහපාලන ආණ්ඩුව දැන් අවුරුදු 2 1/2 තිස්සේ රට ගෙනියනවා විතරයි. වැඩක් වෙනපාටක් නම් නැහැ.
මේ අපේ රටේ ඉන්න ලොකුම වංචනිකයෙක්. පසුගිය ආණ්ඩුවෙන් ගන්න පුළුවන් සේරම අරගෙන අන්තිම මොහෙතේ මේකට පැන්න. මෙයා මේ ආණ්ඩුවට කරන්නෙත් ඒ ටිකම තමා.
රටේ පුරවැසියන් හැටියට සුළු ජාතීන් කෙරෙහිත් සාධාරණ දැක්මක් ඇති රාජිත ඇමතිතුමාගේ නිර්භීතකම ගැන අපි ආඩම්බර වෙනවා. නිදහසෙන් පස්සේ ආණ්ඩු කීයක්නම් ආවද...? ඒ කාටවත් බැරිවුනා කැකෑරෙමින් තිබෙන සුළුජාතීන්ගේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බලා විසඳුමක් ලබාදෙන්න. උත්සාහ කලත්, ජාතිවාදීන් සහ බලයට කෑදර දේශපාලකයන් නිසා ඒ අවස්ථාවන් මගහැරුණා. ප්‍රශ්න තාමත් එදා වගේමයි. ඒ නිසාමයි අපි තාමත් " සංවර්ධනය වෙමින් පවතින රටක් " හැටියට නිදහස ලැබුණු කාලේ ඉඳලම ඉන්නේ. එදා... අපිට වඩා පිටුපසින් සිටි රටවල් අද දියුණුවක් ලබලා. හැබැයි අපි තාමත් ජාති, ආගම් බේධ ඇදගෙන එකතැන පල්වෙලා. දැන්වත් වෙනසක් කල යුතුයි රට ඉදිරියට යන්න නම්... පහුගිය පාලනයට කඩේ යන උදවිය, දළදා මාලිගාව ඉස්සරහා රේස් පදිද්දී, මිනී මරද්දී, මාධ්‍යවලට ගහද්දී, මාධ්‍යවේදීන් අතුරුහන් කරද්දී, සුළු ජාතී ව්‍යාපාරිකයින් උස්සලා කොටි ගණන් කප්පම් ගනිද්දී මහජන මුදල් කොටි ගණන් විනාශ කරද්දී, එකී මෙකී නොකී නීති විරෝධී සහ සමාජ විරෝධී දේවල් කරද්දී..., " අපි කිව්වට අහන්නේ නැහැනේ " කියනව ඇරෙන්න, විරුද්ධව නිවේදන නිකුත් කලේ නැහැ.
මේවාට කොහිල කටු ඇනෙනවා ඉවසන්න නම් බැහැ.