(හර්ෂණ තුෂාර සිල්වා)
‘උමා ඔය’ ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
“ සැබැවින්ම උමා ඔය ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසක් උදාකර තිබේ. මෙම තත්ත්වයට විසදුම් ලබා දීමේ දී කෙටිකාලීනව හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් ලබා දිය යුතුය. දැනට තිබෙන තත්ත්වය අනුව එම භූමිය මතුපිට පෙනෙන තත්ත්වය අනුව පමණක් නොව, අභ්‍යන්තරය තුළ පවතින තත්ත්ව අනුව ද කිසිසේත්ම තවදුරටත් එම ජනතාව එම භුමියේ රඳවා තැබීම අවදානම් සහගතය. පසුගිය දිනවල දකුණට ඇද හැළුන වර්ෂාව වැනි වර්ෂාපතනයක් බණ්ඩාරවෙලට ඇද හැළුනහොත් අත්වන ඉරණම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එමනිසා මෙම ජනතාව වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කිරීම වහා සිදු කළ යුතුය”.
උමා ඔය ව්‍යාපෘතිය නිසා උද්ගතව පවතින ජනතා ගැටළු සම්බන්ධයෙන් හා ඊයේ (03) සිදුවීම සම්බන්ධයෙන් තමාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව සඳහන් කර තිබේ.
අමාත්‍ය අමරවීර මහතා උමා ඔය ගැටළු සොයා බැලීම සදහා පත් කරන ලද අමාත්‍ය අනු කමිටුවේ සාමාජිකයකු ද වන අතර උමා ඔය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව හෙතෙම මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.
ඇමති මහින්දානන්ද අමරවීර මහතාගේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උමා ඔය ජනතාව රඳවා තැබීම අවදානම් - මහින්ද අමරවීර
රොමේෂ් Tuesday, 04 July 2017 12:10 PM
මේ වගේ ඇමතිවරුන්ට ප්‍රයෝගික පාඩමක් කියාදුන්න ජනතාවට අපේ ප්‍රණාමය. මෙගොල්ලන්ට පාඩම් කියාදෙන්න ඕනා ප්‍රයෝගිකවම විතරයි. පාර්ලිමේන්තුවේ සීතල කාමරවල ඉඳන් අනුකමිටු වාර්තා හද හද මේ ව්‍යාපෘති හොඳයි කියපු අනික් අයත් අරගෙන ඇවිත් පරණ ගෙයකට දැම්මා නම් ඒ අයත් කියයි මේ ව්‍යාපෘතිය ඉවත්කරගන්න ඕනේ කියලා...
රංජිත් ආරියරත්න Tuesday, 04 July 2017 01:28 PM
1950 ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ජල විදුලි උත්පාදනය අද වන විට ඊට වඩා දියුණුවට ගොස් බහු කාර්ය යෝජනා ක්‍රම දක්වා සංවර්ධන වී ඇත. නමුත් අප තාක්ෂණය හා විද්‍යා දියුණුව අමතක කර 1970 ව දශකයටත් වඩා පසුපසට ගොස් ඇත බව උමා ඔය ව්‍යාපෘතියෙන් හොදින් පැහැදිළි වන්නේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියෙන් උමං මාර්ග 3 සදා ජල විදුලිය නිපදවමින් කෘෂි කර්මාන්තයට ජලය මෙවැනි ගැටලුවකින් තොරව ලබාදීමට හැකිවීමයි. එහිදී ව්‍යාපෘති සැලසුම ඉතා ක්‍රමවත්ව සිදුකර ඇති අතර නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කර ඇත. මෙයට දායකත්වය ලබාදුන් බොහෝ තාක්ෂණික විද්වතුන් තවමත් මෙහි සිටිනා බැවින් මෙම ගැටලුවේදී ඔවුන් ගේ සහය ලබාගන්නේ නම් මැනවි.
Lanka Perera Tuesday, 04 July 2017 06:22 PM
ඉතා සාධනීය වාර්තාවක්. මේ තීන්දු දේශපාලන තීන්දු නොවිය යුතු අතර විද්වත් තීන්දු විය යුතුය...මේ ගැටලුවෙන් දේශපාලන වාසි ගැනීමට සමහරු තැත් කිරීම ශෝචනීයය.