( තිළිණි ද සිල්වා)
බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණයවී සිටි ශ්‍රී ලාංකිකයින් 20කට ආසන්න පිරිසක් අද(26) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘‘ ද ඕස්ටේ‍්‍රලියන් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය.
මෙලෙස එරටන් පිටමං කරනු ලැබුවේ ඕස්ටේ‍්‍රයාවේ ක‍්‍රිස්මස් දූපතේ රඳවා සිටි ලාංකිකයින් පිරිසකි.
ඕස්ටේ‍්‍රලියා ආගමන විගමන දොපාර්තමේන්තුව විසින් විශේෂයෙන්ම වෙන් කරවා ගත් ගුවන් යානයකින් මෙම පිරිස දැඩි ආරක්ෂා රැකවල් මධ්‍යයේ මෙරටට එවා ඇතැයි ඕස්ටේ‍්‍රලියන් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මෙම ලාංකික සරණාගතයින් මීට මාසයකට පෙර බෝට්ටු මඟින් නීතිවිරෝධී ආකාරයෙන් ඕස්ටේ‍්‍රලියාව පළා ආ පිරිසකි.දෙරට අතර මුහුදු සීමා නාවික මුර සංචාර ක‍්‍රියාත්මක වීම වීම නිසා ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටු මාර්ගයෙන් සංක‍්‍රමණය වූවන්ගේ අඩුවීමක් පසුගිය දෙවසර තුළ දක්නට ලැබුණි.
එරටට බෝට්ටු මාර්ගයෙන් පැමිණෙන කිසිවකුටවත් ඕස්ටේ‍්‍රලියා පුරවැසිභාවය හෝ සරණාගතභාවය හිමි නොවන ඔවුන් ක‍්‍රිස්මස් , නාවුරු හෝ මානුස් දූපත් හි රඳවා තැබීමට මීට පෙර ඕස්ටේ‍්‍රලියා බලධාරීන් පියවර ගෙන තිබිණි. අවසන් වරට එලෙස නීතිවිරෝධී ලෙසින් බෝට්ටු මාර්ගයෙන් සංක‍්‍රමණිකයින් පැමිණියේ ඉකුක් මාර්තු මාසයේදී බව ඕස්ටේ‍්‍රලියන් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
2008 වසරේ සිට 2013 දක්වා කාලය තුළ මෙලෙස නීතිවිරෝධී ලෙස බෝට්ටු මඟින් 6000 කට වැඩි විවිධ රටවලින් පැමිණි නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් ක‍්‍රිස්මස් දූපත් හි රැඳවුම් භාරයේ රැඳී සිටි අතර මේවන විට එම සංඛ්‍යාව 1000 කට අඩු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd