(අකිල බද්දෙවිතාන)
ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කෙරුණු ජාතික ආණ්ඩු ගිවිසුම පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් කල්පනා කරලා රට ගැන පමණක් හිතල තීරණයක් ගන්න.. නැවත ඒකාධිපති පාලනයක් රටට ඔරොත්තු දෙන එකක් නෑ. අනික ඔබතුමාලා 2015 දී කිව්ව කතාවල් අමතක නෑ නේද? වෙනසක් වුනොත් ඒවා ආයමත් වලංගුයි.
මේ පක්ෂ දෙක එකතුවී හදපු ජාතික ආණ්ඩුවෙන් රටට කෙරුණු දෙයක් නැති අතර ඉදිරියට කරන්න දෙයකුත් නැති බව ස්ථිරවම කිව හැකිය. එක්සත් ජාතික පක්ෂයට සුළුතර තනි රජයක් පිහිටුවාගෙන රට කරවන එක රටට මිට වඩා යෝග්‍යය.
මේ රට හදන්න නම් මේවාට අවංක උගතුන් පත්කරන්න. නැතිනම් ජනතාව පිළිතුරු දෙයි....
ගරු ජනාධිපතිතුමනි, ඉතා හොඳින් තීරණාත්මක තීන්දු තීරණ ගන්න.... රට යන අත එතරම් සුභ නැත. මෙයට හේතුව ඔබතුමා පොරොන්දු වූ පරිදි පසුගිය සමයේ හොරුන්, අපරාධකරුවන් නීතිය හමුවට නොපැමිණීමයි. දැන් ඔවුන් ශක්තිමත් වෙමින් පවතියි. අපට දැන් සිටින අගමැතිතුමා ගැන නම් විශ්වාසයි. අප රටේ ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිතුමාට නපුරක් වුනොත් ඊළඟට රට බාරවෙන්නේ කාටද කියා අපේ කව්රුත් දන්නවා.. ඔබතුමා මේවා ගැන හොඳින් හිතන්න. රටේ නායකයා ලෙස පමණක්ම සිතන්න.
ඕකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් නම් වෙනඑකක් නෑ.. තවතව මොනවා හරි වරප්‍රසාද ටිකක් දාගන්න සාකච්ඡා කරයි.
හැම සතියම පටන් ගන්නේ 'අද විශේෂ සාකච්ඡාවක්'... වැනි දේවල් වලින් කිව්වත් රට නම් එතනමයි. කිසිම දියුණුවක් නැහැ. හොර වැඩකළ කවුරුවත් අල්ලලා නැහැ. ඒ අය තාම නිදැල්ලේ. ආණ්ඩුවට කිසිම ඉදිරි දැක්මක් ඇති බවක් නම් පෙනෙන්න නැහැ.
"ආණ්ඩු පක්ෂය" කියලා එකක් දැන් තියනවද?
මේ ගොල්ලන්ගේ තීරණාත්මක සාකච්ඡා කීයක් නම් දැන් තිබ්බද....? ප්‍රතිඵලය නම් තේරුමක් නැහැ.
පළුදු වුණ බෙරේ හොඳට පරික්ෂා කරලා බලාවි අද නම්... එ්කේ සද්දේ මිසක් වෙන මොනවත් වුණේ නැහැනේ?
තීරණාත්මක රැස්වීම් කොහොමවුණත්, රජයේ දුර්වලකම් නම් හොඳටම පේනවා. රටපුරා උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, ඉතිහාසයේ අමුතු විදේශ ඇමතිකම්...... නේද?
ඔබතුමාලා දෙපලගේ පුටු දෙක මාරු කරගන්න සාකච්ඡා කළොත් කාලෝචිතයි. ජනාධිපතිතුමා.., අගමැති වුණොත් හෝ අගමැතිතුමා..., ජනාධිපති වුණොත් රටට සෙතක් ලැබේවි !!. එසේ නොමැතිනම් මෙම ජාතික ආණ්ඩු ගිවිසුම අවලංගු කරන එක වඩාත් සාධාරණයි. අපේ ජාතික ආණ්ඩු "අලියා ගිලපු දිවුල් ගෙඩියක් වැනිය..." මොකුත්ම නැහැ. කටුව විතරයි. මේ ආණ්ඩුවට අද වෙනකම්ම කිසිම ප්‍රශ්නයක් සාර්ථකව විසඳගන්න බැරිවෙලා.. එයින් පිඩා විඳින්නේ මහජනතාවයි.
'ආඬි හත්දෙනාගේ කැඳ හැලියට‘ මොන සාකච්ඡාද?
ලෝක බැංකුවෙන් ණයක් අරගෙන හරි ඔය දොඩවන මන්ත්‍රීවරුන්ට දෙන්න. එතකොට එයාලා පරණ විදිහටම නිසොල්මන් වී ඔබතුමන්ලාට රට කරන්න ඉඩ දේවි. නැත්නම් සල්ලි ටිකකුත් අරගෙන පරණ ලොක්කත් එක්ක කැරලි ගසාවි...!!!
කොල්ලකාලා විනාශ කරපු රට එකතු වෙලා ගොඩ ගන්න. පරණ විදියට වාසියට වැඩ කලොත් නම් රට විනාසයි ඉතින්...