(රොමේෂ් මධුෂංඛ)
ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියයි.
‘දෙමළ ජනතාවට ඇති ප්‍රධාන අභිප්‍රාය ජාතික ගැටලුව විසඳා ගැනීමයි.එය ඉටු කරගැනීමටනම් මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.ඒකට තමයි ජාතික ආණ්ඩුවක් පිහිටුවගෙන තියෙන්නේ.ජාතික ආණ්ඩුවට අපි සහය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි.ජනතාවගේ ගැටළුවට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නේ නම් අපි මේ රජයට සහය දෙන්නේ නැහැ.නමුත් එවැනි තත්ත්වයක් තවම ඇති වෙලා නැහැ “
“ෆෙඩරල් ක්‍රමයේ කරුණු දෙකක් තියෙනවා.එකක් තමයි පළාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් එයට මධ්‍යම රජය සිය බලය පාවිච්චි නොකළ යුතුයි.අනිත් එක තමයි ලබා දුන් බලය පළාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබා ගත නොහැකි වීම.ෆෙඩරල් අතුරු වාර්තාවේ ෆෙඩරල් යන වචනය නොමැති වුවත් මෙම කරුණු දෙක තියනවානම් ප්‍රමාණවත්“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.