(සුජිත් හේවාජුලිගේ / ආරියරත්න රණබාහු)
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත අද(5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජයේ ආරංචි පවසයි.
එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පැහැදිලි කරගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනපති උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද මෙම පනත ඉදිරිපත් කිරීම ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
මේ අතර බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුති පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා කියා සිටියේය. රටට අහිතකර පනත්වලට පක්ෂව ඡන්දය දිය නොහැකි බවත් මන්ත්‍රීකම නැතිවුවත් තමා එසේ නොකරන බවත් ඔහු ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනත් කෙටුම්පතෙහ අන්තර්ගතය දන්නේ නැතුවත් පනත් පාර්ලිමේන්තුවට දානවද? මේක මාර අන්දුවක්නේ... :)
මහනායක හාමුදුරැවන් වහන්සේලාට පින් සිදු වන්නට! මේ වගේ පනත් අරං එන්නෙ මේ යහපාලන ආංඩුවට පිස්සු ද?
බලහත්කාරයෙන් අතුරුදහන් වීමෙන් ආරක්ෂා වීම නරක දෙයක්ද?
මහනායක හිමිවරුන්ට අනුව මේ පනතමගින් මිනිසුන් අතුරුදහන් කිරීම වැලැක්වීම බරපතල අකුසලයක් , උන් වහන්සේලාට පින් සිද්ද වෙන්න ඕන මේ පනතට බරපතල ලෙස විරුද්ද වීම සම්බන්දයෙන්
ඔය පනතට විරුද්ධ වෙනවා කියන්නේ .., බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට කැමතීයි කියනෙකනේ..? තමන්ගේ පවුලේ, ඥාති සහ සමීප උදවිය හෝ සමාජයේ යමෙක් අතුරුදහන් වෙනවනම් හෝ කරනවානම් මනුස්සකමක් සහ හිතේ තෙතක් ඇති යමෙක් එම ක්‍රියාව අනුමත කරයිද..? මෙතන තනිකරම තියෙන්නේ, ජාතිවාදය සහ ජාතිබේෙදවාදය මිසක් අනෙකක් නොවේ. අපි දකිනවා, රටේ නොයෙක් පාර්ශවයේ මහා නායක හාමුදුරුවන් පවා අවධානය යොමු කරන්නේ බෞද්ධයින් ගැන පමණයි. සුළු ජාතීන්ට හෙණ ගැහිලා ගියත් ඔවුන්ට ගානක් නැහැ. පහුගිය ටිකේ රටේ මුස්ලිම්වරුන්ට වෙච්ච අසාධාරණකම්වලට විරුද්ධව එකදු 'නායක' හාමුදුරුනමක් හෝ වචනයක් හෝ කතා කරේ නැහැ. අන්‍යාගමිකයින් සමඟ සහජීවනයෙන් ජීවත්වීම සම්බන්ධව බුදු දහමේ උගන්වලා නැද්ද..? එහෙම නැත්නම්, අපේ රට ආයෙමත් යමින් පවතින්නේ වනචාරී ගල් යුගයටද..?
මේ රජය කටයුතු කරන්නේම ඩයස් පෝරාව සතුටු කරන්න. එහෙමනං කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් අය පිළිබඳව වගකීම කව්ද බාරගන්නේ?
අද විතරක් නොවෙයි හෙටත් එපා. සදහටම එපා. කෙනෙක් බලහත්කාරයෙන් අතුරුදහන් කළොත් හෝ කර තිබේ නම් හෝ විත්තිකරුට එරෙහිව පවතින නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. අවශ්‍ය වන්නේ එපමණයි.