(තරිඳු ජයවර්ධන සහ රංජන් කස්තුරි)
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.
වයඹ, මොරටුව සහ සබරගමුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේ වැඩකටයුතු සිදුවෙමින් පවතින බවත් රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට නියමිත බවත් ඇමැතිවරයා පැවසීය.
මේ අතර සයිටම් ආයතනය පුන්‍යායතනයක් ලෙස හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාම හෝ 51%ක් රජයට තබාගෙන ඉතිරි 49% කොටස් වෙළඳපොළට දැමීම යන කරුණූ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරලා විතරක් මදි. සුදුසුකම් තියන සේරම ළමයි ඇතුලත්කරගෙන ගොඩක් දොස්තරලා බිහි කරන්න ඕනේ. ලංකාවෙන් විදේශවලට යන විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් එතකොට.
ජී.එම්.ඕ. එකට තියෙන ප්‍රශ්නය නෙවිල් ප්‍රනාන්දු එක්ක විතරයි. එත් ඒකාලේ නෙවිල් මහත්තය ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකේ අයිතිකරු වී ඉන්නකොට තනි අයිතිය සහ ලාබ ලැබීම ගැන කතා කලේ නැත. ඒ private practice නිසා. මේ වගේ දුප්පත් මිනිස්සු ගැන සහ නිදහස් සෞක්‍යය ගැන කැක්කුමක් තියෙනවනම් නවලෝක, අසිරි, Durdans , ආශා සෙන්ට්‍රල් එහෙමත් රජයට පවරගන්න කියල ජී.එම්.ඕ. එක කියන්නේ නැත්තේ මොකද? මේ ඔක්කොම තමන්ගේ පැවැත්ම උදෙසා.
මෙය කොහොමත් මහජන මුදල් වලින් ඉදිකරන ලද්දකි, බැංකුවකින් කිසිම බැදුම්කරයක් නොමැතිව මුදල් සපයා ඇත
සයිටම එකයි නෙවිල් ප්‍රනාන්දු රෝහලයි හරියට හරකාගේ පසුපස කොටස සහ ඉදිරිපස කොටස වගෙයි. ප්‍රනාන්දු මහතා කෙසේ හෝ හරකාගේ ඉදිරපස කොටස ජනතාවට ලබා දී ඇත.
සයිටම් යනු සක්විතිට පසු බිහිවූ වංචාකාරීම ආයතනය. ඇමති වරුන් වැල් බයිලා කියමින් මහජනතාව රැවටීමට අසාර්ථක උත්සාහයක යෙදෙනවා. වයඹ වෛද්‍ය පීටයේ මුල් ගල් පැලවෙනවා, තව අවුරුදු පහකටවත් විවෘත කරන්න බැහැ. අනෙක් ඒවා ගැන මොන කතාද ?
ලාභ ලබන රාජ්‍ය ආයතන ටික විකුණ විකුණ, ඒ ලැබෙන සල්ලිවලින් අතිශයෙන් පාඩු ලබන පුද්ගලික ආයතන අර්ධවශයෙන් රජයට පවරාගෙන නඩත්තුකරන අරුම පුදුම "ආර්ථික මොළ" වෙසෙන ඩිස්නිලන්තයක ඉපදීමත් පෙරකළ පිනක්ම වියයුතුයි.
ලක්ෂ 120ක් නෙවිල් මුදලාලීට දීලා සයිටම් එකට ඇතුලත් වෙලා රජයේ වියදමින් පවත්වාගෙන යන රෝහලක පුහුණුව ලබන්න පින් කරපු ලමයි....:) අපේ මිනිස්සුන්ගේ සල්ලි නේද මේ නාස්ති කරන්ඩ යන්නේ?
දත්දොස්තර ඇමති තුමෝ අහිංසක ජනතාව රවට්ටන එපා මේක කරන්නේ රටට ආදරේට නෙවිල් දොස්තර සීයේ කඩේ කට්ටියට සයන පුහුණුව දෙන්න ,,නමුත් ජනතාවගේ බදුමුදලින් නඩත්තු කරන්න ,,,නෙවිල් සීයාගේ සල්ලි නොවිනේ ලංකා බැංකු නයනේ ,,ලංකා බැංකුව කියන්නෙත් හැජනතවගේ ආයතනයක් ..මේවා ඉතා පහත් බල දේවල් ,,නෙවිල් මමට රෝහල තියාගන්න කියල ගන්නකො සෛටෙම් දොස්තර කඩේ රජයට...ඔබල වගේ උදවිය පාර්ලිමේන්තු යවපු මිනිස්සු තමා වැරදී කාරයෝ ,,නෙවිල් සීය ජනාදි පතිටවත් අඩංගු නැති ..ගුණගරුක නොවන මනුස්සයෙක්..සීය කොටිය ගානේ දෙමාපියන්ගෙන් ගනී...එයාගේ රෝහල ජනතා මුදලින් නඩත්තුකර සායනික පුහුණුව නිකන් දෙන්න එක නයය ගෝනියක් කියන්නේ හරියට පිනට දුන්න වේගේ ...ජනතාව ගොනාට අන්දන්න එපා දත් දොස්තර මාමේ ....මේවා ජාතික අපරාද
කඩේ ආණ්ඩුවේ, කැෂියර් එක නෙවිල්ගේ, කැස්සකට වත් ලංකාවේ රෝහලකින් බෙහෙත් නොගන්න ඇමැතිලාගේ නුල් සුස්තරේ හරි හැටි තේරුම් ගන්න, මේ ට්‍රෝජන් අශ්වයාට නොරැවටෙන්න
සිඅලු රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීට ඇතිකලහැකිනම් එය අගනා වැඩකි.නමුත් කුණු ප්‍රශ්නයවගේ එයත් රජය පස්සට අදීනම් වැඩක් නොවේ.නමුත් පයබරවායට පිටිකර බෙහෙත් බදිනා වැනි විසසදුම්වලින්ද පලක් නොවේ.උද්ගෝෂණ කරනවිට විසදුම් දිය යුත්තේ උද්ගෝෂකයන්ට අවශ්‍ය දේ ලබාදීම නොවේ.කල්නොමරා ඒ සදහා ගතයුතු බුද්දීමත්ම සහ රටේ සංවර්දනය දිරිගැන්වීමට මගපාදන නිසි විසදුම් ගැනීමයි.
වැඩිවැඩියෙන් ආණ්ඩුවේ සල්ලිවලින් දොස්ටරලා බිහිකරන්න. ඔක්කොම රජයට පවරගන්න. ඒගොල්ලෝ හොඳ පඩි වලට රට යයි . දොස්ටරලටම ගිය රට !
බැංකුවකින් ණයක් අරන් හැදුව කියල ඒවා රජයට ඕන විදියට පවරගන්ඩ බැහැ. එහෙම ගියොත් තව ටික දවසකින් ගෙදරක් හදන්ඩ මිනිහෙක් මහජන බැංකුවෙන් ණයක් අරගත්තත් ගමේ තරහ කාරයෝ අකමැති කියල රජයට පවරගන්ඩ වැඩ පටන් ගනී. රටේ නීතියක් තියනවා .
මේකෙන් පෙනෙන්නේ රජය දොස්තරලට යටත් උන බවක්. මේක රජයට ගන්නවා කියන්නේ රටට තවත් බරක්. කල යුත්තේ තවතවත් පුද්ගලික වෙද විදුහල් අරින එක සහ ඒ මගින් මෙවැනි රෝහල් නඩත්තු කරන එක. රෝගියෙක් බලන්න ආපු කෙනෙක් දොස්තර කෙනෙකුට ගහල ඒ දොස්තර මියගිය බවක් (ඕස්ට්‍රේලියාවේ) අද පුවත් වල තිබුන. දොස්තරලගේ සංවිධාන කිසිවක් වර්ජන වලට ගියේ නැහැ. රෝහල් වලට වැඩිපුර ආරක්ෂාව ඉල්ලුව. ලංකාවේ මේක උනා නම් කොහොමද?
මෙම රෝහලට සහ සයිටම් පක්සව කතා කරන අය මෙම රෝහලෙන් බෙහෙත් ගන්නේ නෑ ඔවුන් මැලේසියාවේ හෝ ඇමෙරිකාවේ රෝහල් වලට යන්නේ මොකද
මේ රෝහලත් රජයේ රෝහලක පහත් තත්ත්වයට වනසලා දමාවි. මේ රෝහලට දේශපාලකයන්ගේ අතකොළුවන් දාලා වර්ජන කරලා බෙහෙත් හා උපකරණ හොරකම් කරලා මේක ඉවරම කරලා දමාවි....
රෝහල රජයට පවරා ගැනීම ප්‍රශ්නයට පිළිතුර නොවෙයි... ඔය සයිටම් කියන ආයතනය රජයට පවරා ගන්නේ නැත්තේ ඇයි...?
සියල්ල දත් දත් දොස්තර මාමේ ,,,රටේ ණයබර ට්‍රිලියන් තියෙද්දී මොකද තව ණයබරක් ගන්නේ ,,ඔය මුදලින් හදන්නකෝ තවක් රජයේ මෙඩිකල් කොලෙජ් එකක් ...එකකොට මේ පෙළපාලි නිසා ට්‍රැපික් නිසා ...නාස්තිය නිසා සිදුවන ..සියලු මුදල් ඉතිරිවෙනවා නොවේද ,,,,මේක තවත් මහජනයාට බරක් ,,,,මේ ජාතික අපරාදය කොරන්ඩ එපා බලධාරිනි ....
අපරාදෙ මේ ආණ්ඩුව පත්වුනේ, අප්පච්චි හිටියනම් මෙලහකට සයිටම් දොස්තරල බැච් දෙකක් විතර පිටවෙල. එකෙක්වත් 'හ්ම්' කියන්නෙ නෑ..
මේ වැඩෙන් ප්‍රමිතියක් නැතුව බිහිවෙන්න හිටපු වෙද්දු නිකම්ම රජයේ වෙද්දු බවට පත් වෙනවා දැනට එහි ඉගෙන ගන්න ඇඩ්වාන්ස් ලෙවල් වලට ආර්ට්ස් කරපු අයත් නිකම්ම එම් බී බී එස් දොක්ටෙර් වෙනවා කොහොමද ටිකිරි මොලේ