උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.
විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇතැයි වාර්තා වේ.
මෙහිදී හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වාගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය යොමු කිරීම උද්ඝෝෂණයේ අරමුණ වී ඇත.
ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂණ දේශපාලනය විසින් කරවන ඒවා බව පෙනේ. නමුත් මේවා 2015 ට පෙර කළා නම් භයානක තත්වයක් තමයි කියන්න තියෙන්නේ...
උමා ඔය වියාපෘතියට විරුද්ධව සමන්ත විද්‍යාරත්නලා කෑගහද්දී මිනිස්සු ඒ මනුස්සයට විරුද්ධව කෑගැහුවා. මොකද ඒ මනුස්සය කතාකලේ අනාගත දැක්මක් එක්ක වුනත්, ඒ මනුස්සය නියෝජනය කරපු දේශපාලන පක්ෂයට ඒකෙන් වාසිවෙයි කියල හිතලා. දැන් විනාශය වෙලා ඉවරයි. අපේ රටේ සාක්ෂරතාවය 99% වුනත් අනාගතය දකින්න පුළුවන් මිනිස්සු බොහොම අල්පයි. යමක් තේරුම්ගන්න තමන්ටම දැනෙන්න ඕනා. තමන්ම විඳින්න ඕනා. ඒක මේ ජඩ දේශපාලනය විසින් ඔව්න්ව පත්කර තිබෙන අසරණභාවය. පක්ෂ පාට අතහැර වැරදි දෙයට විරුද්ධවෙන්නත් හරි දේට පක්ෂ වෙන්නත් පුළුවන් මිනිසු බිහිවුන දවසට අපේ රටත් දියුණුවෙයි. එදාට අපි උන්නත් නැතත් අපේ රට ලෝකේ ඉහලින්ම තියේවි. ඒ කොඳු ඇට සහිත පරපුර බිහිකරන එකයි අද සමාජ වගකීම.
නිසි ආකාරයට හා ප්‍රමිතියට කොන්ත්‍රාත් කරුවන් තෝරපු නැති එකේ පල විපාක තමා මේ විදින්නේ. මේවා මහා ජාතික අපරාද. රටේ සිටින දක්කෂ ඉංජිනේරුවෝ රට අතහැරලා, ගිය හා යන එකේ ප්‍රතිපල දැන් පේනවා නේද? රාජපක්ෂ පාලන කාලය තුල චීන , ඉරාන, ඉන්දියානු ....වැනි රටවලින් ගෙන්නපු මේ හරක් නිසා තමා මෙහෙම වෙන්නේ. කොමිස් කුට්ටි හා දේශපාන අහිකුන්ටිකයෝ නිසා රටට අනාගතයක් ඇතිවිය නොහැක. මේ තත්වය දැන්වත් තේරුම් ගෙන රට නිවැරදි දිශාවකට ගෙන ගියොත් තමා හොඳ. දැනට මේ රට තුල සිදුවන චීන මැදිහත් වීම වහාම නතර නොකළ හොත් , දැනට ඉතිරි වී සිටින සියලුම බුද්ධිමතුන් රට අට හැර යාම වැළැක්විය නොහැකිවනු වනු ඇත.
"අපේ රටේ සාක්ෂරතාවය 99% වුණත් අනාගතය දකින්න පුළුවන් මිනිස්සු බොහොම අල්පයි. " ඔබතුමා මේ කීව කතාව හරියටම හරි.... එ්ත් තාම අපේ මිනිස්සු මේක තේරුම් ගන්නේ නෑ... හැමදාම වහල් මානසිකත්වයෙන් ඉන්න තමා කැමති......
උද්ඝෝෂණය කරන්න එපා... ඉරානයට හිත් අමාරුකම් ඇතිවේ. එක සංහිඳියාවට බාධාවක්...
දැන් මේ ජ.වි.පෙ.ම ඉස්සරහට උද්ඝෝෂණය කරයි කොළඹ කුණු පුත්තලමට එපා කියලා. වරාය හදද්දී ඒක එපා කිව්වා, පාරවල් හදද්දී ඒවා එපාලු, මොන දේ කළත් මිනිස්සු කුලප්පු කරලා දේශපාලන වැසි ගන්න ඒක තමයි කරන්නේ...
අද පැවැති උමා ඔය උද්ඝෝෂණයේ සැබෑ ජන ගඟ පෙන්වූවා නම් හොඳයි නේද?
යකඩ යකා යනු 1900 ට පෙර දුම්රිය මග හදන විට තිබු බය වේ. එදා ජ.වි.පෙ. සිටියා නම් ? බදුල්ලට දුම්රිය මාර්ග නැත. 1977-1982 කඳුරට ජලාශ හදන විට තෙල්දෙණිය නගරය ජනයාට නිවාස නැති විය. එදා ජ.වි.පෙ. සිටියා නම්? ජලාස නැත. සංවර්දනයක් නැත. ජනපතිතුමා සිටින්නේ කුමටද? ආගමික නායකයින් අද හරි දේ කරයි ද? ආගමික නායකයින් සහජීවනයට විහිළු කිරීම හරිද?
ජලාශය ඉදිකොට වසර කිහිපයකට පසු ජලාශය සිඳී යනවිට සිය ගම් බිම්වල තිබු නිවෙස් ආදිය බලා ගැනීමට හැකි වූ බව නොරහසකි. නමුත් දැන් කිලෝමීටර 8 ක් 10 ක් පමණ දුරට රොන් මඩ පිරිම නිසා එම පෙදෙස් සම්පුර්ණයෙන්ම පස් වලින් යටවී ඇති බව පැවසේ. එමනිසා කඳුකර ප්‍රදේශවලට වර්ෂාපතනය දින දෙක තුනක් ලැබුනවිට ජලාශ පිරි ඉතිරි යන්නේ රොන් මඩ පිරි ඇති නිසාවෙනි. වර්ෂාපතනයේදී එම ප්‍රදේශවල සියලු ඇල දොළ, ගංගා ඔයවල් වල ජලය සමග පස සෝදා ගෙනවිත් ජලාශ පිරෙන්නේ නැතැයි කාට නම් කිව හැකිද? මේ රොන් මඩ ඉවත් කිරීමට ද මගක් නැත. තව අවුරුදු 50 ක් විතර යනවිට විශාල වශයෙන් රොන් මඩ පිරි යනු ඇත. සරුසාර කෙත් බිම් යට කරමින් පරිසරය නසමින් ඉදි කෙරුණු ජලාශයන්වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබේ. වික්ටෝරියා ජලාශය ඉතා සරුසාර බිම් යට කරමින් එදා ඉදි කලේ ඉන්දියාවටත් විදුලිය දෙන බව ප්‍රකාශ කරමිනි. ලංකාවට සුර්යතාපය මගින් හා සුළං මගින් විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීමෙන් පරිසරය ද සුරැකේ. නැති ප්‍රශ්න ඇති නොවේ.
එදා මහවැලියට නගර ගම්මාන පිටින් යට වෙද්දී උද්ඝෝෂණ නොතිබ්බේ එදා මේ ගොල්ලෝ හිර ගෙවල් වල හිටපු නිසයි. අද මෙයාලට රට නැති කරන්න ලැබී තිබෙන නිදහස වැඩී.