උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇතැයි වාර්තා වේ.

මෙහිදී හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වාගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය යොමු කිරීම උද්ඝෝෂණයේ අරමුණ වී ඇත.

ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති.