තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
කැබිනට් අනුකමිටුව සමග සිය නියෝජිතයින් කළ සාකච්ඡාවේදී තම ඉල්ලීම්වලට පිළිගත හැකි මට්ටමේ ප්‍රතිචාර ලැබුණු බවත් ඒ අනුව අද(30) සිට තැපැල් සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක බවත් එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.
දින තුනක් පුරා පැවැති අඛණ්ඩ තැපැල් වර්ජනය හේතුවෙන් මේ වනවිට ලිපි ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් අද සිට එම ලිපි බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් සේවය දැන් යල්පැන ගෙනයන සේවාවක්... ජනතාව නම් දැන් තැපැල් සේවාව භාවිත කරන්නේම නැහැ. දුරකථන ඊමේල්, එස්.එම්.එස් ආදිය භාවිත කරනවා මිසක්. රජයේ ලිපි ලේඛන ආදිය යැවීමට තමයි බොහෝ දුරට තැපෑල භාවිතා කරන්නේ... ඒකටත් කුරියර් සේවා යොදාගන්න බැරිකමක් නැහැ.
ලංකාවේ හිටපු ගමන් වර්ජන පටන් ගන්නවා. හිටපු ගමන් අවසන් වෙනවා. බොහෝවිට ඔවුන් කුමක් සඳහා වර්ජනය කරනවද කියලා....වර්ජනය කරන මිනිස්සු වත් දන්නේ නැහැ. බොහෝවිට කන්තෝරුවල දවස පුරාම පුටු රත් කරමින් ඉන්න මිනිස්සු වෙනසකටත් එක්ක ටිකක් එළියට ඇවිත් ඉන්න කැමතියිනේ...