(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වැඩ වර්ජනය සිදුකරන ආකාරය පිළිබඳව ඉදිරි පැය 24 දී තීන්දු කරන බවද වර්ජනයට අනෙකුත් වෘත්තීය සමිතිවල සහාය ලබාගන්නා බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා රෝගී අයිතිවාසිකම් සුරැකීමට ජනතාව දැනුම්වත් කරන බවද අලුත්ගේ මහතා පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා !!! බුද්ධිමත් ජනතාව ඔබ සමග සිටී. චම්පික ඇමතිතුමත් අද ඔබ සමග සයිටම් විරෝධී සටනට එකතු වී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. සයිටම් රජයට පවරා ගැනීමකින් මෙපිට විසඳුමක් නැත...
බදාදා උදේ 8 සිට වෛද්‍යවරුන්ට සේවා සපයන අයත් වර්ජනය කරන්න. වාහනවලට ඉන්ධන සැපයීම්, කසල එකතු කිරීම්, වාහන අලුත්වැඩියාකිරීම්, ළමයින්ට ටියුෂන් දීම් නවතමු. අසරණ දුප්පත් ජනතාව අසීරුතාවයට පත් කරන අයට ඒ දුක දන්වමු. මුදල් තියෙන අය පුද්ගලික රෝහල්වලට හරි යයි. දුප්පත් අය යන්නේ කොහේද?
නවලෝක රෝහල ජනසතු කරන්න පුළුවන්ද?
මේ අය අද අපේ රටේ මිනිසුන්ගෙන් අප්‍රසාදයට පත්වූ කොට්ඨාසයකි.
මේ කරන වර්ජනවලින් තැලෙන්නේ අහිංසක ජනතාව විතරයි. සයිටම් ශිෂ්‍යයෝයි, ඔවුන්ගේ දෙමව්පියනුයි, මේ වර්ජන කරන දොස්තරලයි ලෙඩ වුණොත් පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගන්නවා. සයිටම් වැහුවත් ඔය ශිෂ්‍යයෝ පිටරට ගිහින් වෛද්‍ය උපාධිය අරන් එනවා. මේ කරන දේවල් වලින් අමාරුවේ වැටෙන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවයි, බෙහෙත් නැතිව ලතවෙන අඩු හා මධ්‍යම ආදායම් ලාභී රෝගීනුයි, කොළඹ පිකට් නිසා පාරේ හිරවෙන ජනතාවයි... මේකෙන් ආණ්ඩු පෙරලන්න ලැබෙන්නේ නැහැ..
මේ අයට පියවරක් ගන්න තමයි මහජනතාව මඟබලා ඉන්නේ...
පක්ෂ, විපක්ෂ ඇමතිතුමන්ලාගේ දරුවන්ට දොස්තර වෙන්න තියෙන කෙටිම ක්‍රමය නැති කරන්නේ කුහකකමක් තිබෙන නිසානේද ?
ලංකාවේ ජනතාව නම් මෙවැනි පසුගාමී, ආත්මාර්ථකාමී පරිසක් වෙනුවෙන් පෙනී නොසිටියි ..
ජී.එම්.ඕ.ඒ. එක ඉල්ලුවේ ප්රමිතියයි. දැන් ඉල්ලන්නේ මොකක්ද? ප්‍රමිතිය ඇතිකර පවත්වා ගැනීමේ ඇති වරද කුමක්ද? පිටරට උපාධිය මුදලට නොවීද? ඔබ කියන මුදල් ඇති අය නොවේද පිට රට යන්නේ? සයිටම් වසරකට ළමුන් 100 ක් පමණ ගන්නා විට පිටරට ළමුන් 1000ක් පමණ ගනී. බිලියන ගණන් මුදල් පිටරටට ඇදෙයි.
ඇයි මෙහෙම දුප්පත් අසරණ මිනිස්සුන්ට වදදෙන්නේ?
මෙතුවක් කල් තැලුණු, පොඩිවුණු අසරණ රෝගීන්ට සහ පොදු ජනතාවට ඔන්න වාරේ ඇවිල්ලා. රෝහල්වල වර්ජනය කරන නමුත්, චැනල් කඩවලට යන දොස්තරවරුන්ට බීපු කිරි මතක් කරන්න කාලය දැන් ඇවිල්ලයි තියෙන්නේ... ලෑස්ති වෙන්න. හැමදාම මේ නාඩගම් බල බලා ඉන්න බැහැනේ.
දොස්තරවරු අවසන් වැඩ වර්ජන සටනට සුදානම්... මින්පසු වර්ජන නැහැ. අසරණ රෝගීන්ගේ ජීවිත ඇපයට තියලයි ජයගන්න හදන්නේ..
රටේ සිටින අනෙක් ලෙඩුන් සමග එකතු වී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ දොස්තරවරුනුත් සදහටම වර්ජනය කළත් අපිට කමක් නැහැ. එවිට මේ රටේ සිටින සැබෑ වෛද්‍යවරුන්ට, පිටරටින් මෙරටට පැමිණෙන වෛද්‍යවරු සමග එක්ව, ජනතාවට සුහදශීලී, වඩාත් විධිමත් සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබා ගත හැකි වේවි..!!!
වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කලාවගේ වෛද්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න. රෝගීන්ගේ හා දුප්පත් ජනතාවගේ යහපත සඳහා...
කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න සයිටම් එකේ ළමයින් කී දෙනෙක් දොස්තර උපාධියට ඉගෙනගන්නවද කියලා? මේ දොස්තරවරු මුළු රටේම අහිංසක ජනතාව බිල්ලට දෙන්නේ තනිකරම බොරු අවශ්‍යතාවයකටයි. මීට වඩා වැඩියෙන් ශ්‍රී ලාංකික ළමයින් ඉන්දියාවේ, බංගලාදේශයේ දොස්තර උපාධියට ඉගෙනගන්නවා. ඒ හැමදෙනාම පසුව මෙහි ඇවිත් ලියාපදිංචි වෙනවා.
එට්කා ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවට මෙය හොඳ අවස්ථාවක් දොස්තරලා මීට වැඩි යමක් කල්පනාකාරී බුද්ධිමත් තීරණ ගතයුතු දොස්තරවරු ඉන්දියාවෙන් ගෙනාවොත් ඔබලාට මොකද වෙන්නේ? ජනතා වුවමනාව ඉටුකරන්න රජයට සිදු වෙන්න පුළුවන්...
රජයේ රෝහල් වලට එන්නේ දුප්පත් අහිංසක මිනිස්සු... ඒ අයව නොමරා මරණ එක අනුමත කරන්න නම් බැහැ.
ජනතාව කෝටිපතියන්ද? කෝටිපතියන් කොපමණ ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකාවේ ඉන්නවද?
සයිටම් වලින් බාල දොස්තරවරුන් බිහිවෙනවා කියලා රටේ ඉන්න අහිංසක රෝගීන්ව මැරුවහම හරියනවද ?
ආණ්ඩුවට මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කමක් නැතුවා වගෙයි පේන්නේ.... නැත්නම් මෙච්චර දෙයක් වෙලත් නිහඬව ඉන්නේ මොකද? රෝහල් සේවය අත්‍යවශ්‍ය සේවයක් කරන්න. නීතිය කඩකරන අයට දඬුවම් පමුණුවන්න. ජේ. ආර් මහත්තයා 1980 දී කළ දේ අමතකද? එන්. එම්. පෙරේරා මැතිතුමා බැංකු වර්ජනයට කළ දේ අමතකද?
මේ දොස්තරලා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය නිසානේ. අපිත් එහෙම නේ. එහෙව් එකේ අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තියගෙන මොනවද මේ කරන්නේ ? පිනට දෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජන නොගෙන කැම්පස් ළමයින් පාරට බස්සලා උද්ඝෝශණ කරනවා. අන්තිමට ඇණකොටා ගන්නවා.
රජයේ රෝහල් වල වෛද්‍යවරු විසින් ගෙනයන වැඩවසම් පාලනය අවසන් කිරීමට හොඳම කාලයයි.
හමුදාව යොදවන්න...., ගේන්න දොස්තරවරුන් ඉන්දියාවෙන්, කියුබාවෙන්, මෙයාලට මේ විදියට වැඩකරන්න යනකොට රටක්, නීතියක් කොහෙද තියෙන්නේ?
එහෙනම් දොස්තරලා ඉන්දියාවෙන් ගෙන්නන්න...
ඉතා විශිෂ්ටයි, ජනතා අභිලාෂයන් පසෙක ලා මේ මාෆියාව වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරුන් වහා ඉවත්විය යුතුයි.
දොස්තරවරුන් ඉන්දියාවෙන් ගෙන්නන්න. එහේ ඉංග්‍රීසි ගුරුවරු විශ්‍රාම ගත්තු අය ඉන්නවා පරිවර්තකයින් හැටියට කටයුතු කරන්න. මේ ගෙවන පඩියට වැඩිය හුඟාක් අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන්...
සයිටම් ආයතනය කිසිසේත්ම ජනසතු නොකළ යුතුය. එය රටතුල වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතියෙන් තොරනම් එය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගන යාම තහනම් කල යුතුය. එවිට එහි හිමිකරු ඔහුට කැමති වෙන යම් ආයතනයක් ස්ථාපනය කරගනු ඇත. තවද එම ආයතනය අයිති රෝහලද රජයට කිසිසේත්ම පවරා ගත නොයුතුය. එය ඔහු විසින් පුද්ගලික රෝහලක් ලෙස පවත්වාගන යාමට අවසර දිය යුතුය. රජයේ වෛද්‍ය විද්‍යාලයන්ට හැර වෙන කිසිම ආයතනයකට වෛද්‍ය පීඨයක් පවත්වාගන යාම තහනම් කල යුතුය. එවිට ඔහු කැමති ආකාරයට එම රෝහල ඉන්දියාවෙන් හෝ වෛද්‍යවරු ගෙන්වාගෙන පවත්වාගන යාවි... නවලෝක රෝහල පත්වාගන යන ආකාරයට කාගේ වුවත් පුද්ගලික දේපල රජයට පවරා ගැනීම නීති විරෝධී ක්‍රියාවකි.
ඉන්දියාවේ දොස්තරවරුන් හොඳින් උගත්, දක්ෂයි. ඒ වාගේම ආචාරශීලියි. රෝගීන්ට ගරුසරු ඇතිව තමයි වැඩකරන්නේ...
දොස්තරවරු ජය ලබා ඉවරයි. ළමයි අනාගතයේ උපාධිධාරීන් වෙනවාමයි. මෙම සියලුදෙනා අරගල කරන්නේ අනාගත සමස්ත දරුවන් වෙනුවෙන්... මෙතන දේශපාලනයක්, කුල, ජාති, ආගම් බෙදා නැත. මේ සම්බන්ධ මැති ඇමැති කාගැනවත් අපගේ අමනාපයක් නැත. ඔවුන් ජනතා නියෝජිතයෝ ලෙස ක්‍රියාකරන ආකාරය නම් පොදුමහ ජනතාවට ප්‍රශ්නයක්.. සයිටම් ගනුදෙනුව අපි නොදනිමු. නමුත් එයාලගේ හෘද සාක්කිය දනී. ගරු බලධරයිනි, සයිටම් වහන්න. සයිටම් දරුවන්ට ඉතා සාධාරණයක් කරන්න. නැවත ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා. රට ඉතා ණය බරක ඉන්නේ...
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගන්න එපා බලධරයිනි. මේක වංචනික යටි අරමුණක්...අනේ!!! දෙමව්පියනේ සයිටම් වලට අලුතින් ඔබේ දරුවා ඇතුළත් කරන්න එපා... අපිට ජනවාරි 08 වැනිදා කිව්වා යහපාලනයෙන් මෙය ඉෂ්ට කර දෙන්න. බලධාරීන්ට මෙය ඇසේවා !!!
ධනපති දොස්තරවරු වෙනුවෙන් කතාකරන අයට සැපඇති දැන්? කනකර ටික උගස් තියලා ලෙඩේට පෞද්ගලික රෝහලෙන් බෙහෙත් ගත්තාම සනීපෙටම සනීප වෙයි.
1980 ජූලි වර්ජකයින්ට ඉගැන්නුවා වගේ අමතක නොවෙන පාඩමක් මේ දොස්තරලාට උගන්වන්න ඕනෑ. සයිටම් කියන්නේ ජනතා ප්‍රශ්නයක් නොවෙයි. ඒක හීන මානයෙන් පෙලෙන කුලහීනයන්ගෙ ප්‍රශ්නයක්....ඒක ජනතාවට අදාල නැහැ....මේ අයගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා දේපළත් රාජසන්තක කරන්න ඕනැ. මේ වෙනුවට ඉන්දියාවෙන් ගෙන්වාගන්න පුළුවන් හොඳ දක්ෂ දොස්තර මහත්තුරු...