(විනීතා එම් ගමගේ)
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත වැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
එම සම්මුතියට අදාල පනත ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිදු වලංගුභාවයක් නැතැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යංශය හා එහි නිලධාරින් එම පනතට අස්සන් කරමින් ඉතා බරපතල වරදක් සිදුකර ඇතැයි කී ගුණවර්ධන මහතා එම පනත මඟින් යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන් හා ඊට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම එවකට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස් මෙවැනි පනතක් සම්මත කර ගැනීමෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
සරලව කිවහොත් මෙම පනත සම්මත වුවහොත් විදේශ රටකට මෙරට පුරවැසියකුට යම් චෝදනාවක් නැගී ඇතැයි සඳහන් කරමින් එරට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවක එම තැනැත්තා එකී රටට භාර දීමට සිදුවන්නේ යැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරලව කියපු කතාව නම් තේරුණා...
ඇයි එතකොට සරත් ෆොන්සේකා මහත්තයා ගැන මොනවද කියන්න තියෙන්නේ?
එතකොට ඒ කාලෙ හිටපු හමුදාපතිට ප්‍රශ්නයක් නැද්ද?
මෙයාලා පුදුම විදිහට බය වෙන්නේ.... අර දෙන්නට මොනවා හරි වෙයි කියලා. රට ගැන හිතල කතා කරන කෙනෙක් හොයාගන්න හරි අපහසුයි. තමන්ගේ වාසියටයි වැඩ කරන්නේ. රටේ හැම දෙයක්ම ආපස්සට දන්නා රෑ දහවල් නැතුව වැඩ කරනවා. හරිම කණගාටු දෙයක්....
රෑට ගෙදරට ඇවිත් අල්ලාගෙන ගිහින් අතුරුදන් කරන්න හැකියාවක් තිබිය යුතුයි. මෙවැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බව ඇත්ත. මහා සංඝ රත්නය සහ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා වැනි අය කරන්නේ නිවැරදි දෙයක්....
ආණ්ඩු කරන අයට මිනි මැරීමට අවසර දිය යුතුයි කියලද කියන්නේ ?
එතකොට අප්පච්චිගෙ කාලෙ ඔහේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සයිටම් පනත ගැන් මොනවද හිතෙන්නෙ දැන් ?