(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (29) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙත පවරා ගැනිණි.
කාන්තා කටයුතු, පුනරුත්තාපන , සමාජසේවා, සමූපකාර , ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මිය දිවුරුම් දුන්නාය.
ත්‍රීඩා හා යෞවන කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අචාර්ය කන්දයියා සරවෙස්වරන් මහතා දිවුරුම් දුන්නේය.
ඊට අමතරව මුදල් හා ක්‍රම සම්පාදන , නීතිය හා සාමය , ඉඩම් විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, සංචාරක ,පළාත් පාලන, පළාත් පරිපාලන ,කෘෂිකර්ම හා ගොවිජන සේවා ,සත්ව පාලන , වාරිමාර්ග, ජලසම්පාදන සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේෂවරන් මහතාද උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.