(දයාසිලි ලියනගේ)
ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහාය ගැනීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) නුවරඑළියේ දී පැවසීය.
ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් මෙම අයහපත් ප්‍රතිවිපාක වලට ජනතාවට මුහුණදීමට සිදුවී ඇති බවත් අද පැන නැගී තිබෙන ජනතා විරෝධතා හමුවේ, එම වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත්, වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදුකළ අය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ජර්මන් රජයේ කැණීම් පිළිබඳ විශේෂඥයකු මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙන අතර වැඩිදුර අධ්‍යයනය සඳහා තවත් සති කිහිපයකින් නෝර්වේ රජයේ විශේෂඥ කණ්ඩායමක් ද දිවයිනට පැමිණිමට නියමිත බව ද ජනපතී කීවේය.
මේ අතර බණ්ඩාරවෙල නගර වැසියන්ගේ ජල අර්බුදය පිළිබඳව විමර්ශනය කර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වාර්තාවක් ලබාදීම සඳහා මහින්ද අමරවීර, චම්පික රණවක හා විජිත් විජයමුණු සොයිසා යන ඇමැතිවරුන් ලබන සඳුදා (3) එම ප්‍රෙද්ශයේ සංචාරය කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.