(දයාසිලි ලියනගේ)
ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහාය ගැනීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) නුවරඑළියේ දී පැවසීය.
ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් මෙම අයහපත් ප්‍රතිවිපාක වලට ජනතාවට මුහුණදීමට සිදුවී ඇති බවත් අද පැන නැගී තිබෙන ජනතා විරෝධතා හමුවේ, එම වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත්, වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදුකළ අය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ජර්මන් රජයේ කැණීම් පිළිබඳ විශේෂඥයකු මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙන අතර වැඩිදුර අධ්‍යයනය සඳහා තවත් සති කිහිපයකින් නෝර්වේ රජයේ විශේෂඥ කණ්ඩායමක් ද දිවයිනට පැමිණිමට නියමිත බව ද ජනපතී කීවේය.
මේ අතර බණ්ඩාරවෙල නගර වැසියන්ගේ ජල අර්බුදය පිළිබඳව විමර්ශනය කර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වාර්තාවක් ලබාදීම සඳහා මහින්ද අමරවීර, චම්පික රණවක හා විජිත් විජයමුණු සොයිසා යන ඇමැතිවරුන් ලබන සඳුදා (3) එම ප්‍රෙද්ශයේ සංචාරය කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොත්මලේ ජලාශය ගැනත් මේ වගේ ප්‍රශ්න ආපුවෙලාවේ දෙපාරකට විදේශ විශේෂඥයන්ගේ විමර්ශන වලට මහා විශාල මුදලක් වියදම් කළා රටේ සල්ලි... නමුත් අවසානයේ වැඩිපුරම ගෙවීම් කරපු විදේශ විශේෂඥයන්ගේ වාර්තාව වුණේ 1960 ගණන්වල අපේම රටේ විශේෂඥයෙක් වූ දොස්තර පට්ටිආරච්චි මහත්මයාගේ වාර්තාවමයි. ඒ වාර්තාවට ඒ දවස්වල ඒ මහත්මයාගේ කණ්ඩායමට හදන්න වැයවෙලා තිබුනේ රුපියල් 25,000 වගේ සුළු මුදලක්. නමුත් ඩොලර් මිලියන ගානක් වැයකලා විදේශ විශේෂඥයන්ට... ඇයි දැන් වුණත් එවැනි රටේම විශේෂඥයන් හොයාගන්න බැරි?
ඇත්තටම ලංකාවේ හරිහමන් ඉංජිනේරුවරු නැද්ද?
ජනපතිතුමනි, උමා ඔය කරන්නෙත් විදේශිය රටක් වන ඉරානයයි. එයාලාගෙන්ම ආයි ගෙන්වනවා නම් තවත් දිනය නොදාපු නම නොලියපු මරණ සහතිකයක් නිකුත් කලා වගේමයි...
මේ වගේ පාලකයෝ ඉන්න රටකට මොන අනාගතයක්ද? මෙතරම් විනාශයක් වෙලා තියෙන බව පෙනී පෙනීත් මේකත් ඒ වගේම එකක්... මේ වෙනකොට රටේ ප්‍රශ්නවලට පත්කරපු කමිටුවෙන් කරන දේවල් මේ කපේදී ඉවර වෙන ඒවා නම් නොවේ.
අපේ දේ කොහොමත් අපට වටිනාකමක් නෑනේ.... අනික අපේ අයත් පුරුදු වෙලා ඉන්නේ පිටින් කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කිව්වොත් ඒක පිළිගන්නනේ...
ඔය වගේ කමිටු කියක් පත්කළාද? මොකද්ද වුණ යහපත කල්මැරිම පමණයි...
ඉරානයේ කාන්තාර හාරන මිනිසුන්ට පුලුවන්ද තෙත් කලාපිය රටක් වන ලංකාවේ පොලොව හාරන්න මේ ගොල්ල කරලා තියෙන්නේ අත්හදා බැලීමක්
ඕකත් අර මහා බැංකු වංචාව හොයන්න පත්කළ කමිටුව වගේ වේවිද?