රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (24) දහවල් පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ද එම සංගම කියයි. විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ සෞඛ්‍ය අමාතයංශ පරිශ්‍රයේදී 21 වනි දා එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටපුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ප්‍රවෘත්තියක් තියනවා. පිටරටින් දොස්තරවරු ගේන්න යනවා කියලා. අනේ මන්දා...
මේකෙන් පස්සේ මොකක්ද ආයෙත් වෙන්නේ.. ? වෙන එකක් කරළියට එයි...
තව දවසක් දෙකක් ඇදුනා නම් වර්ජනය නවත්වන්නේ රටේ ජනතාවයි.
තව අම්බලමක්වත් අත්පත් කරගතහොත් මොකද? එතකොට නම් සටන දිනුම්...
ඇත්තටම අසාධාරණ වැඩ වර්ජනයක් කලේ. අඩුම ගානේ කලින් දැනුම් දිමක් කලෙත් නැ. සාමාන්‍ය ජනතාවගෙන් මේ අයට සහයෝගය ලැබෙන්නේ නෑ. ඇත්තටම සයිටම් පටන් ගත්තේ හිටපු ජනාධිපතිතුමා. ඒක හොඳ ආරම්භයක්. ඒ අයම ඒකට විරුද්ධයි. එතකොට වෛද්‍යවරු මුනිවත රැකලා දැන් මේ ආණ්ඩුවට විසඳන්න කියනවා. තව දුරටත් වර්ජනය තිබුණා නම් හුඟක් වෛද්‍යවරුන් වැඩ කරයි. උගත් මධ්‍යස්ථව හිතන දෙවියෝ වගේ වෛද්‍යවරුත් ඉන්නවා. මාවතගම වැඩ කලේ ඒ වගේ වෛද්‍යවරු. වෛද්‍යවරු ජීවිත රැක දෙනවා තමයි. හැබැයි මේ වර්ජනය නිතර කරන නිසා වෛද්‍ය වෘත්තියට කැළලක් වෙනවා. මොකද වෛද්‍යවරුන්ගේ සංගමයට බලයක් තියෙනවා. ඒ අයට රෝගීන් ට ප්‍රතිකාර නොකරපුවාම එතන ප්‍රශ්න ගොඩයි. හැබැයි උගත්, බුද්ධිමත් අය බලය අතේ තිබුණු පමණින් ඒවා අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්නේ නෑ.
එහෙනම් දැන් ඉස්පිරිතාලවලට ගිහින් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ !!!
හොඳ වෙලාවට පණ බේරිලා . නැතිනම් මිනිස්සු ගහනවා...
මේ රටේ මිනිසුන් ආරක්ෂා කර ගන්න. බුදු සරණයි...
ජනාධිපතිතුමනි, මේවා පාලනය කරන්න හිටපු ආරක්ෂක ලේකම්තුමා හෝ හිටපු හමුදාපති වැනි අයෙකු පත් කළ යුතුයි.
තවත් කට්ටියක් ඉන්නවා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ඇතුලේ...., ගොඩක් නෙවෙයි, බොහොම අතළොස්සක්....
දොස්තර වර්ජනය අවසන් වුණාට දැන් නම් තුට්ටු දෙකේ රස්සාවක් බවට පත්වෙලයි තියෙන්නේ...
රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන දුප්පත් සහ අසරණ ලෙඩ්ඩුන්ට කරන ද්‍රෝහිකමට විරුද්ධව රටේ සාමාන්‍ය ජනතාව, දේශපාලකයන්ගේ අතකොළු බවට පත්ව සිටින ඔය දොස්තරවරුන්ට කාලෙකට අමතක නොවෙන පාඩමක් උගන්වන දිනය වැඩි ඈතක නැහැ කියලයි කියන්න තියෙන්නේ. ආරම්භයක් හැටියට අපි ඒක ඊයේ හලාවතින් දැක්කා. එදාට ඔය කට්ටියම "ඇයි මම දොස්තර කෙනෙක් වුනේ ..? " කියලා හිතෙන්නත් බැරි නැහැ.
සයිටම් පටන්ගත්තේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් නෙමෙයි නම් මෙලහකට මේ දුර්වල ආණ්ඩුව ගෙදර ගිහින්. නමුත් අද හෙලන කිඹුල් කඳුළු නිසා මේ සාධාරණ සටන තරමක් අඩපණ වෙන බවකුයි පෙනෙන්නේ. මේ දේශපාලනය විසින් සැබෑ ජනතා ප්‍රශ්නයක් දියාරු කරහැරීම ඉතාමත් කණගාටුවට කරුණක්... නමුත් බහුතර ජනතාව මෙතැනදී ස්වාධීනව සිසු අරගලය සමග සිටීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්...
ලංකාවේ තිබෙන වෛද්‍ය ඒකාධිකාරය නැති කිරීමට නම්, පිට රටින් දක්ෂ වෛද්‍යවරුන් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කලයුතුයි. රෝගයකට ප්‍රතිකාර ගැනීමට දොස්තරගේ ජාතිය ජන්මය වැදගත් වන්නේ නැත. අවශ්‍ය වන්නේ, දක්ෂ කාරුණික වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක සේවාව පමණයි.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ වෘත්තීය සමිතියක්. වෘත්තීය සමිතියකට තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් සටන් කරන්න විතරයි පුළුවනි කියලා නීති ගෙන ආ යුතුයි... එතකොට කිසිම වෘත්තීය සමිතියකට ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය හෝ වේවා වෘත්තීය නොවන වෙනත් කාරණයක් හෝ වේවා දඩමීමා කරගෙන මහජනතාවට පීඩාවෙන පරිදි වැඩ වර්ජන කිරීමට නීතිමය ඉඩක් නොලැබෙනවා නේද?
මොකද කට්ටිය එකපාරටම නැවැත්තුවේ? වැඩිය දැඟලුවොත් කට්ටියට අත්වෙන ඉරණම ගැන මුකුත් සඳහනක් කළාද? විකට සටන් කියන්නේ ඕවට තමයි...
දොස්තර මහත්තයෝ මේ දවස් වල වැඩිය එළියේ ඇවිදින්න එපා. වැහි නැති හෙණ පාත්වෙයිද දන්නෑ?
දැන් සනීපද දොස්තර මහත්වරුනි. අහිංසක රටවැසියනි. අනිත්පාර මේ දොස්තරලා මේ වගේ තම වෘත්තියටවත් ගැලපෙන්නේ නැති වැඩ කලොත් වහාම ක්‍රියාත්මක වෙන්නයි තියෙන්නේ රතුපාට කතිර පැත්තක තියලා. දැනටමත් අහිංසක ජනතාව කීදෙනෙක් වලපල්ලට ගිහින්ද දන්නේ නෑ.
දන්නා කෙනෙක් ඉන්නවද මේ අයට විරුද්ධව නඩුවක් දාන්නේ කොහොමද? කියලා කියන්න...
වෘත්තීය සමිතියක් විසින් කටයුතු කලයුතු ආකාරය රජයේ සේවකයන්ට අදාල ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එයට පටහැනිව කටයුතු කරන සේවකයන්ට විරුද්ධව විනය පියවර ගත යුතුය. දොස්තරලා ලිහා. දාපු හරක් රංචුවක් වගේ හැසිරෙන්න ඉඩ දීල නිකන් බලාගෙන ඉන්නේ රජයේ කොන්ද පන නැති නිසාද?
ගලේවෙල දොස්තරට දුවන්ට දුන්න වගේ මෙයාලටත් දුවන්නම දෙන්නයි තිබුනේ? වෛද්‍ය සේවයටත් මේක නින්දාවක්....
ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? මොකටද පඩි ගෙවන්නේ?
මේ සංගමයට හේතුවක් අවශ්‍ය නැහැ වර්ජනයකරන්න. මුලින් පටන් ගත්තෙ සයිටම් ප්‍රමිතිය සහ ඉන්දීය වෙළඳ ගිවිසුම, ප්‍රමිතිය හදන්න රෝහල පවරගත්තට පස්සෙ කිව්ව "නැහැ" සයිටම් සම්පූර්ණයෙන්ම වහන්න ඕන කියල. ඒකට ආණ්ඩුව "හා" කිව්වෙ නැති නිසා, දන් සිල්ලර හේතුවලට ස්ට්‍රයික්. අන්තරේ එවුන් පාරට බැහැල ගුටි කෑවාම පහුවෙනිදට මේගොල්ලො ස්ට්‍රයික්.. ප්‍රතිපත්තියක් නැති සංගමයක්....
කෙසේ වෙතත් රටේ ජනපති මෛත්‍රිපාල සහ අගමැති රනිල් කියල දොස්ටරලා පිළිගත්. එකත් රාජිතගේ ලොකු ජයග්‍රහණයක්.
අය්යෝ අපරාදෙනේ. හිටියත් නැහැ වගේනේ. තව ඔහේ ගියානම් අවුලක් නැහැනේ. කොහොමත් මිනිස්සු ගැන හිතන ජාතියක් නෙමෙඉනෙ.
විමල් ඔයා හරියටම හරි.මෙයාලට වර්ජන කරන්න අයිතියක් නැහැ.මෙයාල කරන්නේ සේවයක්.අනික පිටරටින් දොස්තරලා ගෙන්වල මෙයාකගේ ලයිසන් එක නැතිකරනවා කියපු ගමන් මෙයාල වර්ජනය ඇත හැරියා නේද? දොස්තර රස්සාව බල්ලට අැදල දැම්ම මේ කට්ටිය.මගේ සිය දොස්තර කෙනෙක් දැන් නැතිවෙලත් අවුරැදු 25 වෙනවා හැබැයි එය කවදාවත් ඔහොම බලු වැඩ කරලා නැහැ.එයා වැඩ කලෙත් දුෂ්කර පලාතක දරුවෙක් අරන් බෙහෙත් ගන්න ආපු අම්ම කෙනෙකුට පාමසියෙන් ගන්න බෙහෙතක් ( රෝහලේ එම බෙහෙත තිබිල නැහැ) ලියල දුන්නම ඒ අම්ම අන්දලා සල්ලි නැහැ කියල මගේ සිය එයාගේ අතේ තිබුන මුද්ද ගලවල දීල මේක අරන් ළමයට බෙහෙත් අරන් දෙන්න කියල සීයාගේ මරණේ දවසේ අපි එක දැනගත්තේ මොකද ඒ අම්ම ඇවිත් අඬමින් කිව්වේ දැන් එහෙම දොස්තරලා ඉන්නවද? දොස්තර වරුණේ පපුවට තට්ටු කරලා බලන්න ඔයාල ඉගෙන ගන්නේ අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඔයාල ලබන ආත්මේ ඉපදෙන්නේ බල්ලෝ බළල්ලු වෙලා.
අනේ මට ඔයාගේ දුප්පත් දොස්තර සීයගේ නමයි, වැඩකරපු ඉස්පිරිතාලෙයි කියන්න පුළුවන්ද?
ඇයි මගේ සීයාට එහෙම කතා කරන්නේ?
ඉන්දියාවේ ඉන්නවා ඕන තරම් දොස්තරලා ඉහළම සුදුසුකම් තියෙන... නමුත් රස්සාවල් නැතිව. ඕන වෙලාවක මෙහාට එන්න ලෑස්ති පිට. මෙහෙ ඉන්න විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරු ගන්න භාෂාව පරිවර්තනය කරන්න ඕනෑ නම්. දෙගොල්ලොන්ටම යන පඩිය දැන් දොස්තර කෙනෙකුට ගෙවන ගාණට වඩා අඩුයි. ඒගොල්ලෝ බදු රහිත වාහන ඉල්ලන්නෙත් නැහැනේ. රටටත් හුඟක් ලාබයි. මේ ගොල්ලෝ ගෙදර යවන්න. ප්‍රශ්නේ ඉවරයි. ජනතාවටත් හොදයි.