(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
එම වර්ජනයට අනෙකුත් ප්‍රබල වෘත්තීය සමිති සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ පිළිබඳව සාකච්ඡා කරමින් තිබෙන බව ද වෛද්‍ය හේරත් මහතා කියයි.
සයිටම් ආයතනය ජනසතු කිරීමෙන් මෙපිට කිසිදු යෝජනාවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නොවන බව ද ඔහු පවසයි.
එම වර්ජනය දියත් කරන දිනය ඉතා ඉක්මණින් තීන්දු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මෙහෙම කියන්නේ හීනෙන්ද දන් නෑ...
ලබන සතිය වෙනකම් මොකක් වෙයිද දන්නෑ. ඉස්සෙල්ලා චැනල් කිරීමත් නැවැත්වූයේ වේලාසනින් ආණ්ඩුව දැන ගන්න නිසානේ....
මට හිතෙන හැටියට සයිටම් එක රජයට පවරාගත් විට සිදු වන දේ..... නම් මෙයයි. නැහැයි කියන ප්‍රමිතිය ඉබේම ඇතිවීම, ලංකාවේ උසස් පෙළ සමත් වන සෑම සිසුවෙකුටම රජයේ විශ්ව විද්‍යාලයක නොමිලේම ඉගෙන ගැනීමට හැකි වීම, දැනට මුදල් ගෙවා විදේශ රටවල ඉගෙනුම ලබන සිසුන් නැවත ලංකාවට පැමිණ රජයේ විශ්ව විද්‍යාලයක නොමිලේම ඉගෙන ගැනීම, සියලුම රෝගීන්ට රජයේ රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර කිරීම, සියලුම දොස්තරවරුන් රජයේ රෝහල් වල පමණක් ප්‍රතිකාර කිරීම, රෝගීන් සහ දොස්තරවරුන් නොමැතිකම නිසා ලංකාවේ සියලුම පුද්ගලික රෝහල් වසා දැමීම.
දැන් ඉන්න වැඩිමනක් දොස්තරවරු කොන්දොස්තරවරු කිරීමට කාලය පැමිණ ඈත.
වෛද්‍යවරුනි, මෙම ක්‍රියා මාර්ගය හැරෙන්නට වෙන විකල්පයක් නොමැති බව රජයේ ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලියි. එ් නිසා ඔබ ගන්නා ක්‍රියාමාර්ගය ඉතා ඉක්මණින් ගන්න. එමගින් මෙම ප්‍රශ්නය විසඳා රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව ඉතා ඉක්මණින් තහවුරු කරන්න. ඔබට අපගේ සහයෝගය නිරන්තරයෙන් ලැබෙනවා.
රජය වැඩකරන්නේ ආයතනයක සේවකයන්ගේ උවමනාවකටද? නැතිනම් ඔබතුමා බලයට පත්කළ ජනතාවගේ උවමනාවටද? ජනතාව බලයට පත්කළේ රටේ යහපත වෙනුවෙන් නොවේද?
මේ පාර දොස්තරවරුන්ට නම් හොඳ වැඩක් වෙන්නයි යන්නේ මිනිසුන්ගෙන්... මොකද දැන් මිනිසුන්ට එපා වෙලයි තියෙන්නේ...
"අඛණ්ඩ" කියන එකේ තේරුමවත් දන්නවද දන්නේ නෑ.. දැන් අඛණ්ඩ කීයක් කළාද මේ අය....
ලෝක සෞඛ්‍ය සංවිධානයට කියල දොස්තරවරු ගෙන්න ගන්න.. මේ අයට අඛන්ඩවම ගෙදර ඉන්න කියන්න.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන අයුරු ද මේ. පහවසර සිට අධ්‍යාපන ක්‍රමය වහා වෙනස් කල යුතුයි. ජාතික අවශ්‍යතාවයක් වූ පුද්ගලික වෛද්‍ය පීටයත් ටික දෙනෙක්ගේ උවමනාවට වහනවා නම් මේ රජයෙන්ද රටට වැඩක් නැත...
මෙය හැරෙන්නට වෙන විකල්පයක් නැත. ඔබලාට ජයවේවා!!! බුද්ධිමත් ජනතාව ඹබලා සමගයි...
නිදහස් අධ්‍යාපනය රැකීමේ අරගලයට ජයවේවා !!!
මම හිතන්නේ මේ අර්බුදයට එකම විසඳුම රට බාරදීලා ආණ්ඩුව ගෙදර යන එකයි. එතකොට මේකේ නියම පැත්ත බලාගන්නට පුළුවන්ය.
බිහිරි අලීන්ට වීණා ගයන කලට වැඩක් නැත. නමුත් අපි ගායනා කරමු... ලේ දන් දුන්නට කරදර වුණොත් එම වගකීමත් රජය බරගත යුතුයි... අවනීතියට වැඩ කරන අයමයි වැඩි දැන්නම්...
රජයේ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතුව ආරම්භ කල පුද්ගලික විශ්ව විද්‍යාලයක් අවරුදු 6-7ක් ක්‍රියාත්මක වීමෙන් පසුව එකවරම නින්දෙන් අවදි වුණා සේ දොස්තර සංගමය විරුද්ධ නිසා රජයට පවරා ගත හැකිද? මේකේ නීති මය පැත්ත කොහොමද? ආණ්ඩුව මෙසේ ක්‍රියා කළොත් ඉදිරියේදී දේශීය, විදේශීය ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරාවීද? මේ විදිහට සයිටම් එක රජයට ගතහොත් එහේ අයිතිකරුවන් රජයට විරුද්ධව වන්දි ඉල්ලා නඩු පැවරුවොත් වන්දි ගෙවන්න වෙන්නේ රටේ බදුගෙවන ජනතාවට නේද?
එහෙම කළොත් මෙහි සිටින ශිෂ්‍යයන්ට මොකද වෙන්නේ? සල්ලි අපහු දීල ඉගෙන ගන්න දෙනවද? ප්‍රමිතිය ඉබේම හැදෙනවද? නැවතත් අහිංසක ළමයින් පිරිසකට ඉගනගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. මේක ජනසතු කළොත් ඉතින් එ්කත් අර රජයේ විද්‍යා පීට ගන්නට වැටෙනවා. දොස්තර මහත්වරුන්ගේ පුද්ගලික රෝහල් වලින් ලබන ආදායමට 50% ක බද්දක් ගහන්න ඕනි. තීරුබදු වාහන ගන්න එක අවුරුදු දහයකට දික් කරන්න ඕනි. අනේ අපි පිටරට ඉඳගෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එවනවා... අපිට රුපියලකවත් බදුසහනයක් නෑ. අපේ රටේ දේශීය කර්මාන්ත දියුණු කලයුතුයි. බුදු හාමුදුරුවොත් දේශනාකළේ කාලය අනුව ධර්මය වෙනස් වෙනවා කියලා... මේ දොස්තරලා ආර්ථික විද්‍යාව ගැන දන්නේ නෑ.
මේ සංගමයේ ඉන්න නිලධාරීන් උග්‍ර මානසික අබාධ තියෙන අය වගෙයි. මේක රජයට පවරා ගන්න බව කියල තියෙද්දී ඇයි මේ වගේ කතා කියන්නේ ?
ලබන සතියේදී අඛණ්ඩව ජනතාවගෙන් පහර කෑමට වෛද්‍යවරු සූදානම් වෙනු...!!!
මේ දොස්තරවරු ලඟදීම හොඳ පාඩමක් ඉගෙන ගනියි. නරක පැත්ත තමයි සාධාරණ විරෝධතා තියෙන මහජන මතය ක්ෂය වීම.....
ඕකේ ඉගෙන ගත්තු දේශපාලකයන්ගේ බිරින්දෑවරුන් උසස් පෙළ සමත් මොන විෂයයන් වලින්ද කියා අපි හොඳින්ම දන්නවා. මේකෙන් ලංකාවේ ඉන්න සියලුම දොස්තරවරුන්ගේ හොඳ නම මුළු ලෝකයේම කැත වේවි !!! ඒ නිසා මේ දොස්තර වරුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයට මම කැමතියි...
නිවට කරණවෑමියා දැක්කහම එළුවාත් රැවුල පෑවාලු...
මගේ යෝජනාව මෙන්න... ඔය සයිටම් එකෙන් පිටවන අයට මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසුයි. ඒ අයට සත්තුන්ට බෙහෙත් කරන්නට පශු වෛද්‍ය සහතිකයක්වත් දෙන්න.
ඔන්න බලන්නකෝ මිනිස්සු මොකද කරන්නේ කියලා...
මේ ආණ්ඩුවේ ඉන්න කෙනා තමයි ඔක්කොම අවුල්කලේ ...ලේලිත් ඒකෙම ඉගෙන ගන්නවාලුනේ...
මීට වසර කීපයකට කලිනුත් මෙවැනි දැඩි තීරණයක සිටි අයට අවසානයේ අත්උන ඉරණම මොකක්ද කියල අපිට තවමත් මතකයි. රටක පවතින නීතිය පිළිබද මාෆියා කල්ලි වලට වැටහීමක් නැති උනාට රටේ බුද්ධිමත් ජනතාව පවතින නීති පිළිබද දැනුවත්. වෙද මාෆියා කල්ලියට මේ රට පාලනය කිරීමට හෝ වෛද්‍ය අධ්‍යාපනය ගැන තීන්දු තීරණ ගැනීමට කිසිදු ජනවරමක් රටේ ජනතාව දී නොමැති බව ඔවුන් වටහා ගත යුතුයි.
ඇන්ටන් මහත්තයෝ.....දොස්තරලාට ලෙඩක් නැහැ...මට පෙනෙන්නේ මොලේ අමාරුව ඔබටයි...සයිටම් හොර උපාධි කඩේ කියන්නේ එකක්, රජයට පවරාගන්නා නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ එකක් ...ඔය රෝහලට මිනිස්සු එන්නේ නැහැ...එ්කට කියන්නේ ඔය අරයාගේ ඉස්පිරිතාලේ කියලයි...ඉතින් ඒ ඉස්පිරිතාලේ මුදලාලි තීරණය කළා එය ආණ්ඩුවට පවරාදී වියදම් වුන මුදලමෙන් දෙගුණයක් රජයෙන් ගන්න. ඒ මුදලාලි කැමති නැහැ එයාගේ ඔය සයිටම් කඩේ වහන්න.උගත් බුද්ධිමත් දොස්තරලා කියන්නේ ඔය හොර කඩෙන් පිටවන හොර දොස්තරලාට මුළු ලෝකයම පිළිගන්නා රජයේ වෛද්‍යා උපාධිය දෙන්න එපා කියලයි...නමුත් ආණ්ඩුවේ සිටින "සම හරක් " ඔවුන්ගේ මෝඩ දරුවන් , බිරින්දෑවරුන් ,මෝඩ ලේලිළාව මේ හොර ඉස්කෝලෙට පස්සදොරෙන් ඇතුල්කරලා...ඔය ප්‍රශ්නය නිසා ඒ හොර කඩේ ඉගෙනගන්නා උගත් අපොස උපෙළ ඉහලින්ම සමත් කිහිපදෙනෙකුත් අනාතවෙලා...ඒ අයගේ දෙමාපියන්ව කඩේ මුදලාලි රවට්ටලා...
අපිට නම් දැන් දොස්තරලා දකිනකොට පුදුම අප්පිරියාවක් දැනෙන්නේ. අපි දැන් ආයුර්වේද බෙහෙත් වලට හුරුවෙමු. කොහොමටත් දේශීය දෙය අගයකල යුතුයි.
ඔය ගමන්ම පවුද්ගලික රෝහල් ටිකත් ජනසතු කළා නම් නරක ද ?
මමනම් කැමති දොස්තර සංගමය කරන උත්සාහයට අධ්‍යාපනයේ ගුණාත්මක බව රකින්න ගන්න උත්සාහය අගේ කරනවා ,මේ වෛද්‍යය වරුන්ගේ අදහස සමග අපිට එකග වෙන්න වෙනවා.නොෙවුනොත් වෙන්නේ කොහොමත් කොන්දොස්තරලාගෙන් තමා බෙහෙත් ගන්න ලංකාවේ කොයිකටත්. අමරිකාව ට ගිහින් එහෙ බලන්න එපෑ අප්පා තිය්නේ තාක්සනය . අපිට ඔවුන් ඉතුරු කරපු දෙයින් තමා යැපෙන්න වෙලා තියෙන්නේ. මේ ඉන්න උසස් ගුණයෙන් යුතු වෛද්‍යය වරු නිසා තම මේ ටිකත් රැකිලා තියෙන්නේ . *** මම කැමති වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක් කරන්න .අපිට විකල්පයක් විදියට බැරිද වෛද්‍යය වරු වැඩ වරන්නේ නැතුව ලංකාවේ තියන සියලු රාජ්‍ය සහ අර්ධ රජය සහ පෞද්ගලික මේ ගැන අවබෝධයක් තියන මහජනයා සටනට බස්සන්න ,මේ රජය ගෙනියන පෞද්ගලික නියාය පත්‍රයම වැරදි කියල . හොද සහයක් රටෙන් ලැබෙයි. ආණ්ඩුවට මම හිතන්නේ කරන්න තියෙන්නේ O / L A / L මොකුත් ඕන නැහැ .ඔ්න ගොනෙක් දොස්තර කෙනෙක් වෙයන් කියල ගැසෙට් එකක් ගහන්න. .අමරිකාව තාක්ෂනය ගෙන්න කතා කියමින් මේ කරන විනාසය . මගේ රටට දෙවි පිහිටයි.
මගේ දැනීමේ හැටියට රජයේ විශ්ව විද්‍යාල වලට දේශපාලන නමැති පිළිකාව බෝවීම නිසා එහි සිසුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උද්ගෝෂණ වලට සහභාගී වෙන්න සිද්ධ වෙනවා , ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන කාලයෙන් අනිවාර්යයෙන්ම 20%-30% විනාශ වෙනවා , ඒමදිවට පාරවල් වල රස්තියාදු වෙමින් පොලිසියෙන් ගුටි කන එක විශාල මානසික පීඩනයක් මෙය ඉගෙනීමට බලපානවා ,එතකොට අපි කොහොමද ඔවුන්ගෙන් 100% ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්නේ ? නමුත් පවුද්ගලික විශ්ව විද්‍යාල තුල දේශපාලය හෝ උද්ගෝෂණ නොමැති නිසා ඔවුන්ගේ ප්‍රමිතිය රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ගේ ප්‍රමිතියට වැඩිය හොඳ වෙන්න පුළුවන් බව මගේ අදහස , ලෝකයේ දියුණු රටවල් සමග සසදන විට අපේ රටේ උගතුන්ගේ විශාල අඩුවක් ඇත එය රටේ දියුණුවට බලපානු ලැබේ ,දියුණු රටවල් සමග සන්සන්ධනය කරන විට ලංකාවේ රජයට වියදම් කලහැක්කේ සීමිත මුදල් ප්‍රමාණයකි , දුප්පත් පන්තිය වෙනුවෙන් පෙනී සිටින බව කියන දේශපාලන පක්ෂ විශ්ව විද්‍යාල සිසුන් ලව කරවනු ලබන උද්ගෝෂණ නිසා වෙන්නේ රටේ දියුණුව කඩ කප්පල් වීමය , අනාගතය අදුරු වීමය , දුපතුන් වැඩි වෙන තරමට ඔවුන්ගේ(පක්ෂවල) බලය වැඩි වේ ,
ඔය චැනෙල් කඩ , පුද්ගලික රෝහල් රජයට පවරගන්න කියල මිනිස්සු උද්ගෝෂණ කලොත් දොස්තරලට මොකද වෙන්නේ ?
ලංකාවෙ තරම් පසුගාමි මිනිස්සු කොහෙවත් නැහැ. පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ද එකම රට. කවදාවත් දියුනු කල නොහැකි පවුකාර රටක්.
නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන්නේ එ්කෙන් වැඩක් ගත්ත අය විතරයි. මේකේ සම හරක් ගේ අදහස් දැක්කම තේරෙනව ලබල තියෙන අධ්‍යාපනයේ තරම. ඔබලාට ජයවේවා.. ජන සතු කිරීම හැර වෙන විකල්පයක් නැත
මේකට විරුද්ධව ප්‍රකාශ ඉදිරිපත් කරපු අයට ලියන්නේ. මේ වර්ජනය කරන්නේ ඇතුලෙ දැනට ඉන්න වෛද්‍යවරු වෙනුවෙන් නොවන බව හොඳට මතක තියා ගන්න. මොකද දැනට වෛද්‍යවරු වෙලා ඉන්න අයට SAITM නෙමෙයි තව සීයක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ වෙන්නේ වෛද්‍යවරයෙක් වෙන්න හීන දකින ඔය අයගෙම දරුවන්ට. ඒක හොඳට මතක තියාගන්න.ලංකාවෙ ඉන්න බහුතරයක් නූගත් ජනතාව දවසක කියයි අපි එදා එහෙම හිතුවෙ නැහැ කියලා. අනිත් එක වෛද්‍ය ප්‍රමිතිය ගැන නොදන්න කෙනෙක් එක්ක සම්භාෂාවක් කරන එකේ තේරුමකුත් නැහැ. ලංකාවේ සිංහල බහුතරය නූගත් ලෙස හැසිරීම ඉතාමත් කණගාටුයි. අනිත් එක තමයි, මේවට විරුද්ධ වෙන අය SAITM අයගෙන්ම ගිහින් බෙහෙත් ගත්ත නම් නරක ද? එතකොට හොඳ හොඳ ඒවා බලාගන්න තිබුණා.
දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්ණය තමයි සයිටම්. 50 දෙනෙකුගේ ප්‍රශ්ණයට 20 ලක්ෂයක් විඳවන්න ඕන. දොස්තරලගෙ ප්‍රශ්ණ විතරද ප්‍රශ්ණ?
වෛද්‍ය වරුන්ට ගහන්නේ පශූ වෛද්‍ය වරුන්ගෙන් බෙහෙත් ගන්න අයනේ
මේ ආණ්ඩුව හත්පොලේ ගාගන්නවා,සයිටෙම් එකට දෙන විසඳුම් තනිකරම ප්‍රශ්නකාරී ඒවා,හොඳ උත්තර,රටට ගැලපෙන පිළිතුරු තියෙද්දිත්, දත් දොස්තර,කිරිඇල්ල වැනි අමාත්‍ය වරුන්ගේ පෞද්ලික (නෑයන් ඉගෙන ගන්න නිසා ) මත අනුව මෙම මේ ප්‍රශ්ණය විසඳීමට යාම හරියට කොස් ගස් කපන්න එක දවසකට පමණක් බලපත්‍ර ඕනේ නැහැ කියල කොස් ගස් විශාල ප්‍රමාණයක් කපපු පහුගිය හොර ආණ්ඩුවක තීරණයට සමානයි,පක්ෂ පාති ,හොර තීරණ .
ලංකාවේ දොස්තරලගෙන් වැඩි දෙනෙක් ආත්මාර්ථකාමී කුහක උද්ධච්චයන්. තමන් උඩට ගිහින් අනිකට උඩට එන්න දෙන්න අකමැති හීනමානයෙන් පෙලෙන මේ අයට ජනතාව විසින් දඬුවම් දිය යුතුයි. මොකද ආණඩුව මොකුත් නොකරන නිසා.
2020දි පැරදුනත්, ප්‍රේමදාස ආණ්ඩුව රාගම වෛද්‍ය විද්යාලයට කලදේ සයිටම් එකටනම් කරන්න එපා. මේගොල්ලන්ට වර්ජනය කරන්න ඉඩ දෙන්න. 2020 අප්පච්චි ඇවිත් මේගොල්ලො ගැන බලාගනීවි ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් වගේ.
අනේකාලේ වනේ වාසේ
මේකේ ප්‍රතිචාර දාන ය හිතන් ඉන්නේ ලංකාවේ වැඩකරන දොස්තරලා ඔක්කොම ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනගත් අය පමණක් කියල .. රුසියාවේ ගිහින් ආපු අය (ඒ බහුතර අය මෙහෙ සා/පෙ පමණක් ඇති අය) නේපාලයේ බංගලිදේශයේ ඉන්දියාවේ ලැට්විය එකී නොකී බොහෝ අය ඇති බව දන්නේ කි දෙනාද?? ලංකාවේ ඒ දෙය කරොත් කුහක කම ඉස්මතුවෙනවා ඔක්කොටම වැඩිය ... එකනේ ඇත්ත.
මට හිතෙන්නෙ මේ අය ඉතාම කුහක පිරිසක්. අවුරුදු 19දි සයිටම් යන ශිෂ්‍යයෙක්, අවුදුරුදු 24 වෙනකොට ඉගෙනුම හමාර කර වෛද්‍ය වරයෙකු වෙනව. එහෙත් රජයේ ශිෂ්‍යයෙක් එලියෙට එන්නෙ වයස 26-27 දි. එයට හේතුව, පහත් දේශපාලනය සහ ඔවුන් විසින් කරන වර්ජන. මෙන්න මේනිසා මේ අය මේ රට විනාශ කරමින් සිටිනව.
ඉස්සරවෙලාම ආණ්ඩුව මේගොල්ලන්ට පැහැදිලිවම කියන්න, සයිටම් ජනසතු කරනවා, රජයේ වෛද්‍යවරුන්ට චැනලිනුත් තහනම් කරන්න නීති ගේනවා කියල. බලමු මොකද කියන්නෙ කියල.
සයිටම් ඔච්චර හොද රෝහලක්නම්, අයි ඇමතිවරු ලෙඩ උනාම සිංගප්පුරු යන්නේ? දැන්වත් තේරුම් ගන්න. මේ රටට පවුද්ගලික ව්‍යද්‍ය විද්‍යාල අවශ්‍යයි. හැබෙයි ඇහෙම කියල කිසිම යමනයක් නැතුව තමන්ට හිතුන හිතුන විදිහට දෙන්න පුළුවන් උපාධියක් නෙවෙයි ව්‍යද්‍ය උපාධිය. සයිටම් වෙනුවෙන් කෙගහන අය සයිටම් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වර්ගීකරණයේ කොහෙද කියල.
නීතිය කාටත් පොදුයි. Saitam දොස්තරලා හොඳද නැද්ද කියල තීරණය වෙන්නේ ලැබෙන අද්‍යාපනය සායනික පුහුණුව අනුව. Saitam ළමයිත් දක්ෂ බුද්ධිමත් ළමයි. එගොල්ලන්ටත් පුළුවන් රටට විශාල සේවයක් කරන්න. එකම විබාගේ පාස් වෙලා එකම පුහුණුව ලැබුනම ඒගොල්ලෝ බාල දොස්තරලා වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ ඉරිසියාව කුහකකම බය කියන තුන. GMOA දොස්තරලා බයයි Saitam දොස්තරලා හොඳට වැඩ පෙන්නලා උඩට යයි කියල. එතකොට මෙගොල්ලට අසරණ ජනතාව බිල්ලට දීල තමන්ගේ අරමුණු තර කරගන්න බැහැනේ. එක නිසයි කුහකකම බය ඇතිවෙලා තියෙන්නේ. එකට Saitam ලමයිවත් අසරණ රෝගීන්වත් මේ රටේ පොදු ජනතාවවත් පලිකාරයෝ නෙවෙයි. මේගොල්ලෝ වැඩ වර්ජන කරාට අඩු ගනනේ හෙදියන්ගේ සංගමය වත් මෙගොල්ලට support කරන්නේ නැහැ. මොකද එගොලන්ටත් තෙරෙනේව මේකේ තියන අසාදාරනකම.
වෛද්‍යවරුණි, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත ඕගොල්ලෝ ඇයි මේ වගේ පවු වැඩ කරන්නේ.මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තේ මේ විදියට මිනිස්සු පෝලිම් ගස්සවලා දුක් විඳවන්නද.අනිත් කෙනා ඉගෙන ගන්නවට ඇයි ඔච්චර ඉරිසියා.ඔයාලට වඩා ඉස්සරහට යයි කියලද.ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගත්ත නම් එකට සේවය කරන්න වෛද්‍යවරුණි.සයිටම් වෛද්‍ය වරුත් එලියට එන්නේ මොනවා හරි ඉගෙනගේනනේ.අපි ඒ ගොල්ලොන්ගේ හැකියව අදුනගෙන එකට තැනක් හදමු.මේ කරන වැඩෙන් ඔගොල්ලොන්ගේ දෙමාපියන්ට පවා ශාප වෙනවා.
ඇත්තටම ජනමත විචාරණයක් තියලා ජනතා කැමැත්ත බලල තීරණයකට ආවා නම් හරි... ඒක තමයි කරන්න ඕනේ...
රටකට නායකත්වය නැති වුණාම රටේ සමහරක් විකාර කරන්න පටන් ගන්නවා. මෙම ප්‍රශ්නයට දේශපාලකයන්ට උත්තරයක් නැත්නම් ජනමත විචාරණයක් තියලා ජනතා කැමැත්ත බලල තීරණයකට එන්න පුළුවන්...
සයිටම් ආයතනය ජනසතුකර ඔහුගේ රෝහල ඔහුට පුද්ගලික රෝහලක් ලෙස වෙනම පවත්වාගන යාමට අවසර ලබා දෙන්න. මන්ද පුද්ගලික රෝහලක් පවත්වාගෙන යාමට කිසිම ගැටලුවක් නැති නිසා එවිට සිදුවන විනාසය නතර වේ. ඔහු කැමති දොස්තරවරු ගෙන්වා රෝහල පවත්වාගන යාවි... ලංකාවේ දොස්තරවරු නොපැමිණේ නම් ඉන්දියාවෙන් හෝ ඔහු සේවය ලබා ගනීවි. රෝහල ජනසතු කිරීම අසාධාරණ ක්‍රියාවකි.
ලංකාවේ ඉන්නේ වැඩි හරියක් වැඩ බැරි දොස්තරවරුන්.... බංගලාදේශේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙනගෙන ලංකාවේ වැඩකරන්න පුළුවන්නම් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහින් සල්ලි ගෙවල ඉගෙන ගත්තහම මොකද්ද වෙන වරද? ලංකාවේ වෛද්‍ය මණ්ඩලයෙන් තියෙන විභාග පාස් කරන අයටනේ වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරන්න ලියාපදිංචි වෙන්න දෙන්නේ. මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව. රුසියාවටත් වැඩ ලොකුයි ලංකාවේ දොස්තරලගේ ඉරිසියාව !!!
මෙතන රඟපාන ගොඩක් අය අවුරුදු ගාණකින් ලංකාවට අපු උදවියවත් නෙමෙයි. තමන්ගේ ගෝත්‍රවාදී දේශපාලනය තමයි දිගහරින්නේ. සයිටම් එකට විරුද්ධව ඇති විශාල ජනමතයක් අද වෙද්දී අපේ රටේ තියෙනවා. එක මේ දේශපාලන මැදහත්වීමක් නිසා සිදු වුන දෙයක් නෙමෙයි. මේකෙන් ජනතාවගේ ලේ උරා බොනබව ජනතාවට තේරිලා තියෙන්නේ.....
දැන් මෙතන අදහස් දාන අය මෙච්චර කල් ප්‍රතිකාර ගත්තේ සයිටම් දොස්තරලගෙන්ද? රජයේ වෛද්‍යවරු සේවයක් කරලම නැද්ද? නිදහස් අධ්‍යාපනය ඕනෑම කෙනෙකුට ලැබෙනවා. එ්කෙන් ප්‍රයෝජන ගන්න බැරි අය මෙහෙම නොගැලපෙන අදහස් දානවා...
සයිටම් දොස්තරලා හොඳද නැද්ද කියල තීරණය වෙන්නේ ලැබෙන අධ්‍යාපනය සායනික පුහුණුව අනුවයි. සයිටම් ළමයිත් දක්ෂ බුද්ධිමත් ළමයි. එගොල්ලන්ටත් පුළුවන් රටට විශාල සේවයක් කරන්න. එ් එක්කම විභාගේ පාස් වෙලා එකම පුහුණුව ලැබුණම ඒ ගොල්ලෝ බාල දොස්තරලා වෙන්නේ නැහැ. ඒ ළමයින් පොදු විභාගයකට ලෑස්තියි. මෙතන තියෙන්නේ ඉරිසියාව, කුහකකම, බය කියන තුන. ජී.එම්.ඕ.ඒ. දොස්තරලා බයයි සයිටම් දොස්තරලා හොඳට වැඩ පෙන්නලා උඩට යයි කියලා. එතකොට මේ අයට අසරණ ජනතාව බිල්ලට දීල තමන්ගේ අරමුණු තර කරගන්න බැහැනේ. එ්ක නිසයි කුහකකම, බය ඇතිවෙලා තියෙන්නේ. එකට සයිටම් ළමයින්වත්, අසරණ රෝගීන්වත් මේ රටේ පොදු ජනතාවවත් පළි නැහැ.
රජයේ නිලධාරීන් වශයෙන් ගුරුවරුන්ට පුද්ගලික පන්ති පැවැත්වීම තහනම් නම් රජයේ දොස්තරලට පුද්ගලික සේවය වහාම තහනම් කල යුතුය... මන්ද ඔවුනුත් ජනතාවගේ මුදලින් වැටුප් ලබා ගන්න නිසාය...
සයිටම් ප්‍රශ්නය කෙසේවෙතත් කරුණාකර තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට පාසල් සහ සරසවි සිසුන් යොදාගනිමින් සිසුන්ගේ සහ රටේ අනාගතය අඳුරු කරන පක්ෂ වලට ඡන්දය දීමෙන් වැළකිය යුතුය. උමා ඔයේ ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිතුමා විදේශික ඉංජිනේරුවෝ ගෙන එන්නේ, ලංකාවේ නව නිපැයුම් වැනිදේ ඇති නොවෙන්නේ ඇයි? මෙහෙ කට්ටියගේ ප්‍රමිතිය අඩු නිසාද? රටක දියුණුවට අධ්‍යාපනය ඉතා වැදගත්.....
සරසවි සිසුන් අධ්‍යාපනය අතපසු කරමින් උද්ගෝෂණ වලට යොමු කරන දේශපාලන පක්ෂයක නායකයාගේ දරුපවුල ජිවත් වෙන්නේ, ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ... එතැනින්ම පෙනෙනවා ඔහුගේ සමාජ වාදයේ යථාර්තය, දොස්තර සංගමයේ සමාජ වාදයේ තරම පෙනෙනවා හවසට චැනෙල් කඩ ඉස්සරහට ගියහම... මෙම දෙපාර්ශවයම හදන්නේ සමාජ වාදය නමැති කඩතුරාවෙන් ඔබලාගේ ඇස බැඳලා ඔබල භාවිතයට අරන් තම අරමුණු ඉටු කරගත්තට පස්සේ ඔබලාව පැත්තකට දමන්න. දොස්ත්රලගේ ළමුන් ගමන් බිමන් යන්නේ වායුසමීකරණය කරපු මෝටර් රථ වල, ටියුෂන් ගුරුවරු ගෙදර ඇවිත් උගන්වනවා. විදුහලේදීත් දොස්තර මහතාගේ ළමුන් කියා ඔවුන්ට විශේෂත්වයක් ලැබෙනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලට බැරි වුනොත් පිටරට විශ්ව විද්‍යාල වලට යන්න ඔවුන්ට මුදල් තිබෙනවා.
ලංකාවේ වැඩි දෙනෙක් බෙහෙත් ගන්නේ රජයේ රෝහල් වල ප්‍රමිතිය අඩු නිසා පුද්ගලික ඩිස්පෙන්සරි වලින්..., වර්ජනය කරනවා නම් පුද්ගලික සහ රජයේ රෝහල් යන අංශ දෙකෙන්ම වර්ජන දියත් කල යුතුය. නැත්නම් ඔය වැඩේ හරියන්නේ නැත.
ශ්‍රී ලංකාව වැනි තෙවැනි ලොව දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නැංවීමට ප්‍රමාණවත් තරම් අදායම්, මිල මුදල් නොමැති බවට පාලකයෝ සහ දොස්තරවරු මැසිවිලි නගති. ජනතාව ද ඉන් සෑහීමකට පත් වෙති.පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ගනිති එහෙත් කියුබානු පාලකයෝ මීට ප්‍රතිවිරුද්ධ ලෙස සිතන අතර සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුව හරහා ආර්ථික දියුණුව ද ළඟාකර ගත හැකි බව තරයේ අදහති. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දියුණු වූ විට ඒ ප්‍රතිලාභ නිරෝගිමත් ජාතියක් බිහි කරන බවත් රටේ ආර්ථිකය ද ඉන් ශක්‌තිමත් වන බවත් ඔවුහු කල්පනා කරති. ඔවුන්ගේ සෞඛ්‍ය සේවය ජපානයේ , ඇමෙරිකාවේ මෙන්ම දියුණුය ,සැබෑ විප්ලවවාදීන් එබඳු ය. අපේ දොස්තරලා විප්ලව වාදය පෙරට දමා විශ්ව විද්‍යාල සිසුන් මගට බස්සවා තම අරමුණු ඉටු කරගන්න අතර චැනෙල් කඩ හරහා තම පසුම්බිය තර කරගනු ලැබේ , පුද්ගලික විශ්ව විද්‍යාල එපා නම් පුද්ගලික රෝහලද එපා