(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
එම වර්ජනයට අනෙකුත් ප්‍රබල වෘත්තීය සමිති සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ පිළිබඳව සාකච්ඡා කරමින් තිබෙන බව ද වෛද්‍ය හේරත් මහතා කියයි.
සයිටම් ආයතනය ජනසතු කිරීමෙන් මෙපිට කිසිදු යෝජනාවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නොවන බව ද ඔහු පවසයි.
එම වර්ජනය දියත් කරන දිනය ඉතා ඉක්මණින් තීන්දු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.