(නිමල් අල්ගෙවත්ත/ සනත් ගමගේ
කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි.
තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි.
කොළඹ කතරගම මාර්ගයේ තංගල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා කතරගම දෙසට ධාවනය වු ත්‍රිරෝ ද රථයක් මුහුණට මුහුණ ලා ගැටිමෙන් අනතුර සිදුව ඇත.
ත්‍රිරෝද රථයේ පස්දෙනකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
(ඡායාරූප - සනත් ගමගේ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd