පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
රත්නපුර තැපැල් ඡන්ද අනුරට පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය 21 September 2024
රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 21 September 2024
රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ . 21 September 2024
ජනපතිවරණය ඇරැඹේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය. 21 September 2024
පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත. 20 September 2024
බැසිල් රටින් පිටව යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 20 September 2024
රඹුක්වැල්ල පුතාගේ සුපිරි නිවාස දෙකක් තහනම් බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බව කියන කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීරණයේ නිවාස දෙක පරිහරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තහනම් කළේය. 19 September 2024
හිටපු මැකෝ ගෙයින් ගෙට යයි මේ ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොලේදී බෙදා දුන්නේය. 18 September 2024
හෙල්මට් එකක් නැති වුණැයි අ'පුර දුම්රිය නවත්තයි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලක තිබූ හිස් වැසුමක් කිසියම් අයෙකු සොරාගෙන ගොස් ඇති හෙයින් එහි හිමිකරු වන දුම්රිය ආරක්ෂක නියාමක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (18) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 18 September 2024
පහේ පේපරේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දෙන්න යයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කොට ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 17 September 2024
වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය. 16 September 2024
ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ. 16 September 2024
ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා ජීවග්රහයෙන් අල්ලා ගැනීමට ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ. 16 September 2024
යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. 15 September 2024
ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල කටියාව වෙල් යායට අද සවස පහත් කළේය. 14 September 2024
හොරිවිල වෙද මැදුර හදන්න උතුරුමැද පළාත් කාර්යාලයෙන් ලක්ෂ 51ක් දීලා රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින් රැපියල් 5,193,756 මුදලක් වැය කොට ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් මෙම වසරේ නිකුත් කළ විගණක වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ. 14 September 2024
මුතියංගන විහාරයේ ‘මධූ‘ හස්තියා වළකට වැටී මරුට මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ’මධූ’ නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි. 13 September 2024
සිසු ගැටුමක් ජපුර වහයි සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. 12 September 2024
කෙහෙලිය ඇතුළු තිදෙනකුට ඇප බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් මාස 08ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් තිදෙනකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (11) නියම කළාය. 11 September 2024
කොළඹ වරාය තෙල් විකුණා කප්ගහලා කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය. 11 September 2024
‘‘අරගලකරුවන් ඉල්ලූ වෙනස පාලකයන් දී නැහැ‘‘ සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගෙවී ඇතත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කළේය. 10 September 2024
ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවී සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට එක් වන බව පැවැසුවාය. 09 September 2024
මහනුවර සබජ රැස්වීමේ රතිඤ්ඤා පත්තු වී පොලිසියේ හයක් රෝහලට ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 09 September 2024
බයිඩන් වැඩිපුර ‘‘අයිස්‘‘ ගහල ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර 4 ක ධුර කාලයෙන් දින 532 ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබා ගෙන ඇති බවත් එය ඇමෙරිකානු සාමාන්‍ය කාර්යාල සේවකයකු වසර 48 කදී ලබා ගන්නා සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන බවත් රිපබිලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකදී හෙළිවී ඇතැයි නිව් යෝර්ක් පොස්ට් පුවත්පත වාර්තා කළේය. 08 September 2024
තලතා රනිල්ගේ වැලිමඩ වේදිකාවට නගී සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී විය. 08 September 2024
නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට අඹගස්දෝව පොලිසිය පවසයි. 07 September 2024
පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 07 September 2024
සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ් අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ්බාරයේ රඳවා තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අද (06) නියම කළාය. 06 September 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026