
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ මොහොමඩ් ආසික්)
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද පස්වරු 5.45ට සවස සාර්ථකව අවසන් කළේය
ඓතිහාසිත සිරි දළඳා දැක්මේ අවසන් දිනයේ ද අති විශාල ජනකායක් මහනුවර නගරයේ රැඳී සිටියහ. ඒ අතරින් 8000කට පමණ දළදා වන්දනා කිරීමේ අවස්ථාව අහිමි විය.
ඉකුත් දිනවල කළ ඉල්ලීම අනුව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර නගරයට පැමිණෙන පිරිසේ යම් අඩුවක් දක්නට ලැබිණි.
පසුගිය අප්‍රේල් මස 17 වනදා පස්වරු 12.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාත්වයෙන් ආරම්භ වූ සිරි දළඳා දැක්ම අද සවස 5.45ට අවසන් විය
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය විසින් කෘතිම බුද්ධිය සහ සාමාන්‍ය ගණනය කිරීම්ද යොදා ගෙන සිදු කරන ලද ගණනය කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෙවී ගිය දින දහය පුරා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත් සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ හයක් වන බවට ගණනය වී තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීම සඳහා මෙම කාලය තුලය මහනුවර නගරයට පැමිණි සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ක් පමණ වනු ඇති බවත් එයින් සියයට 60 කට දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි වී ඇති බවත් එම සංඛ්‍යා ලේඛණවල සදහන් වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිලා පන්සීයක් රෝහල් ගතකරලා, මුලු මහනුවරම කුණු ගොඩක් කරලා, අන්තිම දවස් කීපයට එන්නත් එපා කියලා කොහොමද කියන්නේ සාර්ථකව අවසන් කළා කියලා. රටටම වස් වැදුණා.
ඔනෑම කටයුත්තක් අතී සාර්ථකව මේ ආණ්ඩුවට කරන්න පුළුවන් බව මහානායක අතිපූජ්‍ය උන්වහන්සේලා පවා පිළිගෙන තිබෙනවා. තව මොනවද විපක්ෂය කියන්නේ.....
දහස් ගණන් මිනිසුන්ට අවුවේ වේලි වේලි, වැස්සට තෙමි තෙමි ඉඳලත් දළදාව බලා ගන්න බැරුව ආපසු යන්න වීම නිසාද සාර්ථකව අවසන් උනා කියන්නේ ?
ඔව් ඔව්. හරිම සාර්ථකයි. මුළු නුවරම තනි අකුරෙ ගඳයි
දොර වහනකොට එතනම එළියෙ හිටපු කීප දෙනාට කොහොම දැනෙන්න ඇතිද.. එයාල තමා ලොව හොඳම ඉවසිලිවන්තම අය.
40%ක් දැක්කේ නෑ .. සාර්ථකයි කියලා කියන්නේ කොහොමද? කාලයයි සල්ලියි නාස්ති කරනවද? කවුද වගකිව යුත්තේ?
කවුද කියන්නේ සාර්තකව අවසන් කලා කියලා…? තවත් පචයක් …
මම නම් හිතන්නේ නැහැ දළදා ප්‍රදර්ශනය සාර්ථකයි කියල, මේ සැරේ නොමැකෙන කැළලක් ඇති වුනා, මේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ, එහෙම තැනකට ලොකු අගෞරවයක් වුනා. කාලාන්තරයක් මේ කැළල තියේවි.