
(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 293 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 341 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 274, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 325 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක් බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පස්සේ බලමු ඉන්ධන, විදුලිය, ජලය මොකද වෙන්නේ කියලා...
ඡන්ද ඡන්ද, අඩුවට දෙන්ඩ, ඡන්ද ඡන්ද
මේක නම් ඡන්ද ගුණ්ඩුවක් වගේ... හැබැයි මම වැරැදි වෙන්නත් පුළුවන්. ඡන්දය අවසන් වෙලා මාසයක්, දෙකක් යනකොට වැඩේ ඇත්ත නැත්ත පැහැදිලි විය යුතුයි.
කවුරුහරි කියන්න මේ මාස හයට පෙට්‍රල් මිල ඇඟට දැනෙන ගාණට අඩුවෙලාද නැද්ද කියලා, මේ මිල ආණ්ඩුව පච කියනව කියනව කිය කිය ලුණු නැහැ කිය කිය රට වටේ යන සජිත්ටත් අඩු වෙනවා.
ලප කුමාරයි, වඳුරු කුමාරයි, මැයි 06 වෙනිදා ඡන්දය ඉවර වෙනකන්, පෙට්‍රල්, ඩීසල් නොමිලේ දෙන්නත් බැරි නැහැ ! මොවුන් ලොවෙත් නැතිවෙන්න අසුචි කන්නේ, මිනිස්සු ආපහු සැරයක් රැවැටිලා ඡන්දය දෙනවා නම්...!
මම නම් කියන්නේ, අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම් කළ සමයේ පැවැති තෙල් මිල වගේ ගානටම තෙල් මිල වැඩිකරලා තෙල් හා ගෑස් ගන්න දින ගණන් පෝලිම් නැවත ඇතිකළ යුතුයි... පේනවනේ... අවජාතක නමකින් පෙනී සිටින මන්ද බුද්ධිකයෙක් මෙතැන පහරලා තියන හැටි... ඒ කාලේ ගෙවල් ඇතුලේ ගෑස් ලිප් පිපුරුණු ඒවා දැන් සමහරක්ට මතකත් නැහැ. ඒ විදිහ දිගටම ක්‍රියාත්මක වුණා නම්, මේ රටේ මන්ද බුද්ධික යටත් වැසියන්ට මේ වෙද්දී, ගෑස් ලිප වෙනුවට, දර ලිපට හුරුවෙන්න තිබුණා.. රජාගේ අන්තප්පුරේට බිරිඳව දීලා සතුටුවෙන වෙලා තියන ජාන තියන එවුන් එක්ක මොන රටවල් හැදිලාද..?