
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම වැඩිපුර වාහනය ජනාධිපති කාර්යාලයට බාරදී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත කළ ලිඛිත දැනුම් දීමට අනුව මෙම වාහන බාරදී තිබේ.
ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් 19 දින නිකුත් කළ අදාළ ලිපියෙන් දැනුම් දී තිබුනේ අප්‍රේල් 23 වැනිදාට පෙර අදාළ වාහනය ජනාධිපති කාර්යාලයට බාර දෙන ලෙසයි.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ ලෑන්ඩ් කෘෂර් V8 රථය ඉකුත් 28 වැනිදා ද ,මෛත්‍රීපාල සිරිසේන මහතා පාවිච්චි කළ ලෙක්සස් ඩිපෙන්ඩර් රථය ඉකුත් 24 වැනිදා ද,ගෝඨාභය රාජපක්ෂ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් රෝවර් ජීප් රථය ඉකුත් 23 වැනිදා ද , රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ රථය 28 වැනිදා ද ජනාධිපති කාර්යාලයට බාර දී තිබෙන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා කීය.
කැබිනට් අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් හිටපු ජනාධිපතිවරුන්ට හිමි වාහන ගණනද දෙකකට සීමා කර තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනෙ ඉන්ඩ ඕනේ! අනික් කෙනාට ගායිකාවො එන සැලුන් එකේ නළුවත් එක්ක වැඩට යන්න වාහන වැඩියෙන් අවශ්‍යයි.
මේ සියලු දෙනාම බලය තිබුණ කාලේ මහජන මුදල් ප්‍රකෝටි ගනම් වියඩම් කරලා තමන්ගේ මුලු හත්මුතු පරම් පරාවම සූර සැප වින්දා. අද වෙනකොට අනුර ජනාධිපතිතුමා තමන්ගේ වියදම් බිංදුව කරලා ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදා නොදුටු රටට ලොකු ආදර්ශයක් දෙමින් රට නියම මාර්ගයට ගෙන එමින් තිබෙනව.ඒ නිසාම පලාත් පාලන ඡන්දයෙන් මාලිමා රජය සෑම පලාතක්ම අති බහුතරයකින් දින විය යුතුය.
වලව්වේ හාමුට ගමේ කොල්ලාගේ ආණ්ඩුවේ අනසකට අවනත වෙන්න බැරුව ඇති
ඉතිං ඇයි අපි ඉතුරු දෙකක් නඩත්තු කරන්නේ ? ලෝකයේ වෙන රටවල විශ්‍රාම ගිය දේශපාලනකයෝ නඩත්තු කරන්න මහජන ධනය භාවිතා කරන්නේ නෑ .අපි කෝච්චි බස් වල තෙරපිලා බයික් වල වැස්සේ නාගෙන මුන්ව නඩත්තු කරනවා ....කරුමයක් මේක
කොල්ලටයි, බල්ලටයි යන්න තිබුණ අමතර වාහනේ බාරදීලා. දැන් ඉතිං උන්ට යන්න වෙන්නෙ උතුමාණන්ගේ බැකප් රථයෙන් තමයි.
මයිත්‍රී උනත් ... බලපංකෝ... කාලකන්නි ජෙප්පෝ වගේ... මාලිමා හිඟන්නෝ වගේ හිතපු ජනපතිලට "වාහන" මේනියාවක් නෑ බන්... එවුන් හොඳ පරම්පරාවලින් ආපු මිනිස්සු... පොඩ්ඩකට අවුල් මයිත්‍රී විතරයි... ඌ ඉතින් ග්‍රාමසේවකයා ..ඒකට මාලිමා ගොන්නු... උඹලට දෙනාවා වැඩි දුර යන්න නොදී අපි.
දශක හතක් තිස්සේ රටටම කෙලෙවෙච්ච අල්ලපනල්ලේ, සරත්ට හතර මහා නිධානෙ පහළවෙන්න ඇති, මයේ හිතේ. රටකාපු කාලකන්ණි තක්කඩින්ගෙ කටු ලෙවකාපු හැතිකරේ.
ඇයි මහජනතාව සතු මුදලින් මේ අය නඩත්තුව කරන්නේ.ඔවුන් ජනපති වෙන කාලයේ තිබූ ජීවනෝපාය මාර්ගය තිබිය යුතු නේද?
රටට කරන සේවය වෙනුවට, රටට ශාපයක් වුණු ජාතියේ අපේ කරුමෙට හිටපු ජනාධිපතිලා තමයි අපට ඉන්නේ... වෙනත් රටවල හිටපු ජනාධිපතිලාට, විශ්‍රාම වැටුප් මිස, මෙහෙම විශේෂ වරප්‍රසාද පිනට ලැබෙනවා කියලා මම නම් අහල නැහැ... ඒ වගේම ආරක්ෂකයෝ සිය ගණන්... ප්‍රජාතන්ත්‍රවාදය කියලා නමට කිව්වාට ලංකාවේ තවම තියෙන්නේ රාජාණ්ඩු ක්‍රමයක්.. මැරෙනකම් මහජනතාවගේ මුදලින් රජසැප විඳිනවා... රටේ ජනතාව හැමදාම හිඟන්නු... අවුරුදු දෙකේ තුනේ හිටපු ජනාධිපතිලාටත් මේ රජ වරප්‍රසාද ලැබෙනවාද..? ලැජ්ජයි..!
මේ මිනිස්සු දේශපාලනයට ආවේ මිනිස්සු ඉල්ලලා නෙවේනේ. දේශපාලන තනතුරු නැතිවුණාට පස්සේ මේ කාටවත් ආණ්ඩුවෙන් පිංපඩි, ගේදොර, දැසි දස්සෝ හෝ යානවාහන දෙන්න අවශ්‍යම නැහැ. මැරීගෙන වැඩකරන රජයේ සේවකයන්ට දේශපාලුවන්ට මැරෙනකල්ම ලැබෙන ඔය සුඛෝපභෝගී වාසනාව තියෙනවාද? නෑනේ...
මේවා ඔක්කොම ෂෝ! ලක්ෂ ගනන් පඩි දීමනා ගන්න රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන ලක්ෂ විසිපහක ගේ බර මේ සොච්චම් දේවල් වලින් කවර් කරන්න පුලුවන් ද? ඡන්ද මංකොල්ල කන මෝඩ චූන් තවත් එපා?
මේ අය ගමනක් යනකොට එක කකුලකට එක වාහනය ගානේ අරගෙන යන්නේ...!
ආසියාවේ රටවලින් කාලකන්නිම. ජානාධිපතිවරු හතර දෙනා. මොලේ තවම වැඩිලා නැහැ. උපන් මොලේ විතරයි. බොක්ක විතරයි වැඩිලා තියෙන්නේ. කොයිතරම් කෑවත් මදි. රට කෙරුවේ සාස්තර අහලා... පෙන්නැතිද? මුහුණුවල හැටි... ලේ කළඳක් නැහැ. නමුත් හතර දෙනාම නමගිය අලුගෝසුවෝ. වැඩි වාහන ලබා දුන්නානේ. මම නොමිලේ පෙට්ටි හතර හදලා දෙන්නම්. කහඹිලියා. පතොක් මිශ්‍ර. අගනා පෙට්ටියක්. මොවුන් ලබන ආත්මේ තිරිසන් වෙසින් ඉපදෙනවා... අංග විකලවෙලා අපා දුක් විඳිනවා. හොරි, දද, කුශ්ඨ පොරෝගෙන...
රට බංකොළොත් කරලා පැනලා දුවපු ගෝඨාභයවත් නඩත්තු කරන්න ඕනෑද?
දරුවෝ උදව් කරන්නේ නැත්නම් මඩමකට යවන්න.