
(අජිත්ලාල් ශාන්තඋදය, පල්ලෙබැද්ද රෝහණ සමරවීර සහ දාපනේ ජයන්ත නානායක්කාර)
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අසබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක ලබන මස 08දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද නියෝග කළේය.
මෙසේ රක්‍ෂිතභාරයට පත්කෙරුණේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග‍්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර විශ‍්‍රාම ලබා ඇති දේවප‍්‍රිය විජයරාජ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක වු කුසුම්ලතා කුමානායක යන දෙදෙනායි.
සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් මෙම දෙදෙනා ද සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
එකි මුදල් වංචාව සම්බන්‍ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයකු, ලිපකරුවකු සහ තාක්‍ෂණ නිලධාරියකු රිමාන්ඞ්භාරයේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිසා තමයි අනුර සහෝදරයා කියන්නේ පළාත් සභාවල බලය මාලිමාවට දෙන්න කියලා. මොකද එතකොට තමයි දූෂණය නතර කරන්න පුළුවන් වෙන්නේ...
මේවගේ හාල්මැස්සෝ අහුවෙනකොට තෝරු මෝරුන්ට හීන් දාඩිය දාලා තියෙන්නේ. ඒකනේ කටු කන බල්ලන් දාලා හැමතැනම ප්‍රශ්න කියලා බොරුවට මවාපාන්න හදන්නේ...
පොඩි තැනකින් මෙච්චර හොරකළා නම් අනිත් අය ගැන කවර කතාද?
ඔය කාන්තාවගේ පවුලේ පසුබිම සෙව්වොත් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නේ මොකක්ද තේරේවි...!
හිටපු දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවෝ බුරුතු පිටින් හොරාකන කොට අනික් අය නිකම් ඉඳීවිද? රට බන්කොළොත් කරපු විදිය ගැන කවර කතාද?
පළාත් පාලන ආයතන කීවහම, ඔය කොයි වර්ගයේ සභාවත් ඒ යටතට අද ඉඳන් ගැනෙනවා, බූරුවෝ...