
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බව සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.
නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ හෙතෙම එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බවද ප්‍රකාශ කළේය.
කෝප් කමිටු මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත් පෙර කමිටු රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.
Reply Forward Add reaction

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාවට, දූෂණයට එරෙහිව ගත්තා වූ අති විශිෂ්ඨ ඉදිරි පියවරක්...
කිය කිය ඉන්නේ නැතිව ඉක්මණට කරලා පෙන්නන්න.
ඉතා අත්‍යාවශ්‍ය, කාලෝචිත වැඩක්. ඉක්මණින්ම ක්‍රියාත්මක කරන්න.
දැට්ස් ග්‍රේට්.... නියමයි වැඩ. ඉස්සර කෝප් කමිටු තිබුනේ පාර්ලිමේන්තුවේ කට්ටියකට ගතමනාවක් හොයාගන්නට විතරයි. හොරු රකින්න විතරයි.
සමහරක්ට මේ අන්ඩුව එපා වෙන්නම හේතු..
අපි දීපු ඡන්දය ගැන සතුටුයි...
ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන හදලාද? කලින් කියැවුනේ විමර්ශණය කළාට ඊට එරෙහිව පියවර ගැනීමට COPE එකට බලය නෑ කියලා. (Audits ලාට වගේ)
රජයේ සේවකයින්ට වැඩ කළ හැක්කේ කෙසේද? තීරණය වැරැදි නම් ඔහුට අධිකරණයට යාමට සිදුවේ. මිනිසුන් කිසිදු තීරණයක් ගන්නේ නැත.