
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගය පිහිටවන පළාත් පාලන ආයතන වලට අත දිග හැර මුදල් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.
මෙම ලිපිය යවා ඇත්තේ පෙරේදා(12) දිනයේය.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමු කළ බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමපනතේ 92සී( අනිසි බලපෑම්) සහ 82 ඩී ( උපරිම වාසි පොරොන්දු දීමනා) වගන්තිවල පැහැදිලිව නීති උල්ලංඝනයක් වන බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා කන්තලේ සහ මන්නාරමේ පැවති දේශපාලන රැස්වීම් අමතමින් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කොටින්ම තියන්නැති අය, පැරදෙන බව දැනගෙන කල්දාන අයනම් හරීම හොඳයි.
ඉස්සර ආණ්ඩු මේ වගේ කතා කලොත් මරාගෙන මැරෙන්න ආපු, ප්‍රජාතන්ත්රවාදේ ගැන දේශනා කරපු මාලිමාවුන් අද ගලේ පැහැරපු බළල්ලු වගේ, හතර අතේ අසූචි ගාගෙන
මැතිවරණ නීති කඩන එක මොකද්ද බං, ඡන්දෙ දාපු උන්ගේ අත් කපලා, බෙලි කපලා ඔලුව වැට ඉන්නේ ගහලා කඳ ටයර් සෑයේ දාලා පුච්චපු උන්ට. දැන් ඉතින් සාධාරණ ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා. ලොක්කා කිව්වේ මේක ගත්තේ දෙන්න නෙමේ කියලා. ඒකනේ පාස්කු විමර්ශනෙන් විපක්ශ වල ඉතුරු වෙලා ඉන්න සෙට් එකත් හිරේ දාලා තව අවුරුදු 30ක් බලයේ ඉන්න මෙයාලා ප්ලෑන් ගහන්නේ.
ජෙප්පොන්ගේ ජනප්‍රියතාව 28%යිලු දැන්. 69 ලක්ශේ දැන් අඩු වෙලාලු. ඒකනේ ඔය වගේ තර්ජන කරලා ඡන්දේ දිනන්න හදන්නේ. මේ ආණ්ඩුවේ සැලැස්මක් නැති එකටයි, බොරුවටයි පාඩමක් උගන්නන්න නම් අනිවාර්යෙන් විපක්ශෙකට ඡන්දෙ දාපල්ලා. ස්වාදීන එකකට හරි කමක් නෑ. නැත්තන් ඡන්දෙන් පස්සේ ලයිට් බිල්, වතුර බිල්, බදු, ගෑස්, තෙල් වලට දෙගුණ තෙගුන කරලා ගෙවන්න ලෑස්ති වෙයල්ලා.
මිනිස්සු ජනාධිපතිවරණෙයි, මහ මැතිවරනෙයි ආණ්ඩුවට දුන්නේ උගන්ඩාවෙන් ඩොලර් බිලියන 19ක සල්ලි ගෙනෙයි කියලා. දැන් මිනිස්සු මාලිමා පච පිලිගන්නේ නෑ. ඉතින් කන පලාගන්නෙ නැතුව ඡන්දෙ දාන්න කියලා කියන මට්ටමට මාලිමාව ඇවිත් තියෙන්නෙ.
මේ මිනිසුන් හදන්න බෑ. බල තණ්හාවෙන් පෙළෙනව මිසක වෙනත් ආකල්ප නෑ. පච කියන එකේ ඉවරයකුත් නෑ.
හෙට කියයි මේවගේ ලිවුමක් යැවුවේ නැහැ කියලා. බොරු කියන්න ලජ්ජාවක් නැති උනත්, වෙන දේවල් වලට මහන්තත්තකම තියෙනවා.
මින් පෙර මෙරට පත් වූ කිසිම රාජ්‍ය නායකයකු නොකළ අන්දමේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින්, අනෙකුත් නායකකාරකාදීන්ට අපහාස කරමින් සහ ඔවුන් පිළිබඳ බොරු බේගල් පතුරුවමින්, ඔවුන් පිළිබඳ ජනතාව තුළ වෛරය සහ ක්‍රෝධය ඇති වන අන්දමින් කටයුතු කරන වර්තමාන රාජ්‍ය නායකයා දේශපාලන වශයෙන් ඉතා සටකපට පුද්ගලයකු බව දේශපාලන ඉවක් ඇති ඕනෑම අයකුට මේ වන විට වැටහී යා යුතුය. ඔහුගේ මෙම ක්‍රියාකලාපයට ගැලපෙන ආකාරයේ විරෝධයක් නොවුවත්, මෙපමණින් හෝ ඊට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන කොමිසමට අපගේ ස්තුතිය පල කරමු.
ජනාධිපති දේශපාලන වේදිකාවලට නගින්නේ තමන්ගේ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනය කරන්න කියලා නොදන්න, සජිත්ගේ ඉල්ලීමට මැතිවරණ පස්සට අදින රනිල් ගේ මැතිවරණ කොමිසමේ මහත්වරුන් නොදැන සිටීම පුදුමයට කරුණක් නම් නොවෙයි. ඒ වාගේම තමන්ගේ දේශපාලන පක්ෂය බලය හොබවන සභා කෙරෙහි තමන් තුල විශ්වාසයක් හා අවබෝධයක් තිබෙන නිසා එම සභා වලට නිසැක වශයෙන්ම මුදල් ලබා දෙන බවට රටේ නායකයා ලෙසත් මුදල් ඇමතිවරයා ලෙසත් ජනාධිපතිවරයා හැර වෙන කවුරුන් ප්‍රකාශ කරන්නද ?
එයාගේ කතා කවදත් මුලු රටටම හොඳ නෑ. 99.9%ක්ම පචනේ.
සියවසයේ මහා පචය