
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසර (2027) සඳහා වන රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මෙය ජාතික ජනබලවේග රජයේ තෙවැනි අයවැයයි.
මෙවර අයවැයෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, යම් යම් බදු සහන අැතුලු විවිධ ක්ෂේත්රවලට අදාලව සහන රැසක් ජනතාවට හිමිවනු අැතැයි රජයේ අාරංචි මාර්ග පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත (2027) පළමුවර කියවීම සදහා ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
ජනපති අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අනිද්දා (13) සිට 20 දක්වා දින හතක කාලයක් අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 20 වැනිදා සවස පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතය.
අයවැය අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 6.00 ට පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd