
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මිය යන විට ඔහු 39 හැවිරිදි වියේ පසුවිය.
කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 6 වෙනි මහලේ නිවසක සාදයකට සහභාගි වී සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් සිට ඇතැයි පොලීසිය කියයි
ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලුපාන් කාරයො රටේ ආරක්ෂාව තහවුරු කරන විදිහ තමයි මේ. ලංකාවේ ගොබ්බයන්ට පුලුවන් ඊළඟ චන්දෙන් මුන්ටම දෙන්න.
මට හිතෙන්නේ කාටකාටත් බංකු හදාගෙන ටියුසන් යන්නවෙයි වගේ .ඇමතිතුමා ලඟට
බොහෝ දේවල්වලට කාලය තමයි විසදුම් දෙන්නේ. අපිට තියෙන්නේ බලා ඉන්න විතරයි.
පාස්කු සාක්කි, අරගලයට පහරදීම වගේ සාක්කි එකින් එක යටයනවා
වෙන ඝාතන වලදි වගේ මැරුණ කෙනාට තියෙන නඩු ගැන, චෝදනා ගැන මාධ්‍ය ප්‍රකාශකගේ වාර්තාවේ සඳහනක් නෑ.
මිනීමරු රාජපක්ෂ හැතිකරේ කටුකන බල්ලෝ ටික ,හෙමින් හෙමින් ඉවර කරනවා වාගේ .ඔබ වැපිරූ දේ ඔබ අස්වැන්න ලෙස ගනු ඇත.
88,89 පස්සේ 90 දි වගේ දැන් නැවතත් සාක්ෂි විනාශ කරමින් ඉන්නව .
වින්සන්ට් ප්‍රනාන්දු, කජ්ජා වගේ නේද ජයනාත්.
කල දේ පල දේ .තමන් වපුරපු දේ තමයි නෙලන්නෙත්
ගියපාර බොරු කන්දක් කියලා ඡන්ද ගත්තා. දැන් ඒ බොරු තවදුරටත් ජනතාව විශ්වාස කරන්නේ නෑ. ඊලඟ ඡන්දෙට දැන් සුපුරුදු මිනීමරු භීෂණය පතුරනවා. පචයා මිනීමරුවෙක් වෙලා.
නාම යෝජනාත් දීලා මැරුවම කවුද අප්පා සැක කරන්නේ, නාමල් නම් මහින්දගේ පුතාම තමයි ආයේ සැක කරන්න එපා හොඳේ.....
මෙම ඝාතන වලට අනිවාර්යයෙන්ම ජෙප්පන් සම්බන්ධයි... විරුද්ධ මතධාරින් දඩයම් කිරීමට පටන්ගෙන ... විරුද්ධ පක්ෂ ආය මේ ගැන තානාපතිවරුන් දැනුවත් කරන්න ඉක්මනට.
වැඩ පටන් අරගෙන
කුහක ජෙප්පෝ හිතන්නේ තවමත් උන් විරුද්ධ පක්ෂේ කියලා. තුනෙන් දෙකකුත් තියෙන පාණ්ඩුවක වෙන කොහෙදෝ ඉන්න උන් ටිකක් ඇවිල්ල වෙඩි තියලා යන්න තරම් නුඹ දුර්වලද?
නහය විදපු අයගේ නහයේ තවමත් ලණුව ඒ විදිහටම. ඔවුන් හිතන්නේ ඔවුන්ට ඒක ආභරණයක් කියලයි...
නාමල් නාමල්, මේ පොහොට්ටුව මෙවර දිනායි කියලා මේ අපේක්ෂකයෝ මරන්නේ, දැන් වැදගත් කෙනෙකුට චන්දයවත් ඉල්ලන්න බැරි ගානයි.
මැරුණු පුද්ගලයාගේ චරිතය කුමක් වුවත්, මෙවැනි ඝාතන සංස්කෘතිය ජනතාවට නැවත බියෙන් සැකෙන් ඉන්න වෙන තත්වයක් නේද?
බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය බලයේ හිටපු කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි, පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආපු හැටි මතක නැති අය ගැන කවර කතාද?
ඕක අපේ හිච්චි අබේගේ වැඩක්...!
ජීවිතය බේරාගන්න තිබිච්චි ඩෑන් ප්‍රියසාද් මැරෙන්න කලින් මෝචරියට දාලා, මැරුණා කියලා පොලිස් මාධ්‍ය නිවේදන නිකුත්කරන තිරිසන් ආණ්ඩුවක් තියෙන රටකනේ අපි ජීවත් වෙන්නේ...! අනේ වාසනාවන්...! සාදුකාරයක් දෙන්න මාලිමා දායක සභා පින්වතුනි..!
මෝඩයගේ දවසේ කේක් බෙදුවා නේද?