
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලිසිය කියයි.
විශ්ව විද්‍යාලය තුළ පැවති නවකවදය දරා ගත නොහැකිව ගම්පොළ ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ චරිත් දිල්ෂාන් නමැති 23 හැවිරිදි සිසුවා ඉකුත් 29 වෙනි දින නිවස පිටුපස දි ගෙල වැළලාගෙන දිවි නසාගෙනන තිබිණි.
විශ්ව විද්‍යාලයේ ඉකුත් 27 වෙනි දින අවුරුදු උත්සවය පැවැත්වෙන අතරතුරදී ඔහුට දරා ගත නොහැකි ලෙස නවක වදයට ලක්කර තිබූ බව මව්පියන් ඥාතීහු හා මිතුරෝ චෝදනා කළහ.
එම සිද්ධියක් සමඟම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට සිසුන් කියනවාට වඩා තිරිසනුන් කීම වඩා යෝග්‍යයි. එය ද ඒ සතුන්ට කරන නිග්‍රහයකි. කුහකකම, වයිරය, ක්‍රෝධය පමණි. ඔවුන්ගේ ඔලු ගෙඩි තුළ පැස වන්නේ. වර්තමානයේ රට කරන (විනාස) දේශපාලනයේ පුර්ණ ආශිර්වාදය ද මේ මිනිස් වෙසින් සිටින මුර්ගයින්ට තිබෙන නිසා හෙට අනිද්දා වන විට ගෙදර යයි....
මුන් වැරදි කරුවන් බව ඔප්පු වුවහොත් සදහටම විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවය තහනම් කල යුතුයි
අර අහිංසක සිසුවාට දුන් වද දස ගුනයකින් වැඩිකොට මේ මිනීමරු නරුමයන්ට රිමාන්ඩ් බන්ධනාගාරයෙදි ලබා දීමට කාරුනික වන්න
මොවුන්ට දඬුවම් දී යහමඟට ගන්න තරම් ශක්තිමත් නීතියක් අපේ රටේ ඇතැයි නොසිතමි. මෙවැනි බොහෝ තරුණ තරුණියන් විශ්ව විද්‍යාල තුළ ඇත. ඔවුන්ගේ ප්‍රාජාණන විකෘතියක් තිබේ. එය නිවැරදි කිරීම ඉතා අපහසුය. මොවුන් තුළ ඇත්තෙ වෛරය පලි ගැනීම ඊර්ෂ්‍යාව අනුන් පෙළීම වැනි පහත් සිතුවිලි ය. අනාගත දිනෙක මෙවැනි අය පාතාලයන් වීමට හෝ සමාජයට හිරිහැර කිරීමට පෙළඹෙනු ඇත.
මොවුන් මරවලා පවුල් වලින් පැවත එන අය. ජානවල තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. මොවුන්ට යහමගක් නැහැ. යවන්න ඕනෙ එකම මග තමයි හිරගෙදර... මොවුන්ව විශ්ව විද්‍යාලයට ඇවිල්ලා තියෙන්නේ වැරැදීමකින්ද කොහේද?
මෙතැන යම් කෙනෙක් මේකට දේශපාලන මුහුණුවරක් දෙන්න යනවා නම් දෙපාරක් හිතන්න. මෙතැන තවත් අය සාක්ෂි දෙනවා. ඒක නිසා මේක හුදකලා සිද්ධියක්, සමාජයේ බාහිරව සිදුවන අකටයුතුකම් වලට සාපේක්ෂව මේකෙ ඇතුලෙත් ඒවා වෙන්න පුළුවන්... ඔය කියන හීනමානයෝ, කොතැනත් ඉන්නවා, සාමූහික බවට අකමැති අය ඉන්නවා, ඒ එක්කම අමතක කරන්න එපා.. මේ ඔබේ දරුවන් බව, මෙතැන හිටියාට වඩා කාලයක් ඒ අය සිටියේ ඔබ සමග, මීට වසර දෙකතුනකට පෙර ඔබ පන්ති අරගෙන ගිය දරුවෝ, දහම්පාසල් අරගෙන ගිය දරුවෝ, යම් බුද්ධිමත් අය ඒක නිසා මෙතනට ආවේ, ඔබ තමයි මේ අයගේ පෞරුෂය වර්ධනය කලේ, ඒක නොකළා නම් ඔබයි වැරැදි, වසරකින් දරුවෙකුගේ ජානගත දුර්වලතා වෙනස් වෙන්නේ නැහැ.
මැක්ස්, දරුවො ගැන කෘර විදියට හිතනවා නම් ඔබත් මේ නරුමයිනුත් අතර වෙනසක් නැත. ඔබ වැන්නවුන්ගේ ජාන මොවුන්ගේ ඒවාට සමානයි.
නවක වදය ගැන සොයා බැලීමට "කොමිසමක් දැමීම", "වැඩි දුර පරීක්ෂණ" පැවැත්වීම මේ රටේ අනාදිමත් කාලයක සිට වෙන දෙයක්. නමුත් ඒවායින් සිදුවුණු දෙයක් නැහැ. මේ පාරත් ඔය පරීක්ෂණ වෙනදා වගේම අවසාන වෙයි.
මොවුන්ගේ එක්කම එකතු වෙලා මේ තිරිසන් වැඩේ ගෑණු සෙට් එකකුත් ඉන්නවා. ඔවුන්ව නීතිය ඉදිරියට ගේන්න ඕනෑ...
හිර ගෙදරදි එයාලාට නියම බෙහෙත ලැබෙයි. සිරකරුවන්ගෙන් මදි නොකියන්න ඔය මානසික ලෙඩ්ඩුන්ට ලැබෙන දඩුවම තමයි මිරිස් කුඩු දමා කිරීම... හිරකාරයෝ නියමෙට දෙයි දඬුවම...