
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයත් සමග චීන විදේශ කටයුතු අමාත්‍යාංශයද ඊට පිළිතුරු ලබාදුන් අතර වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව සමග සටන් කිරීමට චීනය කිසිසේත් බිය නොවන බව පැවැසුවේය.
ඇමෙරිකාවට සංවාදයක් ඔස්සේ මෙම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය නම් මෙවැනි ක්‍රියා සිදු නොකර සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
එසේම ඇමෙරිකාව චීනයට පනවා ඇති තීරු බදු ප්‍රතිශත පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.
එයට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ චීනයට එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය නම් පළමුව සාකච්ඡා මේසයට පැමිණිය යුත්තේ චීනය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න චීනේ ලෝක ප්‍රසිද්ධ (මෙච්චර කල් චිනේ හදලා ඇමරිකාවේ ප්‍රසිද්ධ ලේබල් සහිත සමාගම් වලට යවපු) ලක්ෂරි බ්‍රෑන්ඩ් ඔක්කෝම 100 ගුණයක් විතර අඩුවෙන් කුණු කොල්ලෙට දෙනවා. එකම කොන්දේසිය චීනෙට ඇවිල්ලා ගන්නවා නම් විතරයි. ඒ අතරේ ලංකාවේ ගාමන්ට් වලින් ඇමරිකාවට යවන වික්ටෝරියා සීක්රට් අයිතමත් තියනවා. මේක ඒ සමාගමේ සෙල් වලටත් ලංකාවේ ගාමන්ට් වලටත් ප්‍රශ්නයක් වෙයි නේද?
මේක ඇත්තක් නෙවෙයි.
ලංකාවේ නන්දසේන වගේ තමයි ට්‍රම්ප් නිකන් විහිලු සපයනවා