
(සුජිත් හේවාජුලිගේ)
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේකම් සහ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සැලකිය යුතු ලෙස සීමා කිරීමටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව තීරණය කර ඇත
පාර්ලිමේන්තු මහ ලේකම්වරයකුට මෙතෙක් සීමාවකින් තොරව ඉන්ධන සැපයුණු අතර මින් ඉදිරියට මහලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහලේකම් සඳහා කිලෝමීටර 1200ක් දක්වා වූ දුර ප්‍රමාණයකට සරිලන මාසික ඉන්ධන කෝටාවක් සපයන ලදි.
මින් පසුව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
සහකාර මහ ලේකම්වරයාට අමාත්‍යාංශයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුට වෙන් කෙරෙන ඉන්ධන ප්‍රමාණය ලබාදීමට මෙහිදී තීරණය කර ඇත.
එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරයාට මින් ඉදිරියට ලැබෙන්නේ එක් වාහනයක් පමණි.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මාසිකව කිලෝමීටර් නවසීයක් දක්වා ඉන්ධන සැපයුණු අතර ඔවුන්ගේ ඉන්ධන කෝටාවද අඩු කෙරුණු ඇත.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානීන් වාහන සහ ඉන්ධන අසීමිතව පාවිච්චි කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීමෙන් පසු වාහන සහ ඉන්ධන ප්‍රමාණ මෙසේ සීමා කිරීමට තීරණය කර ඇත.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රම රත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවක් ලබා ගනු ලැබීය.
මේ අතර පාර්ලිමේන්තුවේ වියදම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස කථානායකවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව ජාතික විගණන කාර්යාලය විසින්ද ඒ පිළිබඳව විමර්ශනයක් කරගෙන යනු ලැබේ.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියෙකු තම දරුවා නැගෙනහිර විශ්ව විද්‍යාලයකට යැවීම සඳහාද පාර්ලිමේන්තුවේ වාහනයක් පාවිච්චි කර තිබූ බවට තොරතුරු අනාවරණයවිය. එසේම තවත් නිලධාරිනියක අනුරාධපුරයේ නක්ෂත්‍රවේදනියක හමුවීමටද පාර්ලිමේන්තුවෙන් දෙන ඉන්ධන පාවිච්චි කර තිබූ බවට තොරතුරු හෙළිවිය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමට මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවෙ ලුතිනන් කර්නල්. කොමාණ්ඩර් වින්ග් කමාන්ඩර් යන නිලයෙන් උඩ කට්ටියට ඔයිට වඩා පහසුකම් තියෙනවා. දන්නා විදියට 3000ක් විතර. බ්‍රිගේඩියර් මේජර් ජෙනරාල් කට්ටියට වාහන ලිමිට් එකකුත් නෑ. තෙල් අසීමිතයි. බඩියෝ නැත්නම් ගෙදර දොරේ වැඩටත් ඕනතරම් හමුදාවේ කට්ටිය ගන්න පුළුවන්...
ඔයා ලොකුවට අනිත් අය ගැන කියන විගණන කාර්යාලයත් ඉක්මණටම විගණනය කරන්න. ඕකෙ ලොකු හොරු ඉන්නේ...
ඇත්තටම පාර්ලිමේන්තු ලේකම්වරුන්ට අසීමිත ඉන්ධන මොකටද? ඔවුන් රට වටේ ප්‍රචාරණ කටයුතුවල යෙදෙනවාද?
මොවුන් ඇත්තටම යම් දඞුවමට ලක්කළ යුතුයි. මේ විදියට වැයකරලා තියෙන්නේ දුප්පත් මහජනතාවගේ මුදල්නේ...
කවුරු හරි වැරදි කරලා තියෙනවානම් දඩුවම් දෙන්න. බහුතරයක් ඔයාලව පත් කරේ ඒකට, නැත්තං හැමදේම විසිල් විතරයි.
හැමතැනම දුෂණය මේ වගේ නිලධාරීන් ඉන්නකම් රට ගොඩගන්න අමාරුයි
හැන්ද අතේ තිබුන හැම එකාම තමන්ට රිසිසේ බෙදාගෙන තියෙනවා, ඒවා ගැන හොයලා බලලා වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන එක මේ රජයේ වගකීම !
රජයේ දෙපාරමේන්තුවල නිලධාරින් සඳහා මාසිකව ඉතාමත් සොච්චම් මුදලක් ගෙවා වාහනයට ඉන්ධන රජයෙන්ම සපයා එම වාහනයේ පෞද්ගලික පාවිච්චියට ගන්න පුලුවන් නිසා සාස්තර අහන්න යන්න ඇති මුලින්කී ලෙසටම රජයේ අනෙකුත් ප්‍රධානීනුත් එහෙම කරනවා ඇතිනේ. ඊළඟට කෙනෙකුට අවුරුදු 5 කට වතාවක් වාහන බලපත්‍රයක් දෙනවා නම් ඔවුන්ට රජයේ වාහනයක් දෙන්නේ මොකටද? ඉන්ධන හා අලුත්වැඩියාවක් සඳහා දුන්නම ඇතිනේ.. අවශ්‍යම නම් පෙන්ෂන් යනකොට එකක් දෙන්න. එවැනි අනවශ්‍ය වියදම්වත් අඩුකරන්න තවත් එකක් අපි හිතමු. දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් සේවා ස්ථානයෙන් කිලෝමීටර් 30 ක දුරින් ඉන්නවා කියලා ඇය/ඔහු සිකුරාදා නිල වාහනයෙන් ගෙදර එනවා. රියැදුරුට ආපසු යාමට වාහනය දෙනවා.. ඊළඟ වැඩකරන දිනයේ රියැදුරෝ වාහනය රැගෙන ආපසු එනවා. කිලෝමීටර හැටක් වෙනුවෙන් ඩීසල් ලීටර් 10ක් පමණ අනෙක් වියදමට අමතරව වැයවෙනවා... මේවා කාගේ මුදල්ද කියන්න...
මේ නාස්තිකාර වියදම් දකිනවිට ඇතිවෙන වේදනාව, මෙතැන විස්තර කරන්න බැහැ. අපේම සහෝදර ජනතාව පසුගිය වසරවල කන්න බොන්න නැතිව තෙල් පෝලිම්වල කොහොම දුක්විඳින්න ඇතිද?
ඥානක්කා බලන්න ගිහින් තියෙන්නෙත් මහජන පෙට්‍රොල් , වාහන වලින්ද
මුං ටොන් පච කිය කිය ඇවිල්ලා අපට අපේ පාඩුවෙ ඉන්න හැටියක් නැති හැටි, හවුලෙ කන්න ඉඩදීපු එක වැරදිද?
පාර්ලිමේන්තුවේ ඉහළම මහජන මුදල් නාස්තිය සිද්ධ වන්නේ ඉහළ කාර්ය මණ්ඩලය හරහාය. සමස්ත මහජනතාව දන්නේ පාර්ලිමේන්තුවේ නොමිලේ ඉතා අනර්ඝ කෑම සපයන කැන්ටිමක් ඇති බවය. නමුත් පහළ කාර්ය මණ්ඩලය හා පොදු ජනතාවට ඉතා කුඩා මුදලකට ආහාර ගැනීමට ඇති පොදු කැන්ටිම හා සාමානය මට්ටමෙ ආහාර වේල පෙන්වමින් ඔවුන් තිරය පිටුපස සිට, නිලධාරි වාදය රජ කරමින්, වෙනත් රාජ්‍ය සේවයේ වරප්‍රසාද අභිබවාගිය, හා අක්‍රමික ලෙස තමා වෙත නතු කර ගත් වරප්‍රසාද හා ඉහළ පඩිනඩි තුළින් දූෂිත ලෙස මහජන මුදල් තමන්ගේ මඩිය තර කර ගැනීමට යොදාගෙන ඇත. මේවා සොයා පාර්ලිමේන්තුවේ සේවකයන්ට සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට අදාළා වරප්‍රසාද හා පඩි නඩි පමණක් ගෙවා මහජන මුදල් නාස්ති වීම වැළැක්වීම රජයේ වගකීමකි. නමුත් රජයද ( මන්ත්‍රීවරුන්) විගණන දෙපාර්තමේන්තුවද පාර්ලිමේන්තුවෙන්ම කන තවත් කොට්ටාසයකි. ඒම නිසා නිතැතින්ම මෙතන ලබැඳියා ප්‍රශ්නයක් ඇත