වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ සමඟම අදාළ නිවස නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට අද බාර දෙන ලදී. 05 September 2024
රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 05 September 2024
ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ . 05 September 2024
ග්රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ මීටරයක් පළලැති ග්රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 05 September 2024
ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 04 September 2024
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩලා නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි අද (03) තීන්දු කළේය. 03 September 2024
ජාන සොරකමේ ගිය ඉතාලි ජාතික පිය-පුතුට කෝටි 6ක දඩයක් යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බට් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා අද(03) නියම කළේය. 03 September 2024
සියලු වගා ණය කපා හරියි ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. 03 September 2024
කෙස් යන්න ක්‍රීම් ගෑ සැලුන් කත අල්ලනු හිස කෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපනයන් හේතුවෙන් කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබඳු මහත්මිය අද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කළේය. 03 September 2024
උප්පැන්න දෙන්න මරණ සහතිකය පුරවන නුවරඑළිය රෝහල නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිලධාරී මණ්ඩයේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවන බව මහජනතාව මැසිවිලි නගති. 02 September 2024
මාතලේ දේශපාලන නාට්‍ය මැකෝ එද්දී නතර වේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් පිළිබඳව මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් එම ස්ථානයට ළඟාවන අවස්ථාවේදී නළු නිලියන් ඇතුළු එම පක්ෂයේ බලවතුන් පිරිසක් විසිර ගියහ. 02 September 2024
ව්‍යාජ ඡන්දයක් ගැන පැමිණිල්ලක් ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක ප්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. 01 September 2024
පෙට්‍රල් - ඩීසල් මිල බස්සයි පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. 01 September 2024
මහ මැතිවරණයක් ගැන මැකොගෙන් ඉඟියක් ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 31 August 2024
ඉඩමක් ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේට මරණ තර්ජන කරලා ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන් කෙරුණු නුවරඑළිය අඹේවෙල ප්‍රදේශයේ අක්කරයක පමණ වටිනා ඉඩමක් තමන්ට ලබා දෙන ලෙස පවසා හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් මරණීය තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා නුවරඑළිය මූලස්ථාන පොලිසියට සහ නුවර එළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ(30)පැමිණිලි කළේය. 31 August 2024
ඕස්ට්‍රේලියා මැතිසබෙන් රූකාන්ත පවුලට ගෞරව සම්මාන ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි. 30 August 2024
රංගේ පක්ෂයෙන් දොට්ට,රංගෙගෙ තැන තලතාට? එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත. 29 August 2024
නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත. 29 August 2024
ජනපති වෙන්න ආ 23ක් කැලේ පැනලා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය. 28 August 2024
භාෂාව පැටලී දොස්තර නෝනා ගිලන් රියෙන් පැනලා තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධියක්ව ව්නියාවේ වාර්තාවේ. 27 August 2024
ෆවුසිට වසර 10ක අත්හිටැවූ සිරදඬුවමක් එක්සත් ජාතීන්ගෙන් මෙරටට ලබාදුන් ජිප් රථයක් පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එය වසර 10කින් ගෙවී යන අන්දමට ලිහිල් කිරීමට නියම කළේය. 27 August 2024
පුංචි ඡන්ද පිටියට ආ 700ක් රට ගිහින් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. 27 August 2024
ජනපති අපේක්ෂක රාත්‍රී භෝජන සංග්‍රහයට මැකො හරස් වේ අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක අද පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් සදහා සුදානම් කොට තිබු රාත්‍රි භෝජන සංග්‍රහය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගත්තේය. 25 August 2024
යුක්රේනය රුසියා හදවතට පහර දෙන්න සූදානම් රුසියාව සාම සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම සඳහා එරට හදවත බඳු මොසක්ව් නුවරට සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ස්ටෝර්ම් ෂැඩෝ දිගු දුර මිසයිල භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට අවසර දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කළේය. 25 August 2024
සමීක්ෂණවලින් රැවටෙන්න එපා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. 24 August 2024
‘‘බුදුන්ගේ මඟ යන අප යුද්ධය විශ්වාස කරන්නේ නෑ‘‘ ඉන්දියාව බුදුරජාණන් වහන්සේගේ උරුමෙයෙන් පැවැත එන රටක් බැවින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම පිළිබඳ කතා කරන සෑම අවස්ථාවකදීම සිත් තුළට නැගෙන්නේ යුද්ධය නොව සාමය යැයි පෝලන්ත සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සිටින ඉන්දීය ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේය. 23 August 2024
ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. 23 August 2024
පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක් පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය. 22 August 2024
තලතා පැත්ත මාරු කරයි ? සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය. 21 August 2024
ශක්ති වාදපිටිය ගුටිබැට පිටියකින් අවසන් වේ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් ශක්ති රූපවාහිනියේ විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටි බැට හුවමාරුවක නිරතව ඇත. 21 August 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026