
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොළඹට රැගෙන එන ලබමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයකට අදාළව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කැඳවා ප්‍රශ්න කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවෝ!!!!
ගෙම්බන්පිල මාධ්‍ය ඉස්සරහ බක බක ගානවනම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අමාරු කාලයක් කියල දැනගන්න පුළුවන්.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් එළියට අදින්නයි හදන්නේ අපේ හාමුදුරුවනේ........දැන් ඉතිං අපි කුමක් කරන්නද? .........
මේවා කාදිනල්ගේ මනදොල සපුරන්න පෙන්වන සංදර්ශන. අන්තිමට නටපු නාඩගමකුත් නෑ, බෙරේ පලුවකුත් නැතිවෙනවා. ඔච්චර දඟලන්නේ නැතුව ඊබ්‍රාහිම් නානාගෙන් අහන්න. එයා හොඳටම දන්නව ඇති මහමොලකරු කවුද කියලා.
යෝගා විකාර කතාකරන්න එපා. එහෙම කළොත් ආන්ඩුවේ රෙදි ලෙෆ්ට්...
පොහොට්ටු කට්ටියට දැන් සැපද ?
හලෝ යෝගා, ඔයාගෙ බෙරේ පලාගත්තේ පාලම් සීයාට කියලාද?
එල්.ටී.ටී.ඊ එකට විරුද්ධ වුන හැමෝගෙන්ම පලි ගන්නවා.
කොටි මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන ඇමතිකම් දුන්නේ නිකම් නෙවෙයි ..බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ .
ඡන්දෙන් පස්සේ ඇප දේවි...
සාදය ඉවරයි. දැන් ඉතිං වමාරපං. ගොඩාක් වැමෑරුවත් ටිකක් වැමෑරුවත් වැඩිබර ගෝඨාට…
මෙයා කපටි නරියෙක්...