
(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.
එම මිල අඩු කිරීම අද (31) මාධ්‍ය රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල වෙනස් නොවන බවත් එම සංස්ථාව කීය.
රුපියල් 309 ක පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මෙම මිල පහත දැමීමත් සමඟ රුපියල් 299 ක් දක්වා ද, රුපියල් 371 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361 ක් දක්වා ද, අඩු වූ බවත් ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 286 ක ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක ද, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183 ක ද, තව දුරටත් පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට පොඩි සීනි බෝලයක් දුන්නා බබාල ටික දැන් උඩ දාගෙන ගිහින් ඡන්දෙ දාන්න. ඊට පස්සෙ තව අවුරුදු 4ක් යනකන් ඡන්ද නෑ. ඕවටත් එක්ක අල්ලන්නන් ඡන්දෙන් පස්සෙ. ජය වේවා!
තවමත් ලීටර් එකකින් රුපියල් 130ක විතර අති විශාල බද්දක් ගහන්නේ ඇයි? දැන් කියපු විදියට අර කාන්චනගේ සාක්කුවට යන 160න් අඩු කරේ රුපියල් 32යි. ගත්තු ලාභෙන් රටට මොනවද කරේ? රිලව් ගණන් කරපු එකයි, බූරුවො ගනන් කරපු එකයි, විපක්ශෙ කතා කරපු උන් හිරේ දාපුවයි, කෙලවෙන වාරයක් ගානේ ලිස්ට් එකක් දාපු එකයි විතරනෙ.
IMF එකත් එක්ක සාකච්ඡා කරලා, දැනට ගන්න බදු අඩු කරනවා කිව්ව නේද? මිනිස්සුන්ට තියෙන අමාරුකම් එක්ක රුපියල් 10ක් මොනව කරන්නද. මේවගේ කොමෙන්ට් දාන පැලවත්තේ වහල් බලකාය නම් මසුරන් කතා කියාවි. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට මීට වඩා සහනයක් ඕන. ජීවිතේ ගැට ගහගන්න වලි කන එකා තමයි ඒකෙ අමාරුව දන්නෙ.
ඕවටත් එක්ක අල්ලලා තියෙනවා ගෑස් වලින්. රුපියල් 100ක් විතර තෙල් වලින් අඩු වෙනකොට ගෑස් වලින් 420ක් වැඩි කරලා.
කයිය විතරයි කියන අය බලන්න මේ මාස පහේ කොච්චර ඉන්ධන අඩු කලාද කියල, පෙට්‍රල් දෙසීයෙ සීමාවට ආව,
බෙදා හරින්නන්ගෙ කොමිෂන් එක කොහාටද දන්නෙ නැහැ දැන් යන්නේ ...
බංකොලොත් වු රටක මෙහෙම හරි සහන දෙන්න පුළුවන් තත්වයක් නිර්මාණය උනේ ජාතික ජනබල වේගයේ ආණ්ඩූවේ අදූෂිත හා අරපිරිමැස්මක් සහිත ප්‍රතිපත්ති නිසාය.
මේකේ සහනය ජනතාවට ලැබෙන්න පරන කොටස් ඉවරවෙනකල් ඉන්න වෙයි, මිල වැඩි උනොත් විතරයි එවෙලේම දෙන්නේ.
තවමත් කාලකන්නි අතලොස්සක් ඉන්නවා කියලා පේනවා සමහර අදහස් දකිනකොට .. පෙට්‍රල් රු. 400ක් ගානට පෝලිම්වල ගිහින් ගන්නකොටවත් මෙහෙම කෙඳිරි ගෑවේ නෑ . දැන් අඩු උනාම "මදි" කියලා කෑ ගහනවා . හාමුලා රකින්න දගලන දැගලිල්ලක්!
මදි මදි එහෙම බැහැ ඡන්දෙ ලඟයි.
ඡන්දෙන් පස්සේ ඕක තුන් ගුණයකින් වැඩි වෙනවා. දැන් රට කරන්නේ පච බාහු.