IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මෝදි ලංකාවට පැමිණෙයි

 

(අංජුල මහික වීරරත්න සහ කටුනායක ටී.කේ.ජී.කපිල)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (4) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නරේන්ද්‍ර මෝදි මහතා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජය ශංකර් මහතා ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක් සහභාගී සිටිති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුද සහභාගී වූහ.

 



අදහස් (12)

මෝදි ලංකාවට පැමිණෙයි

chandima Friday, 04 April 2025 09:12 PM

රනිල් කියන විදිහට නම් රනිල්ව හම්බ වෙන්න තමයි ඇවිත් තියෙන්නේ... එයා ගහපු ගිවිසුමේ ඉතිරි ටිකට අත්සන් කරලා යන්න.

:       21       29

වින්සන්ට් කජ්ජාFriday, 04 April 2025 10:48 PM

රනිල් කියන්නේ අර කජු කකා ඉඳලා අල් ජසීරා එකේ පච වෙච්චි එක්කෙනාද...?

:       9       15

PereraSaturday, 05 April 2025 04:25 AM

රනිල්ගේ ඉටිගෙඩිය...!

:       0       1

මාබංකුසිංහSaturday, 05 April 2025 07:57 AM

chandima, කවුද හිතුවේ පිනට ලැබුණු එකත් ඔච්චර ඉක්මණට නැතිකරගනී කියලා. වැරැදි මිනිස්සු එක්ක ආශ්‍රය කෙරුවාම පින් පව් වෙනවා.

:       0       6

පොඩිඑකා Friday, 04 April 2025 10:41 PM

අපේ යෝගාගේ අදහස අනුවත් ඒකම වෙන්න ඇති, නැත්තන් නෑමොලයාට ගෞරව දක්වන්න වෙන්න ඇති...!

:       2       10

Siri Friday, 04 April 2025 11:21 PM

අහස්යන්තරේ බාන්න කලින් මන්නාරම පැත්තට මයිසූර් පරිප්පු ගෝනි ටිකක්වත් දාගෙන ගියේ නැද්ද?

:       0       1

Old ජෙප්පි lady Friday, 04 April 2025 11:45 PM

87-89 කාලයේ අපි අවුරුදු 22-23 අය. හොඳට මතකයි අපේ ගම් පළාත්වල හැමෝම ජේවීපී නියෝග අනුව ඉන්දියන් හමුදා පිටව යනු, ඉන්දියන් බී ළූණු වර්ජනය කරමු වගේ දේවල් කොළවල ලියලා ගෙවල් ඉස්සරහ අලවලා තියන්න වුණු හැටි. නැත්නම් ඉතින් T 56 නැත්නම් අඩු ගානේ දැලි පිහි පාරක්වත් තෑග්ගට ලැබෙනවා. දැන් ඉන්දියන් හමුදාවේ විතරක් නෙමෙයි මුළු ඉන්දියාවේ ලොක්කා ආවම මොනවා ලියන්න කියාවිද මන්දා... පරණ ලොකු සහෝදරයින් හිටියා නම්. අනුර සහෝදරයා සහ විජිත සහෝදරයා එහෙමත් අපේ වයස්වල. ඒ අයගේ ලොක්කන් එන්න එපා කියපු අයව අද එයාලාම ගිහින් පිළිගන්න හැටි දැක්කාම කියලා වැඩක් නැහැ. අපි ඒ කාලේ රැවැටුනේ කාටද සහෝදරයා...?

:       7       1

බද්රානි Saturday, 05 April 2025 03:25 AM

හොරු රජකළ, හොරුන්ගේ දිවයිනේ, හොරෙක් නොවන ජනාධිපති වරයෙක් සිටින ලංකාවට ඔබතුමා පය තබන බව ගරු මෝදි ජනාධිපතිතුමා මේ වනවිටත් දන්නවා ඇතියි කියා හිතනවා. ඒ නිසා ඉන්දියාවේ යකඩ ගොඩවල් ලංකාවට පටවනවාට වඩා ඔබ්බට ගිය ගිවිසුම් අත්සන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඉන්දියානු සම්භවය තිබුණත්, අම්මා අප්පාවත් විකුණාගෙන කාලා බඩ ගෝස්තරය පුරවා ගත්තු මිනිස්සු ඉන්න රටකට, ඔය කියන තාක්ෂණ වලට අමතරව, "LIVESTOCK FARMING" (පශු සම්පත් ගොවි කර්මාන්තය) තාක්ෂණයත් ලබා දුන්නොත් ඉතාම අගය කරනවා. මෙලෝ දැනුමක් නැතිව, ටයි කෝට් පැළඳගෙන පුටු උඩ ඉඳගෙන හොරාකෑමට හුරු වුණු පාලකයින් හා රාජ්‍ය නිලධාරීන් සිටින රටකට ඔවුන්ට සුදුසු කර්මාන්තයක් ලංකාවේ ප්‍රවර්ධනය කිරීම ඔබගේ යුතුකමක්... ඉන්දියානුවන් ප්‍රෞඩ ජාතියක් බවට පත්කළ ගරු මෝදී ජනාධිපතිතුමාට ජයවේවා...!

:       0       3

Chathuri Saturday, 05 April 2025 05:16 AM

හොඳ කල්පනාවෙන් ආරාක්ෂාව දෙන්න. මොනයම් හරි කරදරයක් කරන්නේ පැරැදිලා ගෙදර ඉන්න නාකිනඩේගේ. ඉත්තෝ ටික රට පෙරලන්න බලන් ඉන්න නිසා කටින් හරි බෝම්බ තියයි. ඔවුන්ට ඕනෑ වටවෙලා හොරා කන්න මිසක් රටයි, ජනතාවයි සුවෙන් ඉන්නවාට කැමැති නැති නඩයක්. පරිස්සම් වෙන්න. කරන දේවල් කලින් නොකියා කරලා කියන්න...

:       0       4

Nalin Saturday, 05 April 2025 06:01 AM

මේපාරත් ලොක්කා වඩිග පටුන නටනවද දන්නේ නැහැ...

:       0       0

ranjith Saturday, 05 April 2025 07:11 AM

රනිල්ගේ වැඩපිළිවෙළම යනවා නම් රනිලුත් ගත්තා නම් ඉවරයි.

:       7       0

ගුණරත්න Saturday, 05 April 2025 12:15 PM

අපේ ඇමැති ජලින්ද නයතිස්ස මහත්තයා ඉස්සර කිව්වේ, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තා මෝදි අගමැතිතුමා කියලනේ? මේ ඇවිත් ඉන්නේ අත්අඩංගුවට ගනීවිනේ...?

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site