
(අංජුල මහික වීරරත්න සහ කටුනායක ටී.කේ.ජී.කපිල)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (4) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
නරේන්ද්‍ර මෝදි මහතා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජය ශංකර් මහතා ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක් සහභාගී සිටිති.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන විදිහට නම් රනිල්ව හම්බ වෙන්න තමයි ඇවිත් තියෙන්නේ... එයා ගහපු ගිවිසුමේ ඉතිරි ටිකට අත්සන් කරලා යන්න.
අපේ යෝගාගේ අදහස අනුවත් ඒකම වෙන්න ඇති, නැත්තන් නෑමොලයාට ගෞරව දක්වන්න වෙන්න ඇති...!
අහස්යන්තරේ බාන්න කලින් මන්නාරම පැත්තට මයිසූර් පරිප්පු ගෝනි ටිකක්වත් දාගෙන ගියේ නැද්ද?
87-89 කාලයේ අපි අවුරුදු 22-23 අය. හොඳට මතකයි අපේ ගම් පළාත්වල හැමෝම ජේවීපී නියෝග අනුව ඉන්දියන් හමුදා පිටව යනු, ඉන්දියන් බී ළූණු වර්ජනය කරමු වගේ දේවල් කොළවල ලියලා ගෙවල් ඉස්සරහ අලවලා තියන්න වුණු හැටි. නැත්නම් ඉතින් T 56 නැත්නම් අඩු ගානේ දැලි පිහි පාරක්වත් තෑග්ගට ලැබෙනවා. දැන් ඉන්දියන් හමුදාවේ විතරක් නෙමෙයි මුළු ඉන්දියාවේ ලොක්කා ආවම මොනවා ලියන්න කියාවිද මන්දා... පරණ ලොකු සහෝදරයින් හිටියා නම්. අනුර සහෝදරයා සහ විජිත සහෝදරයා එහෙමත් අපේ වයස්වල. ඒ අයගේ ලොක්කන් එන්න එපා කියපු අයව අද එයාලාම ගිහින් පිළිගන්න හැටි දැක්කාම කියලා වැඩක් නැහැ. අපි ඒ කාලේ රැවැටුනේ කාටද සහෝදරයා...?
හොරු රජකළ, හොරුන්ගේ දිවයිනේ, හොරෙක් නොවන ජනාධිපති වරයෙක් සිටින ලංකාවට ඔබතුමා පය තබන බව ගරු මෝදි ජනාධිපතිතුමා මේ වනවිටත් දන්නවා ඇතියි කියා හිතනවා. ඒ නිසා ඉන්දියාවේ යකඩ ගොඩවල් ලංකාවට පටවනවාට වඩා ඔබ්බට ගිය ගිවිසුම් අත්සන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඉන්දියානු සම්භවය තිබුණත්, අම්මා අප්පාවත් විකුණාගෙන කාලා බඩ ගෝස්තරය පුරවා ගත්තු මිනිස්සු ඉන්න රටකට, ඔය කියන තාක්ෂණ වලට අමතරව, "LIVESTOCK FARMING" (පශු සම්පත් ගොවි කර්මාන්තය) තාක්ෂණයත් ලබා දුන්නොත් ඉතාම අගය කරනවා. මෙලෝ දැනුමක් නැතිව, ටයි කෝට් පැළඳගෙන පුටු උඩ ඉඳගෙන හොරාකෑමට හුරු වුණු පාලකයින් හා රාජ්‍ය නිලධාරීන් සිටින රටකට ඔවුන්ට සුදුසු කර්මාන්තයක් ලංකාවේ ප්‍රවර්ධනය කිරීම ඔබගේ යුතුකමක්... ඉන්දියානුවන් ප්‍රෞඩ ජාතියක් බවට පත්කළ ගරු මෝදී ජනාධිපතිතුමාට ජයවේවා...!
හොඳ කල්පනාවෙන් ආරාක්ෂාව දෙන්න. මොනයම් හරි කරදරයක් කරන්නේ පැරැදිලා ගෙදර ඉන්න නාකිනඩේගේ. ඉත්තෝ ටික රට පෙරලන්න බලන් ඉන්න නිසා කටින් හරි බෝම්බ තියයි. ඔවුන්ට ඕනෑ වටවෙලා හොරා කන්න මිසක් රටයි, ජනතාවයි සුවෙන් ඉන්නවාට කැමැති නැති නඩයක්. පරිස්සම් වෙන්න. කරන දේවල් කලින් නොකියා කරලා කියන්න...
මේපාරත් ලොක්කා වඩිග පටුන නටනවද දන්නේ නැහැ...
රනිල්ගේ වැඩපිළිවෙළම යනවා නම් රනිලුත් ගත්තා නම් ඉවරයි.
අපේ ඇමැති ජලින්ද නයතිස්ස මහත්තයා ඉස්සර කිව්වේ, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තා මෝදි අගමැතිතුමා කියලනේ? මේ ඇවිත් ඉන්නේ අත්අඩංගුවට ගනීවිනේ...?