ලොහාන් ජාතික රෝහලට නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි. 03 November 2024
හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්‍රී පට්ටම් අහෝසියි ? ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 02 November 2024
සිසුවියෝ දෙදෙනෙක්ට මරු කැදවූ බදුල්ලේ අනතුර බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේ දී අද (01)උදෑසන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 01 November 2024
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය. 31 October 2024
ලොහාන් රත්වත්ත අත්අඩංගුවට මිරිහාන පොලිසියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ . 31 October 2024
රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්සේ දුම්රිය වැගන්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැගන් වල ඉවත් නොකර රඳවා තැබීම හේතුවෙන් ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතුණ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 30 October 2024
සැප රියේ සිද්ධියෙන් පසු ලොහාන් යුවළ අතුරුදන්? මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ හිටපු රාජ්‍ය අමාතය ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනීමත් සමගම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ යුවළ සහ පුතු ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 30 October 2024
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් අරඹයි දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (30) පස්වරු 4.30 සිට ප්‍රවේශපත් නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පස්වරුවේ පැවසීය. 30 October 2024
කෝටි 190ක් කා දැමූ දුම්රියේ සුදු අලියෙක් විගණනය පෙන්නයි දුම්රිය විදුලි සංදේශ පද්ධති වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ නවින දුම්රිය සන්නිවේදන පද්ධතිය සදහා රුපියල් මිලියන 1,901 ක මුදලක් වැයකර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක විම හා අරමුණු ඉටුනොවිම හේතුවෙන් වැයකළ මුදල් පල රහිත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 30 October 2024
මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 30 October 2024
වාහන ලියාපදිංචි හිස් පොත් 12ක් අස්ථානගත වෙලා මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 29 October 2024
දිවයිනටම ඌරු උණ අවදානමක් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න කොතලාවල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 29 October 2024
ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 28 October 2024
රංජන්ගේ සම්මේලනයට ආ අයට පොරොන්දු මුදල් දුන්නේ නැතිලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ 27 October 2024
ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. 26 October 2024
සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් සිය භාරයට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 26 October 2024
මහ ඡන්දයට වෙනත් දිනයක්? පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 26 October 2024
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් අද(25) එල්ල කළේය. 26 October 2024
‘‘අසාධාරණ ලාභ ලබන්න කිසිම ව්‍යාපාරිකයකුට ඉඩ දෙන්නේ නෑ‘‘ සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවකදී පැවසීය. 25 October 2024
රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක් තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන මහින්ද සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 25 October 2024
ගුරාගේ පාටිය මැකෝ බාරයට සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන් ගේ සුහද හමුවකට සහභාගී වූ පිරිසකට ලබා දීමට සූදානම් කර තිබූ ආහාරපාන තොගයක් තම භාරයට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 25 October 2024
‘‘ප්‍රහාරයක් ගැන තොරතුර ලැබුණු සැනින් ක්‍රියාත්මක වුණා.‘‘ ආරගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කටකතාවලට රැවටී රට අර්බුදකාරී තත්ත්වයකට පත් නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය. 24 October 2024
අරුගම්බේ ආරක්ෂාව වැඩි කරයි අම්පාර අරුගම්බේ සංචාරක ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන්ට සහ ඇමරිකානු පුර වැසියන්ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත. 23 October 2024
කැලණි සරවියේ උඩු මාලයෙන් වැටී සිසුවෙක් මරුට කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇතැයි පොලිසිය පවසයි. 23 October 2024
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 අතුරුදන්: ප්‍රවාහන අධ්යක්ෂකත් නොදනී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 23 October 2024
යහපාලනයේ කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරම් කෝ යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 22 October 2024
ගම්මන්පිල රහස හෙළි කරයි පාස්කු ප්‍රහාරය සිදුවන බවට රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දී තිබූ බව පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පැවැත් වූ කමිටුවේ වාර්තාවේ සඳහන් වන්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 21 October 2024
තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 October 2024
හලාවත මවයි, පියයි දියණියයි අමානුෂික ලෙස මරලා එකම පවුලේ මව, පියා සහ දියණිය තියුණු ආයුධ වලින් පහරදී මරා නිවස තුළම පුළුස්සා දැමීමේ පුවතක් හලාවත මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි. 20 October 2024
ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. 19 October 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026