IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

 කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවද අමාත්‍යවරයා කීය. 

අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා  වැඩිදුරටත් කීය.



අදහස් (9)

බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට

රම්බොඩ Tuesday, 11 March 2025 01:00 PM

පරණ සිදුවීම් සේරම ඇද ඇද පළිගැනීම් සිදු කරනවා. ඒ සිදුවීම් හොඳයි කියනවා නොවෙයි. මහා අපරාධ නමුත් ඒ අපරාධ වලට මුලපිරුවේ කවුද ? කවුද රටක් ඒ තත්ත්වය ට ඇදලා දැම්මේ

:       39       17

RohanaTuesday, 11 March 2025 02:35 PM

ඒක තමයි රට පුනරුද යුගයකට ගෙනියනවා කියන්නේ...!

:       0       2

ගුණරත්න Tuesday, 11 March 2025 01:18 PM

හොඳයි ඉතින්, කාගේ කාගේත් කුණු කන්දල් ටික එළිවෙයි, අපිත් බලා ඉන්නවා ඒවා එළියට එනකම්.

:       7       22

සමන්- ඕමානය Tuesday, 11 March 2025 01:59 PM

පසුගිය කාලවල සිදූවූ අකටයුතු කම් අක්‍රමිකතා, අපරාධ ගැන සෙවිය යුතු තමයි. නමුත්, රජයේ මුලික පරමාර්ථය විය යුත්තේ ඒවා සොයා බැලීම පමණක් නොවේ. රට පුනරුදයක් කරා ගෙන යාමයි. ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීමයි. රටේ දියුණුව කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා ඇප කැපවී කටයුතු කිරීමයි.

:       5       20

Toni Tuesday, 11 March 2025 03:13 PM

දෙන්නේ නම් නෑ පුතෝ

:       0       2

Lilan Tuesday, 11 March 2025 03:16 PM

ඔවුන් ජාත්‍යන්තරයේ එකතු වී හමාරයි....

:       1       2

CHANDIMA Tuesday, 11 March 2025 03:20 PM

මොන සක්කරයාට වුණත් කළ කම් පළ දෙනවා.. රනිල් කියලා වෙනසක් නෑ

:       2       2

Prabath Tuesday, 11 March 2025 04:06 PM

JVP එකෙන් මරලා එල්ලපුවා ඇතුළු මරපු අහිංසක මිනිස්සුත් මේ ගැනත් කතා කලොත් හොඳයි

:       1       4

Neel Tuesday, 11 March 2025 04:48 PM

ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිට දැන් කොහොමත් වෙන විකල්පයක් නැත අපරාධ චලට සමිබන්ධ අයව නීතිය ඉදිරියට පමුණුවන්න වෙනවාමයි. මොකද රටේ ජනතාව බලන්ඉන්නවා අනික තමයි ජාත්‍යන්තර ප්‍රජාව. මාර වැඩේ ලංකාවට උනේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site