මහින්දට දුන් බැකප් තුනක් යළි දෙන්න කියයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ( backup vehicle)තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇත. 19 October 2024
වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත. 18 October 2024
දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඉල්ලීමක් කරන්නීය. 17 October 2024
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) දින හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි 17 October 2024
’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’ මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 16 October 2024
ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට ඇප නියම කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනය දෙවන වරටත් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(16) නියෝග කළේය. 16 October 2024
බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් අද (15) දැනුම් දුන්නේය. 16 October 2024
කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව අපරධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට දැනුම් දී ඇති නීතීපතිවරයා සිද්ධියට අදාළව නීතීපති දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන ගිය ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇත. 15 October 2024
සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුනගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 12ක වන්දියක් පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍යවරයාට ගෙවීමට වැටලීම කළ සුරාබදු නිලධාරීන් තිදෙනට අද (15) නියම කළේය. 15 October 2024
උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 14 October 2024
ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලන්ගන්සිංහ මහතා මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය. 14 October 2024
බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද මස හයක සිර දඬුවම් නියම කළේය. 14 October 2024
බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක් බඩල්ගම බියරස්ට් වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ බොයිලේරුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය පුරා ගොස් ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. 14 October 2024
කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය. 13 October 2024
යටගිය අපරාධ උඩට ගනී මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 13 October 2024
වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදිකාවේ කතහා බහ වේ. 12 October 2024
මහ මැතිවරණයට කණ්ඩායම් 690:74 විසි වෙයි 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690ක් නාම යෝජනා පත්‍ර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. 11 October 2024
රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ නාමයෝජනා පත්‍රයට ඇතුලත් වී නැත. 11 October 2024
හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. 11 October 2024
වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 October 2024
පොහොර වංචාකරුවන් වහා අල්ලනු ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර ආයතන අටක සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට අද (10)නියෝග කළේය. 10 October 2024
විමලුත් මහ ඡන්දෙට නෑ ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. 10 October 2024
කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කර දමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති. 10 October 2024
රංජන් අලුත් පක්ෂයකින් පොර පිටියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්රජාන්ත්රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය. 09 October 2024
දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය. 09 October 2024
අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය. 08 October 2024
නිලන්තත් වන්දිය ගෙවයි පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට නියමකර තිබු රුපියල් කෝටි 7 1/2ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවට ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කළේය. 07 October 2024
නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි නෙළුම් කුළුනෙන් පහළට වැටී ළමයෙක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි. 07 October 2024
ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා ’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 October 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026