
(මොහොමඩ් ආසික් සහ ගාමිණි බණ්ඩාර ඉලන්ගන්තිලක)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.
දැඩි අව් රශ්මිය වනාන්තර මත පතිත වීම නිසා එම වනාන්තරවල ඇති ශාඛ වර්ග අව් රශ්මියෙන් පිලිස්සී කර වී ගොස් ඇති අතර ඕනෑම මොහොතක ගිනි ගැනීමේ අනදානම් තත්වයක පවතී.
මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි ස්වභාවික වනාන්තර රැසක මේ තත්වය දකින්නට ලැබෙයි. මහනුවර මාතලේ දිස්ත්‍රික්ක මායිම් වන නකල්ස් කඳුවැටියේ ඇතැම් ප්‍රදේශ හන්තාන කඳුවැටිය, මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන හෝටන්තැන්න ඇතුළු වනාන්තර මෙලෙස දැඩි අවදානම් තත්වයේ පවතී. හෝටන්තැන්න අධි සංවේදී පරිසර කලාපයේ පරිසර පද්ධතිය දැඩි ලෙස අව් රශ්මියෙන් පිලිස්සී ඇති අයුරුයි මේ.
පසුගිය දිනවල රක්ෂිත වනාන්තර රැසක ගිනි ගැනීම් සිදුව තිබූ බව වාර්ති වී තිබිණ.
මෙම තත්වය හමුවේ ඕනෑම මොහොතක මෙවන් වනාන්තර ගිනි ඇවිලීමේ අවදානමක් පවතින බැවින් මේ නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිසිය, වන සංරක්ෂන, වන ජීවි අංශවල නිලධාරින් මෙන්ම පරිසරවේදීන්ද ජනතාවගෙන් ඉල්ලා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් පොළවත් පැලෙයි කිව්ව බොරු වලට.
මේ ඉඩම් වල ගස් ටිකක් හිටවන්න විදේශ ආධාර ඕනෑද? ආපහු කතා කරලා රට සුද්දටම දෙන එක තමයි කරන්න වෙන්නේ...
සංචාරකයින් ඇතුල් කරගැනීම වහාම නතරකිරීම තමයි හොඳම දේ කියලයි මගේ නම් අදහස.. මොකද කුමන හෝ අවාසනාවකට කුමන හෝ ගිනිගැනීමකට ලක්වූවහොත් පරිසර හානිය මෙන්ම අපහසු කාල කිහිපයක්ම පසුකර සංචාරක කර්මාන්තයට දැඩි කැලැලක් මෙන්ම අලාභ හානියක් සිදුවනු ඇත.. මන්ද ලැව්ගිනි නිවීම ඉතා අපහසුයි.
දේවෝ වස්සතු කාලේන ගාථාව මතක්වුණා.. අමතරව රුවන්වැලි මහසෑයේ මලුවේ අතීත රජකෙනෙක් සත්‍යක්‍රියා කළා... කියලා අහලා තියෙනවා...