
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව "2025 අයවැය" ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ තෙවැනි සමාලෝචනය විධායක කමිටු අනුමැතිය සඳහා ඉදිරි සති කීපයේදී ඉදිරිපත් කරනු ඇති බවත් විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.
2024 වසරේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන තිබෙන බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.
එසේම සිව්වැනි කාර්තුවේදී ඉලක්ක කළ උද්ධමන මට්ටමට වඩා අඩු මට්ටමක් පහසුවෙන් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.
පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1 දක්වා වැඩි වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.
2025 ඔක්තෝබර් මස 08
1980
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333
Nayana Sunday, 09 February 2025 12:10 AM
ඇමෙරිකානු බුවාලා... ඇමෙරිකානු ව්‍යාප්තවාදය, ඇමෙරිකානු කොළණිය. කාටද මේ වචන මතක?