නුවරඑළිය තැපැල් ඡන්ද ජාජබට ඡන්ද. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 4981 ලබාගෙන ඇත. 15 November 2024
ත්‍රිකුණාමලය තැපැල් ඡන්ද ජාජබට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 5480 සජිත් ප්‍රේමදාස 4537 රනිල් වික්‍රමසිංහ 3630, නාමල් රාජපක්ෂ 129, දිලිත් ජයවීර 39 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 4225 ලබාගෙන ඇත. 14 November 2024
බදුල්ල තැපැල් ඡන්ද ජාජබට බදුල්ල දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 23629 රනිල් වික්‍රමසිංහ 7967, සජිත් ප්‍රේමදාස 7757 නාමල් රාජපක්ෂ598, දිලිත් ජයවීර 151 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 10151ක් ලබාගෙන ඇත. 14 November 2024
කොළඹ තැපැල් ඡන්ද ජාජබට කොළඹ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 20864 රනිල් වික්‍රමසිංහ 7645, සජිත් ප්‍රේමදාස 4080 නාමල් රාජපක්ෂ561, දිලිත් ජයවීර 552 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 7611ක් ලබාගෙන ඇත. 14 November 2024
මොණරාගල තැපැල් ඡන්ද ජාජබට මොනරාගල දිස්ත්‍රික්කය කළුතර තැපැල් ඡන්ද ප්‍රතිපලය ජාතික ජනබලවේගය 19686කි. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද3297, නව ප්රජාතන්ත්ර වාදි පෙරමුණට ඡන්ද 833හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 650 ක් හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 170කි. 14 November 2024
හම්බන්තොට තැපැල් ඡන්ද ජාජබට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය ඡන්ද 29076ක් ලබා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වූයේ ඡන්ද 3340කි. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ඡන්ද 1913ක් හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1160 හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 613කි. 14 November 2024
ගාල්ල ආසනය ජාජබට ගාල්ල දිස්ත්‍රික්කය ගාල්ල මැතිවරණ කොට්ඨාසය ඡන්ද 39707ක් ජාතික සමගි ජනබලවේගය දිනා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 9410කි. නව ප්රජාතන්ත්රවාදි පෙරමුණට ඡන්ද 3741 හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1885ක් හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 715කි. 14 November 2024
කළුතර තැපැල් ඡන්ද ජාජබට කළුතර දිස්ත්‍රික්කය කළුතර තැපැල් ඡන්ද ප්‍රතිපලය ජාතික ජනබලවේගය 29076කි. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 3340, නව ප්රජාතන්ත්ර වාදි පෙරමුණට ඡන්ද 1913 හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1160 ක් හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 613කි. 14 November 2024
රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ ඡන්ද 1528කි. 14 November 2024
ගාල්ල තැපැල් ඡන්ද ජාජබට පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි. 14 November 2024
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මහ මැතිවරණයේ දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කිරීම සමස්තයක් වශයෙන් සියයට 60ත් 65ත් අතර අගයක පැවතුණ බව මැතිවරණ නිරීක්ෂකයෝ සඳහන් කරති. 14 November 2024
ඡන්දය දීමේ ප්‍රතිශතය චුට්ටක් වැඩි වේ දහවල් 2.00 වන විට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්ම වූ බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි. 14 November 2024
ඡන්දය ආරම්භ වේ පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි. 14 November 2024
ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතුරු ඇඟවීම අද(13) ඉවත් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 13 November 2024
මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (12) තහනම් නියෝගයක් නිකුත් කළාය. 12 November 2024
බාල ඖෂධ ජාවාරමට රනිල් ප්රමුඛ කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරන්න යයි ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අමාත්‍යවරුන් 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට අද (11) අවසර දුන්නාය. 11 November 2024
බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල මහතා හා කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන පියුමි හංසමාලි ගෝමස් නිරූපණ ශිල්පිනිය රජයට ආදායම් බදු නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට අද (11) නිකුත් කළේය. 11 November 2024
රෝහිත කඳුළු සලයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය. 10 November 2024
නෙඵම් කුළුණේ පාටියක් අතර ආරක්ෂකයාට වෙඩි තියලා නෙළුම් කුළුණ පරිශ්‍රය පැවති සංගීත ප්‍රසංගයකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. 10 November 2024
යළි බාර නොදුන් සනත්ගේ බංගලාවේ ලයිට් වතුර කපයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 November 2024
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ් රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය. 08 November 2024
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියයි. 08 November 2024
ලොහාන් යුවළ යළි රිමාන්ඩ් කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ රෂි ප්‍රභා රත්වත්තේ යන දෙදෙනා ලබන 18 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 07 November 2024
ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සිය බාරයට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. 06 November 2024
ට්‍රම්ප් දිනුම් රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ කරටකර සටනක් අපේක්ෂා කළත්, ආරම්භයේ දී පටන් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවිය. 06 November 2024
හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා? උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩමක් අත්පත් කොට ගෙන ඇතැයි දැනගන්නට ඇත. 05 November 2024
පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව බලරහිත කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේ විත්තිවාචක කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද (05) නියෝග කළේය. 05 November 2024
ලොහාන් බිරිය හත තෙක් රිමාන්ඩ් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගත් බව කියන හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය නීතිඥයකු මගින් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 04 November 2024
රනිල් ඡන්දෙන් පසු රට යයි ලබන 14 වැනිදායින් පසුව නිවාඩුවක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති තරුණ හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. 03 November 2024
විදෙස් තානාපති සේවයේ 16ක් යළි ගෙන්වයි ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 03 November 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026