
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර රැස්වීමට සූදානම් වී නැවත පැමිණෙන ලෙස දැනුම්දී රැස්වීමේ කටයුතු අතරමග නතර කිරීමට කමිටුවේ සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කටයුතු කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020 2021 2022 හා 2023 වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානිහු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගිය 10 වැනිදා කැඳවනු ලැබ සිටියහ.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගිය රැස්වීම්වලදී දුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම මෙහිදී විමසා තිබිණ.
රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධ වීමට ප්‍රථම අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳව කළ පරීක්ෂණ හා එම සිද්ධියට වග හේතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවට වාර්තාවක් දිය යුතුව තිබූ බවත් එම වාර්තාව ලබාදී නොමැති බවත් විගණකාධිපතිවරයාමෙහිදී පෙන්වා දුන්නේය.
වාර්තාවක් ලබා දී ඇති බව මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දැනුම් දුන්හ.
එවැනි වාර්තාවක් තමාට ලැබී නැති බව විගණකාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙහිදී එසේ ලබා දුන්නේ යැයි පැවසුණු වාර්තාවේ පිටපතක් සභා ගත කෙරුණු අතර එම පිටපත සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බව විගණකාධිපතිවරයා එහිදී යළිත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
ravin Thursday, 13 March 2025 08:38 AM
ඉස්සර වගේ හොරු ටික බේරන්න වාර්තාවක් ඉදිරිපත් කරන්න ඇති... දේශපාලකයන්ගේ නම් ගම් එක්කම හරි වාර්තාවක් දුන්නා නම් ඉවරයි නේද? කරන්න දෙයක් නැහැ... ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී. අඩුමගානේ මාරුවීමක්වත් ලබලා ජාමෙ බේරගන්න බලන්න.
හසක Thursday, 13 March 2025 09:54 AM
තනතුරුවලින්ද එහෙම්ම යවන්න හැකි නම් අනෙක් අය යමක් ඉගෙනගනී...
කපුරු හාමි Thursday, 13 March 2025 05:01 PM
ආර්.එම්.වී.ගැන කියලා වැඩක් නැහැ. කා.කා.ස පටන් උසස් නිලධාරියා දක්වා ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව වැඩිපුරම ඉන්නේ පගාව ගන්න එවුන්...
පිටිගල මිලානෝ Thursday, 13 March 2025 05:06 PM
පට්ට හොරු ටිකක්… ලෑස්තිවෙලා එන්නේ නැතුව බබා උකුං කරනවා… රැකියා වලින් දොට්ට දාන්න.
පැරකුම්Thursday, 13 March 2025 05:41 PM
රැකියාවෙන් පහ කිරීම කෙසේ වෙතත් සේවය අත් හිටුවා විනය පරීක්ෂණයකට යොමු කළ යුතුයි.