IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?

(විමුක්ති එස් රුද්‍රිගු)

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ අප පුවත්පත රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ රේගුවේ සිරවී තිබෙන වාහන නිදහස් කිරීම සඳහා වන අවශ්‍යතා සපුරාලමින් ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිත බවත් එම ගැසට් පත්‍රය ඉතා ඉක්මණින් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

බලාපොරොත්තු වන ආකාරයට එලෙස ගැසට් පත්‍රය නිකුත් වුවහොත් රේගුවේ හිරවී තිබෙන වාහන නිදහස් කිරීම ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඒ මහතා පැවැසුවේය.

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම යැයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේය. ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසාන වනු ඇති බවත්  මෙම ගැටළුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුක්ගොඩ මහතා පැවැසුවේය.

පළමු නැව පැමිණ දවස් 20 කට වඩා වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය. සිරවී තිබෙන වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන අපනයන කරුවෝ පෙන්වා දුන්හ.

ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මණින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?

Perera Thursday, 20 March 2025 07:31 AM

සමස්ත වාහන මිල කොහොමද පහල යන්නේ කලින් තිබුන මිලට වඩා මේ වාහන වල ගහන බදු නිසා වැඩිවෙලා තියෙනකොට ?

:       1       15

ගුණරත්න Thursday, 20 March 2025 08:41 AM

ඔය ඉස්සෙල්ලම වාහන ඕඩර් කලේ සල්ලි එකවර ගෙවන්න පුළුවන් ධනවත් මිනිස්සු, උන් කිව්වා විතරයි ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පණවපු නීති නවන්න ජනාධිපතිවරයාම මැදිහත් වෙනවා, යස අපූරුයි. අපි ඇල්ටෝ එකක් ගන්නේ ලක්ෂ 71ක් ගෙවල, එකෙන් ලක්ෂ 50ක්ම ආණ්ඩුවේ බදු. කෝටි දාස් ගණන් වියදම් කරලා ෆැක්ටරි හදල වාහන විකුණන එකාට වැඩිය ආණ්ඩුව නිකම්ම ඉඳල සල්ලි හොයනවා.

:       8       21

kvcn Gunarathna Thursday, 20 March 2025 08:57 AM

දුප්පත් අපි රොද තුනෙ වාහනය විකුණුවා රොද 4ක් ගන්න . අන්තිමට අපි කබලෙන් ලිපට වැටුනා . ළමයින්ටවත් හොඳ වාහනයක් පදින්න රටකටවත් යවන්න වෙයි වගෙ ..

:       2       22

CHANDIMA KALANSOORIYA Thursday, 20 March 2025 09:49 AM

වාහන අපනයනකරුවෝ නෙවෙයි, ආනයන කරුවෝ. අංක එක කියනව. ලැජ්ජයි. කිසිම ප්‍රවෘත්තියක ගැඹුරක්, නිරවද්‍යභාවායක් නැහැ. වචන, වාක්‍ය පිටින්ම සම්පූර්ණයෙන්ම වැරදියි. පරිවර්තනය කරල දාන ලිපි එහෙම් පිටින්ම වැරදියි. කවුද ඔබගේ ආයතනයෙ වගකීම් දරන්නෙ. අපිත් අවුරුදු ගානක් මුද්‍රිත පිටපත් බැලුව. ඒවයෙ, පිළිවෙලත් එක්ක මේක ළඟින් තියන්නවත් බැහැ. අප්‍රසන්නයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site