IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේග රජයේ  මංගල  අයවැය (2025) වැඩි ඡන්ද 114කින්  පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.

අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 159 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  45ක් පමණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂවත් සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය  යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු අයවැයට විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කළහ.

රාමනාදන් අර්චුනා  මන්ත්‍රීවරයා  අයවැයට විරුද්ධවද කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂවද  ඡන්දය ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා අයවැය ලේඛනය( අයවැය කතාව) පාර්ලිමේන්තුවට  පෙබරවාරි මස 17 ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාද දින විසි හයක් පුරා  පැවැත්විණ.

අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පෙබරවාරි මස 18 සිට පෙබරවාරි මස  මස 25 දක්වාද  අයවැය කාරක සභා අවස්ථාවේ විවාද  පෙබරවාරි  27 වැනිදා සිට අද  (21)  දක්වාද  පැවැත්විණ.

අද (21)  පැවැත්වුණේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයයි.



අදහස් (17)

අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

Asela Friday, 21 March 2025 08:49 PM

මේ රටේ ජනාධිපති විදිහට තේරී පත් වුණු වැඩකට නැති කෙනෙක්. ඔහු මෛත්‍රීට හෝ ගෝඨාභයට නොදෙවෙනියි. ගෝඨාභය අඩුම තරමේ කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. කිසිම ප්‍රගතියක් නැතුව අවුරුදු පහක් ගෙවිලා යයි.

:       110       35

පුරවැසියා Friday, 21 March 2025 10:17 PM

අසේල ඔයාලාටත් අයවැයනේ මුදල් වෙන් කරලා තියෙන්නේ...!

:       16       59

උකුස්සාSaturday, 22 March 2025 04:51 AM

කොමෙන්ට් එකට 5000 තවම ගෙවනවා වගේ...!

:       0       1

Jagath Leanage Friday, 21 March 2025 08:54 PM

අනුර ඇතුලු ජා.ජ.වේගයට ජයවේවා! මෙය සැබවින්ම ජනතාවාදි අය-වැයකි.

:       30       72

Sabhri Friday, 21 March 2025 09:30 PM

අසේලගේ කුහකකම පේනවා...

:       19       57

Gamini Friday, 21 March 2025 10:35 PM

පේනවනේ ටොම්පච අතඇරලා ජෙබයියෝ රැවැට්ටුවා කියලා දාන හිනාව...

:       46       23

චන්දරෙ Friday, 21 March 2025 10:43 PM

අද අන්දරේත් පාර්ලිමේන්තු ඇවිත් සභාවම හිනැස්සුවා...

:       49       24

ගමේ එකාලා Friday, 21 March 2025 10:55 PM

ඉස්සර හිටපු නායකයෝ ජනතාව රැවට්ටුවේ ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා.. අන්තිමට රටම හොරාකාලා කාබාසිනියා කරපු එකයි කෙරුවේ...

:       7       20

ජයනාත් Friday, 21 March 2025 11:10 PM

අසේලට මතක් කරලා දෙන්න ඕනෑ පඩියට දීමනා එල්ලන්නේ නැතුව බේසික් එක වැඩි කරපු එක, මූලික වැටුප් වැඩි කරපු එක, ඉන්ක්‍රිමන්ට් වැඩි කරපුවා, බදු සීමා ඉහළ දාපුවා, වාහන ගෙන්නපුවා... කුහකකම අතෑරලා බැලුවොත් හොඳයි.

:       1       1

යෝගා Saturday, 22 March 2025 05:40 AM

අයවැයක් කෙසේවෙතත් නයවැයක් නම් සම්මත කරගෙන තියෙනවා. පහුගිය මාස 6ට අරන් තියෙන ණය කන්ද අනුව හිතාගන්න පුළුවන් හොරාචාර්ය, දුරාචාර්ය, පොතේ ගුරු මාලිමා උගත්තු ටික රට හිරකරන්න යන ණය උගුල. ආදායම් හොයන්න මෙයාලාට තියෙන එකම මාර්ගය බදු විතරයි. කිව්වේ නම් කොහොමද?

:       1       1

Lalith Saturday, 22 March 2025 06:03 AM

මහ චේතිය පාර්ලිමේන්තුවට...

:       0       2

Roni Saturday, 22 March 2025 06:04 AM

පච බේරෙනවා.

:       0       2

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Saturday, 22 March 2025 07:47 AM

සමහරු විශ්‍රාම වැටුප් දෙක දෙක අරං තියෙන බව ඔබ කිව්වා. ඒ අය විතරක් නොවෙයි දකුණු පළාත් රාජ්‍ය ස්වා කමිෂන් සභාවේ හිටියා.. එවක ආණ්ඩුකාර වරයාගේ එකම උපදේශකත් සාමාජිකයෙක් විදියට එයා වැටුප් හතරක් ගත්තා මම තමයි විගණනයට ලිව්වේ. ඒ වගේම තව ඉන්නවා එකවිට වැටුප් තුන හතර ගන්නා අය. ඒ වගේම දීමනා ආදිය. ඉන්ධන සහ නිල වාහන දීමලා කියලා ලක්ෂ එකහමාරක් අරං තවත් වාහන දීමනා කියලා තවත් මුදල් ගත්තු අය ඉන්නවා දකුණු පළාතේ. මම තමයි විගණනයට ලිව්වේ. ඒවා ගැන තවමත් නිසි විගණනයක් නැහැ. අනික දකුණු පළාතේ මේ ආණ්ඩුකාරයා ඉන්න කම් කිසිම වෙනසක් වෙන්නෙත් නැහැ. දේශපාලන අධිකාරියටත් ඒවා සොයලා බලන්න ඕනෑකමක් නැහැ වගෙයි පෙනෙන්නේ. ක්ලින් ශ්‍රී ලංකා කිමට මෙව්ව කිසිවක් ක්ලීන් වෙලා නැහැ. මම කැඳවන්න ජනාධිපති ලේකම් කාර්යාලකයට මම එන්නම් ලිපිලේඛන ඔක්කොම අරංගෙන. අර කවුද කියලා තිබුණා වගේ දකුණේ ආණ්ඩුකාර කමට මෙයාට වඩා හොඳයි.. රමේෂ්, කාංචන, නාමල් හෝ චානක. මෙයා ඩබල් ගේම් කාරයෙක්. සත පහකට වැඩක් ඇති පුද්ගලයෙක් නොවෙයි...

:       1       6

Aslam Saturday, 22 March 2025 09:20 AM

මේ අයවැයෙන් සාමාන්‍ය බහුතර ජනතාවට කිසිඳු ප්‍රතිලාභයක් නැහැ. එසේ නම් ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. සියලුම රජයන් එකම දේ කළේ මහජනතාව රවටා ගැනීම පමණයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පහළ මධ්‍යම පාන්තික අහිංසක ජනතාව.

:       15       10

sbSaturday, 22 March 2025 03:03 PM

ඔබට එක්කෝ බුද්ධියක් නෑ. මේ අයවැය තේරුම් ගන්න. එක්කෝ හිතේ දුකට බොරු කියනවා. මේ අයවැය කාලෙකින් ආපු ඉතාමත් හොඳ අයවැයක්... කුහක නොවී ඒක පිළිගන්න.

:       3       2

Nandalal de Silva - France Saturday, 22 March 2025 04:29 PM

කවුරු කොහොම, මොනවා කිව්වත්, මාලිමා රජයේ මංගල අයවැය ඉතාම ඉහළින් "පාස්වෙලා" තියෙනවා!!! මේතරම් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වුණු අයවැයක් රටේ ඉතිහාසය තුළ තිබේද කියා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න... ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා සිය වගකීම මනාව ඉටු කරමින්, රජයේ සියළුම මන්ත්‍රී සංඛ්‍යාව වන 159 දෙනාම ඡන්දය දෙන අවස්ථාවෙහිදී සභා ගැබට ගෙන්වා ගැනීමට සමත් වුණා. එය ඔහු ලැබූ ජයග්‍රහණයක් බව පැහැදිලිවම පෙනෙනවා.

:       3       3

Che Saturday, 22 March 2025 07:16 PM

ජනපතිතුමනි, ඔබතුමාගෙන් ඔයිට වඩා පරිණත නායකත්වයක් අපි බලාපොරොත්තු වුනෙමු...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 457 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16935 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site