IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි

(සුජිත් හේවාජුලිගේ )

අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය.

අරගල අවස්ථාවේදී දේපල හානි වූ හිටපු මැති ඇමතිවරුන් 76 දෙනෙකුට නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණද නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණේ විසි හය දෙනකු පමණක් බවද ඔහු සඳහන් කළේය.

මේ අනුව ගිවිසුම් අත්සන් කර නොතිබූ ඉතිරි පනස් දෙනාට නිවාස ලබාදීම මෙසේ අත්හිටවූ බවද ඔහු සඳහන් කළේය.

එසේම කුණු කොල්ලෙට නිවාස ලබාගත් හිටපු නැති ඇමතිවරුන් 26 දෙනාගෙන් රජයට පාඩුව මුදල අය කර ගැනීමට හැකිදැයි කරුණු සොයා බලාගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙලෙස අඩුවට නිවාස ලබා ගැනීමෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 22 කට අධික බව නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසුවේ හිටපු මැති ඇමැතිවරුන් වෙනුවෙන් වියත් පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති හෙයින් එම කැබිනට් අනුමැතිය පිළිබඳව කිසියම් අධ්‍යයනයක් කරගෙන යන බවයි.

ඇතැම් මැති ඇමතිවරුන් දේපළ හානි වන්දි මුදල සහ වියත්පුර නිවාස යන දෙකම ලබාගෙන තිබූ බව ඔහු සඳහන් කළේය.

 



අදහස් (8)

හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි

Amda Tuesday, 11 March 2025 08:04 AM

අසල්වැසියන්ට පුළුවන් ගහලා එලවන්න...

:       0       0

RS Tuesday, 11 March 2025 08:09 AM

ජනාධිපති අරමුදලත් කෝටි ගණන් අරගෙන, නිවසත් අරගෙන ඇති මෙහෙම රට ඉතුරු වෙලා තියෙනවා.

:       0       0

කුකුල් චමින්ද Tuesday, 11 March 2025 08:17 AM

කෝ, බං මේ වසර 76 කට ආවඩන බත්කන මී ගව රංචුව? වන්දනාවේ වත් ගිහිල්ලාද, අද මෙතැන වැලලෙන්නේ නැත්තේ...? ළඟ පාතක හිටියා නම් බත්කටක් කවන්න තිබුණා.

:       1       0

janahitha Tuesday, 11 March 2025 08:34 AM

ඕවා විසඳන්න තමයි ආණ්ඩුවක් පත් කරේ. කරුණු සොය සොයා ඉන්න නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා. හිටපු ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකා අවලංගු කරන්න බැරි නම් ඔහෙලත් යන්න විකල්ප පියවර ජනතාව ගනීවි. දැන් ඉන්නේ ආණ්ඩුවේ විපක්ෂයේ නොවේ. ජවිපය තවදුරටත් රෙදි සෝදන යන්ත්‍රයක් නොවිය යුතුයි.

:       0       1

බකල ජයා Tuesday, 11 March 2025 09:22 AM

රට ගොඩනගන්න පුදුම මහන්සියක් වෙලා තියෙන්නේ! සුදුළූණු, පෝර, සීනි, වැට් බදු, මහබැංකු බැඳුම්කර දියුණු කරන ගමන්, මිනිස්සුන්ට එකමුතුවෙලා ඉන්න ගෑස්, තෙල් පෝලිම් හදලා සතුට උතුරන්න වැඩ කරලා තියෙනවා. එච්චර සේවයක් කරලත් ගිනිතිබ්බ එක තමයි හිතාගන්න බැරි...

:       1       0

Wasantha Herath Tuesday, 11 March 2025 09:31 AM

කැබිනට් අනුමැතියෙන් දීලා නම් කැබිනට් අනුමැතියක් මගින් ඒවා අහෝසි කරන්න පුළුවන්. බයිලා නැතිව දීපු ජනවරම ක්‍රියාත්මක කරන්න.

:       0       1

අමුඩයා Tuesday, 11 March 2025 11:28 AM

මොනවාද ඕචචර කියවන්නේ වැඩේ කරනවා මිසක්. කෝ හැමෝම කියවන එකමනේ වැඩේ . මෙතෙක් කල් කරපු මොනවා මගුලක් වත් නැහැ.තම තමන්ගෙ වියදම් කෑල්ල අඩුකර ගත්තට මදියි. ඇත්තටම මේ වන විට අඩුම ගානේ ඇමතිවරැ දහ පහලොක් දෙනෙක් වත් හිරේ යන්න ඕන. මැතිවරණයට කලින් කිව්ව විදියට නම්.

:       4       11

Geeth Meeella Tuesday, 11 March 2025 04:33 PM

කෝටි පහේ දහයේ පොඩි ගණන් වල වංචා නෙවෙයි, බිලියන ගණන් වලින් වෙලා තියෙන ඒවා බලන්න. ගෙයක් මිනිහෙක් ඉන්නනේ ගන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site